
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව රුපියල් කෝටි 4100 ක ඉන්ධන සහනාධාරයක් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ගත් නමුත් එවැනි සහනයක් ජනතාවට නම් ලැබී නැතැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය.
රටේ උද්ධමනය වේගයෙන් ඉහළ නගිමින් තිබෙන නමුත් ඊට ද විසඳුමක් රජයට නැතැයි මන්ත්‍රීවරයා කීය.
මුජිබුර් රහුමාන් මහතා මේ බව කීවේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.
‘‘රටේ උද්ධමනය වේගය සියයට 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර සඳහා වන උද්ධමනය සියයට 8.7 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජන හා සංඛ්‍යා ලේඛන වාර්තාව අනුව පහුගිය මාස කිහිපය තුළම ක්‍රමක් ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දළ උද්ධමනය වේගය සියයට 4.5 ක් පමණ වෙනවා. නමුත් පසුගිය මාස කිහිපය තුළ උද්ධමනය ඉහළ යාම පාලනය කර ගන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා යනුවෙන් ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd