දුරුතු  පෝය අදයි.  බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අදවන් වූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇතැයි ශාසන ඉතිහාසය සඳහන් කරයි.

බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිදු වූයේ අද වැනි දුරුතු පුර පසළොස්වක පොහෝ දිනකය. මහියංගනයට වැඩි උන්වහන්සේ යක්‍ෂයන් දමනය කළහ.

බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට අනුව කේශ ධාතූන් මිටක් ලබාදීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේ සිදු විය.

සුමන සමන් දෙවියන් එම කේෂධාතු තැන්පත්කර මහියංගන මහා සෑය ඉදිකළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම, බිම්බිසාර රජතුමා වේළුවනාරාමය බුදු සසුනට පූජා කිරීමත් සිදුවී ඇත්තේ දුරුතු පොහෝ දිනයක බව ද ශාසන ඉතිහාසයේ සඳහන් කරයි.