
(යොහාන් භාසුර)
ඉන්ධන සීමාකර ඇති තත්වය යටතේ මහජනතාව වැඩි ධාරිතාවකින් යුත් විශ්වාසනීය සහ පිරිවැය අඩු පොදු ප්‍රවාහන සේවය ලෙස දුම්රිය තෝරාගැනීම අනිවාර්ය බවත් එබැවින් ඉහළ යාහැකි මගී ඉල්ලුම සහ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා දුම්රිය සේවය කඩිනමින් පුළුල් කළයුතු බවත් දන්වමින් දුම්රිය ස්ථානාධිපති සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමුකර තිබේ.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා යොමුකර ඇති එම ලිපියේ දුම්රිය සේවය පුළුල් කර ශක්තිමත් කිරීමට ක්‍රියාමාර්ග 5 ක් ඇතුළත් කර ඇති අතර දුම්රිය ධාරිතාව වැඩි කිරීම සහ සේවා පුළුල් කිරීම, මගී ආකර්ශනය හා සේවා ගුණාත්මකභාවය වැඩි කිරීම, පාර්ක් ඇන්ඩ් රයිඩ් සහ ප්‍රවේශ පහසුකම් වැඩිකිරීම, ඉලක්කගත නාගරික ප්‍රවාහන සැළසුම් සහ මෙහෙයුම් සහ නඩත්තුව මෙම අංශ වේ.
ඒ අනුව කාර්යාල දුම්රිය සඳහා අමතර මැදිරි එක්කිරීම, තනි දුම්රිය ලෙස ධාවනය කරන කාර්යාල දුම්රියට තවත් දුම්රියක් එකතු කිරීම, වායු සමනය කළ මැදිරි සහිත කාර්යාල දුම්රිය ධාවනය, දුම්රිය ස්ථානවල පෞද්ගලික වාහන තවතා තැබීමේ පහසුකම් වැඩඩිකිරීම, දුම්ිය ස්ථානයට ළගාවීමට බස් රථ යෙදවීම දුම්රිය ස්ථානාධිපති සංගමය යෝජනා කර තිබේ.
මීරිගම, පාදුක්ක, පානදුර, කළුතර සහ මීගමුව වැනි ප්‍රදේශවල සිට කොළඹට අමතර දුම්රිය ධාවනය කිරීම සහ දුම්රිය එන්ජින්, මැදිරි සහ බලවේග කට්ටල කඩිනමින් අලුත්වැඩියා කර සේවයට යෙදවීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තව දුරටත් යෝජනා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd