IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

"දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන - 2025 " ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජාතික මට්ටමේ සංවර්ධන වැඩසටහනක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2025 අයවැයෙන් රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. එම වැඩසටහන යටතේ යටිතල පහසුකම් ඉහළ නැංවීම,දේශීය නිෂ්පාදන හැකියාවන් ප්‍රවර්ධනය,සේවා සැපයුම් යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම,

වෙළෙඳ සහ අලෙවිකරණ පහසුකම් වැඩිදියුණු කිරීම,ආයතනික ධාරිතා ශක්තිමත් කිරීම,යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

 දරිද්‍රතාව හඳුනා ගැනීම සඳහා භාවිත කරනු ලබන ගෝලීය දර්ශකයක් වන බහුමාන දරිද්‍රතා දර්ශකය ඇසුරින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් දරිද්‍රතා මට්ටම පාදක කර ගනිමින්, දිස්ත්‍රික් සංවර්ධන වැඩ සටහන - 2025 ක්‍රියාත්මක කිරීම සඳහා 2025 අයවැය මඟින් සලසා ඇති ප්‍රතිපාදන එක් එක් දිස්ත්‍රික්කය වෙත වෙන් කර දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 717 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site