IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


දින 19යි දේශබන්දු ආගිය අතක් නෑ

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය)

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සොයා ගැනීම සදහා රහස් පොලිස් විශේෂ කණ්ඩායමක් 15 ක් මේ වනවිට යොදා ඇති බව ඉහළ පෙළේ ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

දේශබන්දු තෙන්නකොන් මහතා අධිකරණය මගහරිමින් සැගවී මේ වනවිට දින 19 ක් ගෙවී ඇත.

කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකොන් මහතා රැදී සිටින බවට සැකකෙරෙන විවිධ ස්ථාන රාශියක් පිළිබදව සෝදිසි මෙහෙයුම් සිදුකර ඇති අතර දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතීඥයන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම  අභියාචනාධිකරණය මගින් ඉවත දමා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට කළ නියෝග මත රහස් පොලිස් විමර්ශන කණ්ඩායම් වැඩිකර ඇති බව පැවැසේ.

රහස් පොලිස් නිලධාරීන් නිවාස සංකීර්ණ ආශිතව සිදුකරනු ලබන සෝදිසි කිරීම්වලදී පොලිසිය දැඩි අපහසුතාවට පත් වන අතර එම නිවාස සංකීර්ණවල පවතින අන්තර් ආරක්ෂක ක්‍රියා පිළිවෙත හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී අර්බුද රැසකට මුහුණදෙන බවද එම ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (5)

දින 19යි දේශබන්දු ආගිය අතක් නෑ

Chathuri Wednesday, 19 March 2025 05:39 AM

හිගන්නෙක් වගේ වෙස් වලාගන. ඥානා අක්කා ගෙ දේවාලෙද දන්නෙ නැහැ. ඔයවගෙ බය ගුල්ලෝ. සේරම පිහිට පැතුවේ එයාගෙන් නේ

:       3       1

පියල්ර ව්රසිංහ Wednesday, 19 March 2025 06:40 AM

නීතියට අවනත නැති පොලිස්පති කෙනෙක් ඉන්න රටක සාමාන්‍ය සිවිල් වසියන් ගන මොන කාතා ද?

:       1       1

ජයනාත් Wednesday, 19 March 2025 07:00 AM

බටලන්දත් නෑ.. ඇයිද දන්නෑ ..

:       2       1

ඥානක්කා Wednesday, 19 March 2025 07:33 AM

සෙව්වන්දි සහ දේශබන්දු ගාගෙන ඉන්න, දාහක් මැද හිටියත් අනුන්ට නොපෙනී සිටීමට හැකියාව ලැබෙන මහා තෛලරාජයා, ලක්ෂවාරයක් ජීවම් කරන ලද "සර්වජන අන්තර්ධාන තෛලය" පහසු මිලට ලබා ගැනීමට විමසන්න. ඥානා මෑණියෝ - අනුරාධපුර

:       0       5

Tiran Wednesday, 19 March 2025 08:31 AM

ජීවත් වන හෝ මැරුණ ඔහු අල්ලා ගැනීමට ත්‍රිවිධ හමුදාව යෙදවීමට කාලයයි!!! ක්‍රියාව දිග්ගැස්සීම මුළු ජාතියටම නිගාවක්!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 1713 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 183 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 172 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site