(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

දැදුරුඔය ඉහළ ජලධාරා ප්‍රදේශවලට  පැවැති වැසි තත්වය හේතුවෙන් ජල මට්ටම ඉහළ යෑමත් සමග එහි  වාන්දොරටු  හතරක් අඩි තුන බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු කාර්‍යාලය පවසයි.

දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝණ අඩි 8400 ක ජල ධාරිතාවයක් මුදාහැරේ.

මේ හේතුවෙන් දැදුරුඔය පහළ ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පැවසීය.