ඕමානයේදී හාම්පුතා අතින් අතවරයට පත්ව ඕමාන තානාපති කාර්යාලය බාරයේ ඇති සුරක්ෂා නිවසේ රඳවා සිටියදී ගබ්සාවක් සිදුකළ බව කියන අම්පාර ප්‍රදේශයේ කාන්තාව සෙනසුරාදා අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් හිස් අතින් දිවයිනට ගෙන එනු ලැබීය.
ගුවන්තොටුපොළේ දී විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන්ගේ භාරයට ගත් එම කාන්තාව කටුනායක පිහිටි සහන පියසට ගෙන එනු ලැබුවාය. සවස තුන පමණ තෙක් ඇය එහි රඳවාගෙන සිටි අතර දවල් 12ට පමණ ඇගේ සැමියා ඇය භාර ගැනීමට සහන පියසට ආවේය.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතාගෙන් සැමියා විමසුවේ තම බිරිය අලුයම දිවයිනට ගෙනවිත් තමාට 12 ට එන ලෙස දැන්වූයේ ඇයිද යන්නයි. බොහෝ වේලාවක් ඇය එහි රදවා තබා ගැනීම ගැන සක මතුවන බව ද ඔහු කීවේය.
එම කාන්තාව සැමියා භාරයට පත් කරනවාදැයි එහිදී මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අතර රන්දෙනියට මහතා ඊට පිළිතුරු දෙනවා වෙනුවට ‘ඇයි කවුරු හරි කිව්වද දෙන්නේ නෑ කියලා? ඇයි කවුරු හරි කිව්වද? ‘කියමින් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නගන්නට විය.
කෙසේ වෙතත් මාධ්‍යවේදීන් එතැනින් පිටව යන තෙක් කාන්තාව භාර නුදුන් අතර පස්වරු පහට පමණ කාන්තාව සැමියා සමග සහන පියසෙන් පිටව ගියහ.
විදේශසේවා නියුක්ති කාර්යංශ නිලධාරීන්ගේ රැකවරණයෙන් මිදුනු එම කාන්තාව සිය සැමියා සමග සිටිමින් ලංකාදීපයට මෙසේ පැවසුවාය.
‘මම රට යන්න තීරණය කළේ මගේ මහත්තයට අසනීප නිසා. ඔහුගේ එක අතක් කැඩිලා. ඔහුගේ මව සමග මම පේරාදෙණියේ පිහිටි විදේශ රැකියා නියෝජිතායතනයකට ගියා. එහිදී ඔවුන් කීවේ අප දෙදෙනාව එකම නිවසකට දමන බවයි.
අපි පසුගිය ජනවාරි 13 වෙනි දා ඕමානයට ආවා. ඕමාන් ගුවන් තොටුපොළේදී හාම්පුතා ඇවිත් මාව ඔහුගේ ගෙදරට රැගෙන ගියා. එහි හාම්පුතාගේ බිරිඳ හිටියේ නැහැ. ඔහුගේ මව, නැගනිය සහ දරුවන් හය දෙනෙකු සිටියා. මම දිගටම එහි වැඩකරගෙන හිටියා. මා එහි සිටිද්දී හාම්පුතාගේ අමුතු හැසිරීම දුටුවා. මා මගේ සැමියාට මේ පිළිබඳව කීවා. ගෙදර හාම්පුතාගෙන් කරදර බව ලංකාවේ එජන්සියට ගොස් කියන ලෙස ඔහුට කීවා. නමුත් ඒජන්සියෙන් මා වෙනුවෙන් කිසිම පියවරක් ගෙන නොතිබු නිසා මා එහි දිගටම වැඩ කළා. එක් දිනක් මහ රෑ මා හාම්පුතාගෙන් අතවරයට ලක් වුවා. එදා මාර්තු 31 දා. මා නිදියන කාමරයේ දොරක් තිබුණේ නැහැ. නිදාගැනීමට මෙට්ටයක් පමණයි තිබුණේ.
එදා රාත්‍රියේ දොළහට පමණ ඔහු කාමරයට පැමිණ මගේ ඛෙල්ලෙන් අල්ලා මා මෙට්ටය උඩට පෙරලූවා. ඔහු මගේ ගවුම ඉරා දැමුවා. එවිට මම බේරෙන්න ඔහුගේ අත සපා කෑවා. ඔහුගේ අතේ මා හැපු සලකුණ ඇති. පසුව ඔහු මා අතවරයට ලක් කළා. ඔහුගේ නියපොතු පහරවල් පවා මගේ ශරීරයේ තිබුණා.
එදින ගෙදර සිටියේ ඔහුගේ මව පමණයි. පසුව ඔහුගේ නැගනියට මට සිදු වු අතවරය ගැන කීවා. ඇය එය ගනන් ගත්තේ නැහැ. පසුව මම ඇගේ දුරකතනය හොරෙන් අරගෙන මහත්තයට ඇමතුමක් ගන්න ගියා. ඇය ඇවිත් මාව තල්ලූකරලා දුරකතනය උදුරා ගත්තා. මම කීවා මට සිදු වු අතවරය ගැන ගෙදරට කියන්න ඇමතුමක් අරන් දෙන්න කියා. ඇය ඉන්පසු ගෙදරට දුරකතන ඇමතුමක් අරන් දුන්නා. මම මහත්තයට කිව්වා ඉක්මනින් මාව වෙනතැනකට දාන්න කියලා. ඉන්පසු මගේ මහත්තයා ලංකාවේ ඒජන්සියට ගොස් ඒ නිවසේ කරදර ඇති බව කියා තිබුනා.
ඉන්පසු ගෙදර අය මාව පහුවදාම ඕමාන් ඒජන්සියට ගෙනත් දැම්මා. එතනට ආ ගමන් මා ඒජන්සියේ බාබාට මේ සිද්ධිය කීවා. හාම්පුතා අතින් වු නියපොතු පහරවල් පවා මා ඔවුන්ට පෙන්වුවා. නමුත් ඔවුන් ඒ දේවල් ගනණකට ගත්තේ නැහැ. එහි මාසයක් හිටියා. මේ වන විට මට මාසික ඔසප් වීම නතර වී තිබුණා. කලන්තය,වමනය වැනි දේ මට ඇතිවෙන්න ගත්තා. මා ඔවුන්ට කීවා මට ඔසප් වීම සිදුවුණේ නැහැ ළමයෙක් ලැඛෙන්න දැයි සැක බව. මට එහිදී වමනයද ගියා. ඒජන්සියේ බාබා දන්නවා මට දරුවෙක් ලැබෙන්න හිටි බව.
මගේ මහත්තයගේ අම්මත් ඒජන්සියේ හිටියා. මම ඇයට මේ බවක් කීවේ නැහැ. මට ලංකාවේ අක්කා කෙනෙක් කීවා ඔයා නැන්දම්මට මේවා කියන්න එපා. ඔයා ගෙදර ගියහම පවුලේ ප්‍රශ්න ඇතිවෙයි කියා. ඒ නිසයි මා ඇයට නොකීවේ.
ලංකාවේ තානාපති කාර්යාලයේ නිලධාරිනියක් මට කතා කර කිව්වා ඕවා සාමාන්‍ය දේවල් ඕක ගනන් ගන්න එපා කියා. ඔයා වැඩ කරන්න කැමති නම් අපි ඔයාව වෙන ගෙදරකට දාන්නම් කීවා. මම කීවා මේ වගේ දෙයක් වෙලා මම කොහොමද වැඩකරන්නේ මට බැහැ කියා. ඔවුන් උත්සහ කළේ සේරම වහගෙන මාව වෙන ගෙදරකට වැඩට දාන්නයි.
ඒජන්සියේ කට්ටිය තානාපති කාර්යාලයේ මිස්ලා එක්ක නිතර කතා බහ කරනවා. ඒ අය හොඳ මිතුරන්.
ඔය අතරෙදි පසුගිය අප්‍රියෙල් 29 වෙනිදා මාව තානාපති කාර්යාලයට ගෙනත් ඇරලූවා.
ඒ වෙනකොට මට වමනය, කලන්තය, කැරකවිල්ල තිබුණා. මාස දෙකකින් මට ඔසප් වීම් සිදුවී තිබුණේ නැහැ.
මම මේ ගැන ලොකු මිස්ට කිව්වා. ලොකු මිස් ඇහැව්වා මොනවද කන්නා ආසා කියා. මම ලොකු මිස්ට කිව්වා මට අඹ කන්න ආසා බව. ඇය කිව්වා තව කන්න ආසා දේවල් තියෙනවා නම් මට කියන්න කියලා. ඇය ඉන්පසු මට අඹ කපා දුන්නා. මේ හැම දේවල් ගැනම ඔවුන් රහසින් කතා වෙනවා මම දැක්කා. මට ඇය ගැන ලොකු සැකයක් තිබුණා.
මේ මොනවා කළත් ඔවුන් මාව රැගෙන ගොස් පොලිසියකට හෝ පැමිණිලි කළේ නැහැ.
එයාලා මාව රෝහලකට රැගෙන ගෙන ගියා. එහිදී මගේ මුත්‍රා සහ රුදිරය ගත්තා. තානාපති කාර්යාලයේ මිස්ලා කිව්වා බබෙක් නැහැ කියා. ඒත් මට දිගටම ඔක්කාරය වගේ දේවල් තිබුනා. මම නැවත නැවතත් ඔවුන්ට කීවා. පසුව දෙවැනි වතාවටත් මා රෝහලට රැගෙන ගියා. එහිදී වෛද්‍යවරියකට මාව යොමු කළා. ඇය මට බොන්න ඛෙහෙත් පැකට් දෙකක් දුන්නා. එහි වර්ග දෙකක බෙහෙත් පෙති තිබුණා. එකක් සුදු පාටයි. අනික දුඹුරු පැහැයට හුරුයි. එදා මා සමග තවත් සුරක්ෂා නිවසේ සිටි කාන්තාවක් ඛෙහෙත් ගන්න ගියා. ඇගේ ෆයිල් එකේ තිබුන කොළ වගයක් මගේ ෆයිල් එකට දැම්මා. මට රෝහලේදී ගොඩක් අමාරු වුනා. කලන්තේ හැදිලා රෝද පුටුවක හිටියේ.
මම සුරක්ෂා නිවසට ඇවිත් ඒ බෙහෙත් පෙති දෙකක් බිව්වා. ඒවා බිව්වට පස්සේ පැය බාගයකට පස්සේ මට ලේ කැට කැට යන්න ගත්තා. මට ගොඩක් අමාරු වුණා. ලොකු මිස් සහ සුරක්ෂා නිවසේ පාලිකාව පොඩි මිස් මගේ ලේ යන ඒවා පරික්ෂා කලා. මම දැනගත්තා මගේ බඩේ හිටිය බබාව නැතිවන්නට ඛෙහෙත් දී ඇති බව.
මට ගොඩක් අමාරු උනා. මට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. එහි සිටි මිස්ලා මට තර්ජනය කළා මේ බවක් කාටවත් කියන්න එපා කියා. මාව මරණවා කිව්වා. ඔවුන්ගේ තර්ජන ගර්ජන මැද මා එහි නිහඩව හිටියා. එහි නිලධාරීන් හැදුවේ මේ දේවල් වසන් කරලා මාව වෙනත් ගෙදරකට වැඩට දාන්නයි.
ඒත් මොනවා කරන්නද මම එහි තනිවෙලා. සුරක්ෂා නිවසේ සිටි අනිත් ළමයිට මම ලේ යනවා පෙන්නුවා. ඒ අය දන්නවා මේ සේරම දේවල් ගැන. හැම තිස්සේම අපිට මොන කරදර ආවත් මේ නිලධාරීන් ගන්නේ අරාබි මිනිහගේ පැත්ත.
මට කියලා බලෙන් ලිපි ලියවා ගත්තා. මට කිව්වා මගේ බඩේ ඉන්න දරුවා නැති කලේ නැති බවත් කිසිම ඛෙහෙතක් බොන්න දුන්නේ නැති බවත් ලියන්න කිව්වා. මේ බව කිව්වොත් කවදාවත් ලංකාවට යන්න දෙන්නේ නැති බවත් කිව්වා.
මම දවසක් ලොකු මිස්ගෙන් ඇහුවා මට ලංකාවට යන්න පුලූවන්ද කියා. අද යවනවා හෙට යවනවා කියා බොරු දේවල් කියනවා. ලංකාවට ගියත් මේ දේවල් කියා තිබ්බොත් මරණවා කියා පොඩි මිස් තර්ජනය කළා. ඉතින් මට ඔවුන් කියන කියන දේ කියන්නයි, ලියා දෙන්න යි සිදුවුනා.
සුරක්ෂා නිවසේ නිලධාරීන් හා ඒජන්සිය අතර මුදල් ගනු දෙනු සිදු වුනා. ඒජන්සියේ අය නිතර තානාපති කාර්යාලයට ආවා. ඔවුන් සමග සම්බන්ධතා මේ අය පැවැත්වුවා. හැම විටම ඔවුන් මොන වරද කළත් ගන්නේ ඒජන්සියේ පැත්ත.
මට වුන දේවල් අඩුම තරමේ මහත්තයට වත් කියා ගන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. මට දුරකතන ඇමතුම් එන විට ස්පීකර් දාලා කතා කරන්න කියනවා. අනවශ්‍ය දේ කීවොත් මරණවා කීවා.
දවසක් තානාපති තුමා මා කැඳවා ප්‍රශ්න කලා. ඒත් මට ඇත්ත කියන්න බයයි. ඒ නිසා මා අතවරයට පත් වු බව කීවා. පසුව තානාපති තුමා මැදිහත්ව මාව පොලිසියට අරගෙන ගොස් පැමිණිල්ලක් දැම්මා.
දවසක් තානාපතිතුමා මාව වෛද්‍ය පරික්ෂණයකට අරගෙන යන්න නිලධාරිනියක් එව්වා. එදා මගේ ගුවන් ගමන් බලපත්‍රය එක්ක වෙන කාන්තාවක් යවා තිබුනා. එසේ කර තිබුනේ සිතා මතා කියා මා සිතනවා.
තානාපතිතුමා හොඳ කෙනෙක්. ඔහුට කතා කරන්න අපට අවස්ථාවක් ලැඛෙන්නේ නැහැ. මේ සේරම දේවල් ඔහුට හොරෙන් තමයි සුරක්ෂා නිවසේ අය කරන්නේ. මම දන්නවා මගේ ප්‍රශ්නෙට සාධාරණය ඉෂ්ට කරන්න ගිහින් තමයි තානාපති තුමාට ගෙදර එන්න වුණෙත්.
මීට ටික දවසකට කලින් ලංකාවේ පොලිසියේ නෝනා කෙනෙක් ඇතුළු නෝනලා දෙන්නෙක් ආවා. තව මහත්තයෙකුත් ආවා. ඔවුන් කීවා සියළු දේ කියන්න කියා. මා අතවරය සිදු බව කීවා. ලොකු මිස්ටයි, පොඩි මිස්ටයි තියෙන බයට මම ගබ්සා සිද්ධිය කිව්වේ නැහැ. නමුත් ඔවුන් ඉදිරියේ මගෙන් ලියුමක් ගත්තා මා දැමු පැමිණිලි ඉල්ලා අස්කරගන්න බවට. අතවරයක් නොවු බවට. මා අසරණ වී සිටි නිසා සියලූ දේ ලියා අත්සන් කළා.
මට කරන්න දෙයක් නැති නිසා මම දෙන දෙන ලියමුට අත්සන් කළා. කියන කියන විදියට ලිව්වා. මට තේරුනා පොලිසියේ දාලා තියෙන පැමිණිල්ල අස්කරගන්නයි මේ ලියුම් ලියවාගන්නේ කියා.
මාව ලංකාවට එවන දිනය ගෙදරට කියන්න එපා කිව්වා. මහත්තයටවත් කියන්න එපා කිව්වා. කෙලින්ම සහන පියසට යන්න කිව්වා.
ඒ විදියට තමයි මේ සේරම දේවල් වුනේ. සුරක්ෂා නිවසේ අයට ඕන වුනේ මාව බය කරලා මේ සියළු දේ වසන් කර මාව වෙනත් ගෙදරකට දාන්නයි. මේවා එළි කළ නිසා මගේ ජීවිතයට දැන් තර්ජනයක් එල්ල වී තිබෙනවා.
ජනාධිපතිතුමනි මම වගේ තවත් අය මේ වගේ අසරණ වෙනවා. මගේ මහත්තයගේ ජීවිතයටත් තර්ජන තියෙනවා. මේ පිළිබඳව ඔබ තුමාගේ අවධානය යොමු කොට වැරදි කරුවන්ට දඩුවම් ලබා දී මට සාදාරණය ඉෂ්ඨ කර දෙන මෙන් ඉල්ලා සිටිනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද දැන් මේවට වගකියන්නේ? (නි)
අහිංසක මිනිසුන් වෙනුවෙන් කවුරුත් නැහැ මේ රටවල. (නි)
විදේශ සේවා නිලධාරීන් මොකද කරන්නේ? (නි)
මෙහෙමත් වින්නැහියක් (දී)
බලමු අන්තිමට මොකද වෙන්නේ කියලා (නි)
පිටරට ශ්‍රමිකයන් ගැන රූපවාහිනී නාලිකා වල නම් ගජ වර්ණනා. ඒ වුණාට මොනවද මේ වෙන්නේ? "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" (නි)
මේ කාන්තාවන් යවන්න එපා කියන අය දැනගන්න ඕනෑ දේශපාලකයින් රජ සැප විඳින්නේ ඒ අය මේ රටට එවන් විනිමය නිසා කියලා. ඉතින් කොහොමද දෙයියනේ මේක නවත්වන්නේ? (නි)
ඔයා හරි පිටිගල., අර කියමනක් තියෙන්නේ "කට වසාගෙන සිටිනතාක් මෝඩයාද නුවණැත්තෙකි" කියලා. මට මතක් වෙන්නේම ඒක.(නි)
පැස්බරා න්‍යාය කියලා එකක් තියෙනවා. පැස්බරා හිතන්නේ දුවලා ගිහින් මූහුණ හංගාගත්තම උෟව කාටවත් පෙනෙන්නේ නැහැ කියලා.ප්‍රසිද්ධියේ කෙස් පැලෙන තර්ක හා වැදි බණ කියන අයටත් ඕකම තමයි කියන්න තියෙන්නේ. (නි)
අපෙන් රුපියල් 11800ක් ගසා කනකොට කියන්නේ මේක රක්ෂණයක්.අතරමන් වෙලා එනකොට වන්දි ගෙවන්නයි අය කරන්නේ කියල.බැරි වෙලාවත් අසරණ වෙලා නැවත ලංකාවට එන්න සිද්ද වුනොත් අඩුම වසයෙන් බස් එකේ ගෙදර යන්න මුදල් ලැබුනොත් පුදුමයක්. (ස)
සුරක්ෂා නිවස? කරුණාකර ඉක්මනට නම වෙනස් කරන්න "අනාරක්ෂා" නිවස කියල. (ස)
දුප්පත්කමින් මිදෙන්න අපේ කාන්තාවන් මැදපෙරදිග ගිහින් අසරණ වෙනවා. (නි)
ගෙදර හාම්පුතා කියනදේ කරන්න පුළුවන් නම් විතරක් වහල් සේවයට එන්න. ආවට පස්සේ චරු චුරු ගාල වැඩක් නැහැ, එන්න කලින් හිතන්න. දැන් මොනතරම් කිව්වද?එන්න එපා කියලා.වැඩේ හොඳින් කෙරෙනවා නම් සුරක්ෂා, වැඩේ වරදුනානම් මොකුත් නැහැ කව්රුත් නැහැ.ඔය ගුවන් තොටුපොළේ හැංගිලා අපෙන් සල්ලි උදුරා ගන්නේ ඒ අයගේ පඩි ගෙවන්න. දැන් අවුරුදු 15 ක් සල්ලි ගෙවා ගෙවා එනවා යනවා. අපට නම් ලැබුන කැකිරි ගෙඩියක් නැහැ,ශිෂ්‍යත්ව දෙනවලු, රට විරුවොලු, මොනවා හරි වෙලා බලන්න ඕන රට විරුවන්ට යන කල.ඇමතිවරුන්ට ඕවා පෙන්නේ නැහැ. ඒ ගොල්ලටත් ඕන ඩොලර් විතරයි. (ස)
කොන්ද පන නැති ලොක්කන්ට මේව කියල වැඩක් නැහැ. (ස)
ඇයි දිල්ෂාන් දැක්කේ නැද්ද විදේශ සේවා නිලධාරීන් මොකද කරන්නේ කියලා විඩියෝ එකෙන්. කිසිම දෙයක් වෙලා නැහැ කියන්නේ. තව මොනවද ඉතිං?(දී)
කවුද ලොකු පොරවල් දෙකක් ඊයේ පෙරේදා මේ කාන්තාව ගැබ් ගත්තේවත් නැහැ ගබ්සාවක් කලෙත් නැහැ කියලා මාධ්‍යවේදීන්ට ගොරවලා පුප්පලා මහා ලොකු මාධ්‍ය සංදර්ශනයක් තිබ්බ නේද? කෝ ඒ ලොක්කෝ දෙන්න කොහේ ගියාද? (ස)
මැදපෙරදිග යන හැමෝටම මෙහෙම වෙන්නේ නැහැ. ඒ අයගෙ හම යනවා, වෙන වෙන අයගෙ නම යනවා. මෙහෙම වෙන අතළොස්සකගෙ දුක බලන්න තියෙන කාර්යාංශ ඒවා හරිහැටි නොබලා දුප්පත් අහිංසකයා වෙනුවෙන් පෙනීසිටින්නෙ නැහැ කියලයි අපිට නම් පෙනෙන්නේ. (නි)
අනේ කමල්-ඔයාට රුපියල් 2500/- සමග ගල් බෝතලයක් දුන්නහම මේ සියල්ලම අමතකයි (දී)
කෝ මේ කාන්තා සංවිධාන (දී)
වැරදි කරුවන්ට කොහොම වුනත්, ඕව කියල එයාලගේ අවශ්‍ය දේ නැති වෙනවට ඔයාට දඩුවම් දෙන්නත් බැරි නෑ. (දී)
අපේ කාන්තාවන් දැන්වත් වහල් සේවයට යාම නැවැත්විය යුතුයි. ලක් කුල කාන්තාවනි, මොවුන්ගේ රන්කහවනු වලට තවත් මුලා වී ඔබේ ආත්මගරුත්වය පාවා දෙන්නේ ඇයි? අරාබි ගෙවල් වල බැලමෙහෙවර කිරීමට නොයා වෙනත් විකල්පයක් අප දැන්වත් සොයා ගත යුතුය(දී)
තානාපති කාර්යාලයේ ඉන්න අයට ඔය වගේ දෙයක් වුණොත් ඔවුන්ට දැනේවි අනිත් කාන්තාවන්ට කොච්චර වේදනාවක් තියෙනවද කියලා. පන කෙන්ද බේරාගෙන ලංකාවට ආ එකත් ලොකු දෙයක් (නි)
මිනිස්සුන්ව පිටරැටියන්ට විකුණලා සල්ලි හම්බ කරනවට වඩා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා වගකිව යුතු අදාල ආයතන හා නිලදාරීන් අ අහිංසක මිනිස්සුන්ට කුමක් හෝ අසාදාරනයක් සිද්ද උනොත් ඒ මිනිසුන්ට සාධාරණය ඉටු නොකර මෙවැනි ආකාරයෙන් කටුතු කිරීම ගැන ජාතියක් විදිහට අපි ලජ්ජා වෙන්න ඕන. (ස)
පසුගිය දිනවල මාධ්‍ය සංදර්ශන තැබූවන් වහාම තනතුරු වලින් ඉවත් කර මේ කාන්තාවට සාධාරණය ඉටුකරනතෙක් අපි බලාසිටිනවා. (නි)
තානාපති කාර්යාල වල ඉන්න අය ගැන හිතාගන්න අමාරුයි (නි)
මිනිස්සුන්ට දුක් දෙනවා (දී)
අපි දන්නේ නැද්ද අපේ තානාපති අංශයේ නිලධාරීන් ලංකාවේ මිනිස්සුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින හැටි?මේ නිලධාරීන් සේරම ඩිනාර් වලට දෙකට නැවෙනවා...(දී)
දැන් බලාගෙන ගියාම වෙලා තියෙන්නේ මේ කාන්තාව අතින් තානාපති කාර්යාලේ කට්ටිය අතවරයට ලක්වෙලා, මාධ්‍ය වේදියෝ අතින් අර මහත්තුරු දෙන්නා අතවරයට ලක්වෙලා. (ස)
කාන්තා සංවිධාන වහාම මේ ගැන ඉදිරිපත් වී තොරතුරු සොයාබැලිය යුතුයි. ඇගේ කතාව බොරුවක් කියලා අපට හිතන්න අමාරුයි. පිටිගල සඳහන් කරන ඝෝෂාව දාපු ලොක්කන්ගේ කතාව අපිට සැකයි. මේකට වගකිවයුත්තන් කවුද දන්නෙ නැහැ! (නි)
තුමාගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන එක නිකන් මිරිඟුවක් තමයි. මේ රටේ සිදුවෙන මෙවෙනි දුෂණයන්, තුරන් කල යුතුමයි. (ස)
අසරණ උන සියලු දෙනාට සාධාරණය ඉටු කිරීමට තව කාලයක් ගතවනවා. ඒ ගැන නොසිතා ඔබ නොමැරී තවමත් ජීවත් වෙන එක ගැන පමණක් සිතා සතුටු වෙන්න . ඕමානයේ අය සෞදියේ අයට වඩා හොඳයි. (ස)
මේවාට අපිත් වග කියන්න ඕනේ (දී)
දුප්පත් මිනිස්සු විහින් අමාරුවෙ වැටෙනවා.(දී)
මේවා අහල පුදුම වෙන්න දෙයක් නැහැ. ලෝකේ කොහේ හිටියත් මේ ශ්‍රී ලාංකිකයන්ගේ වැඩ. පන ගියත් තමන්ගේ ජාතිය ගැන හිතනවනේ. ආඩම්බර නේ ? (ස)
තුන්තරා බෝධි රටවටේ හදාගෙන ගියාට වෙඩක් නෙහෙ ...මේ වගේ අහිංසකයන් දුෂණයන්ට ලක්කරලා ඔවුන්ගේ රීරි මාන්ස හුරගෙන කන අය ඉන්නකන්. (දී)
මේකයි ඇත්ත තත්වය (දී)
ආඩම්බර වෙන්න. මේ ශ්‍රී ලාංකිකයන්ගේ වැඩ. (ස)
අත අරින්න එපා සාධාරණය වෙනුවෙන් සටන් කරන්න ඕනේ (දී)
අඹ දුන්නනම් වැඩේ හරියටම හරි නේ (දී)
අර ඕමාන් වලදී මෙම කාන්තාව දුෂණය කළ පුද්ගලයාට වඩා මෙම පුද්ගලයින් ගැන මට ඇතිවන්නේ පිළිකුළක් (නි)
අහිංසක මිනිස්සු රජවෙන්න රට යනවා නෙමෙයි. ටිකක් ඔලුව උස්සන්න රටකට යන්නේ. අනේ ඇත්තට! එහෙම මිනිසුන්ට මේ කරන දේවල්? සමහර අරාබීන්ගේ හිතක් පපුවක් නැහැ. ඔය ලොකු මිස්ගෙයි, පොඩි මිස්ගෙයි තොරතුරු ටිකක් හොයලා දාන්න කියලා මම මේ මාධ්‍ය වලින් ඉල්ලනවා. සහෝදරිය, ඔබගේ අසාධාරණයට සාධාරණයක් ඉටුවේවායි ප්‍රාර්ථනා කරනවා. මොනවා කරන්නද? මේක තමා අපේ අවාසනාව. (නි)
දැන් අපිත් ලංකාවට ගියාම ගුවන් තොටුපළේ තියාගෙන ඉන්නවද ගෙදර අය බාරගන්න එනකම්? මේක මේ ගැහැණු කෙනාගේ මානව අයිතිවාසිකම් කඩවීමක්. (නි)
පවු මේ අසරණ කාන්තාව! (නි)
මේකත් තවත් එක ප්‍රවෘත්තියක් පමණක් වේවිද? (නි)
විදේශ සේවා නිලධාරීන් ගන්නා වැටුපයි වත්කමුයි බලපුවම වෙනසක් තියෙනවා නම් අල්ලන්න ... දුෂණය. මේ කාන්තාව ගැබ් ගත්තේවත් නැහැ ගබ්සාවක් කලෙත් නැහැ කියලා නිදහස් මාධ්‍යවේදීන්ට, දුෂිත නිලධාරීන් බුරන්නේ ඒකයි. ඔය බුරන්නේ සල්ලි. (දී)
පිටිගල හරි. කියන්න වචන නැහැ. (නි)
තානාපති කාර්යාල වල පත්වීම් අරන් යන්නේ දේශපාලන හෙන් චයියෝ. තමන් කරන වැරදි වහන්න බලයක් ඒ අයට තියෙනවා . (දී)
කොච්චර අතවර වුනත්,පීඩාකාරී දේ වුනත් ඕවා ජනාධිපතිටවත්,කාටවත් කියල වැඩක් නෑ.මොකද අපේ රටේ ලොක්කෝ විනෝදවෙන්නේ වැඩිපුරම මේ වගේ අය පිටරට ගිහින් හම්බකරන මුදලින්.ඕවා අපිට අහද්දී දුක හිතිලා මේවා නවත්තන්න ඕන කියලා හිතුවට අපේ පාලකයන්ට ඕවා ගානක් වත් නෑ.ඒ නිසයි ඕවා හැමදාම අපේ රටේ ගැටළු ලෙස විතරක් තියෙන්නේ. (ස)
අර ඔය දේ සාමාන්‍ය දෙයක් කියපු තානාධිපති කාර්යාලයේ නිලධාරිනියට මේවා සාමාන්‍ය දේවල් වෙන්න ඇති (නි)
ලංකාවේ කාන්තාවන් පිටරට යවන එක නවත්වන්න ඕනෑ. විශේෂයෙන්ම මේ තුලින් පවුල් සංස්ථාව කඩාවැටෙනවා. දරුවන් නොමඟට යනවා. රටේ අනාගතයට මේ දේ බලපානවා. (නි)
රටකට ගිය කලක්.(දී)
තානාපති කාර්යාලය ගැන තියෙන ප්‍රසාදය 0යි
සියලු බලධරයින්ගේ අවධානය මේ සිදුවීමට ලැබේවා (දී)
ඉස්සර අපි විදෙස සේවා එකට කප්පම රුපියල් 3200 ක් ගෙවල ආවේ.එකත් රුපියල් 11,800ක් කරලා මාස තුනක් ගෙවන්න ප්‍රමාද කලා කියල.මම පුදුම වෙන්නේ මේවා ගසා කන අයට නොගහන හෙනෙන් ඇති වැඩේ මොකක්ද කියල? (දී)
අපේ කාන්තාවන් දැන්වත් වහල් සේවයට යාම නැවැත්විය යුතුයි.(දී)
පව් ඒ කාන්තාව (දී)
රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් තානාපති කාර්යාල වල වැඩ කරන අයගේ දරුවනත් හොදක් වෙයිද (දී)
විදේශ සේවා නිලධාරීන් කියල කියන්නේ රජයට කඩේ ගිය අය.ඒ නිසා කිසිම සුදුසු කමක් නැතිවම විදෙස සේවා එකට ගන්නවා. (දී)
වාරියපොළ කෙල්ල වෙනුවෙන් පෙනීසිටිය කාන්තා සංවිදාන වලට මෙන්න හොද අවස්ථාවක් ,මේ කාන්තාවට සාධාරණයක් ඉටු කර දෙන්න .(දී)
අපි මේ අරාබිකරයේ ඉන්න නිසා සිද්ද වෙන දේවල් දන්නා නිසයි කියන්නේ වැඳලා ඉල්ලන්නේ කිසිම කාන්තාවක් මෙහෙට එවන්න එපා පාරේ හිඟා කන එක හොඳයි ඊට වඩා (දී)
ලංකාවේ තානාපති කාර්යාලයේ නිලධාරිනිය කියනවලු ඕවා සාමාන්‍ය දේවල් කියලා... ඒ නිලධාරිනියගේ හැටි තේරුම් ගන්න ඒ තරම් අමාරු නෑ..(දී)
අනේ පව් (දී)
වැටත් නියරත් ගොයන් කා නම් කාට කියනුද ඒ අමාරුව (දිල්)
හොදින් දන්නවා මේ ඕමාන වල තානාපති කාර්යාලයේ අයගේ වැඩ . (දී)
අපේ කාන්තාවන් මේවා පාඩම් වලට ගන්න (දී)
මේවා දන දැනත් අපේ මිනිස්සු මොකට යනවද මන්දන්නේ නැහැ (දී)
වෙන මොකුත් දුන්නේ නැද්ද (දී)
කනගාටුයි (දී)
වහල් සේවය ගැන පාර්ලිමේන්තුවේ හඬ නගන්නේ රන්ජන් මහතා පමණි .... රන්ජන් මතානනි මේ ඔබේ අවදානයට (දී)
ලංකාවේ බැරිනම් ලෝකේ ඕනෑම නීතියක් අරගෙන මේ කාන්තාවට සහනයක් කරලා දෙන්න (දී)
ඔය පොඩි මිස් සහ ලොකු මිස්ගේ තොරතුරු දන්න අය ඉන්නවද (දී)
කෝ මේ වගකිවයුතු ඇමැතිවරු කිසිම දෙයක් දන්නේ නැතුව ඇති. (දිල්)
හිතවත් නිමල්කා,ඔබ සංවිදානය කාන්තාවන් හට සිදුවන අසාදාරන වෙනුවෙන් කතාකරන බව අපි දන්නවා ,කරුණාකර ඕමානයේදී අතවරයට පත්වී ලංකාවට ආපු මේ සොයුරියට දිය හැකි උපරිම සහයෝගය හා උපකාරය ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතර දෙන්නු ලබන සහය අගේකොට සලකමි (දී)
කොහෙද අර මේ සැරේ ආසනේ පැරදිච්ච මහත්තය. එයා විසඳයි මේක. (ස)
අසරණ කමට රට යන ගැහැණු අයට ගොඩක් ඔහොම වන්නේ .ලංකා තානාපති කාර්යාල වල ඉන්න පියුංලා වගේ හෙන්චෙයෝ ඔය දේවල් කරන එක සම්පුර්ණ ඇත්ත.ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනව වගේ දේවල් ඔතන වන්නේ.ඒවා එතන සිටින ලොක්කෝ හොඳටම දන්නවා.මේ දේවල් නවතන්න වග කිවයුතු හැම තැනම සිටින හැම ලොක්කම. කොහොම වෙතත් අපායෙදී හොඳටම විඳවාවී. (ස)
මේවාට සම්භන්ධ සියලු දෙනා හිරේ දාන (දී)
පන්දමට රස්සා අරගෙන මේ කරන අපරාධ වලට වන්දි ගෙවන්න බලාගෙන ඉන්නවා. (ස)
අනේ එයට සාධාරණයක් ඉටු කරන්න. (ස)
කාන්තා සංවිදාන මේවට බයද (දී).
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලානේ මෙම කාන්තාව රට ගියේ. නඩු දමන්න මේවාට උඩ ගෙඩි දුන්නවුන් සියල්ලටම විරුද්ධව වන්දි ඉල්ලලා. (නි)
කොහොම කොහොම හරි ඒ කාන්තාව කබලෙන් ලිපටම වැටුනා (දී)
කරුණාකර මේ ගැන පරීක්ෂණයක් කරන්න , තානාපති තුමාගෙනුත් කට උත්තර ගන්න , මේ කාලයේ සුරක්ෂා නිවසේ සිටි අනිත් කාන්තාවන්ගෙනුත් කට උත්තර ගන්න ජනාධිපති තුමනි මෙම කාන්තාවට පිහිට විය හැක්කේ ඔබතුමාට පමණි , කාන්තාවන් නිවෙස්වල වහල් සේවයට යැවීම නතර කරන්න. (ස)
තානාපති කාර්යාලයේ නිලධාරිනියන්ට කොච්චර ලොකු එකක් උනත් සුළු දෙයක් වග මේ විස්තරෙන් හොඳට අපිට අවබෝධ වනවා. (ස)
ගෑනිව රට රස්සාවලට යවලා හම්බකරන් කන පිරිමි ඉන්නකම් ඔය දේවල් නවතින්නෙ නෑ…(දී)
පව් අසරනි (දී)
මේවාට දඩුවම් දුන්නේ නැත්නම් ලබන පාර ඡන්දය නොදී ඉන්නවා. අම්මපා! (නි)
ප්‍රභාත්, ඔබ එහෙම කියන්නේ කොහොමද? මේ අය රට යන්නේ තමන්ව ගොඩදාගන්න.ඉතින් මැති ඇමතිවරුන්ට පමණක් බැනලා වැඩක් නැහැ. යන අයත් දැනගන්න ඕනෑ මේවා ගැන. එහෙම නේද? (නි)
මේ කාන්තාව ගැන දුකක් ඇතිවෙනවා,එත් අපේ රටේ ඇතැම් කාන්තාවන් මැදපෙරදිග ගොස් හැසිරෙන අයුරු මම මගේ ඇස් දෙකින්ම දැකල තියෙනවා.හරිම පිළිකුල් සහගත විදිහට හැසිරෙන්නේ වැරදුනාම රජයට බැනල වැඩක් නැහැ.ඔය කාන්තාවගේ සැමියා කියන පුද්ගලයා හම්බකරගෙන කන්න බිරිඳව රට යවල දැන් ඒ සිදුවීම තුලින් යම් වාසියක් ගන්න හදනවා වගේ මට පෙන්නේ. මෙතනදීත් ඔහු කරන්නේ හිරිකිතයක් නැතිව අර කාන්තාවගේ ආත්මය වෙන්දේසි කරන එක. හදිසියෙවත් දරුවත් සමග කාන්තාව ලංකාවට ආවනම් ඔහුගේ ප්‍රතිචාරේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බ.මෙහි ප්‍රතිචාර දමන අයට දැන් පුළුවන්නේ ඒ අයට උදව් කරන්න. (දී)
ලංකාවෙන් රට යන බොහෝ ගැනු වද සැත්කම කරගෙන යන්නේ ගිහින් අරාබි කාරයෝ එක්ක බොහොම සන්තෝසයෙන් වැඩ ටික කර ගන්නවා . (දී)
කාන්තාවන් රට එනවනම් ගොඩක් කල්පනාවෙන්. (දී)
පවුලක් රකින්න වැලිකතරේ සේවයට ගිය රිසානා දැරියගේ බෙල්ල කපා දානතුරුත් වීනා ගායනා කළ අයගෙන් සහනයක් බලාපොරොත්තු වෙනවා කියන්නේ ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වගෙයි. (නි)
අයියෝ සල්ලි කියුවලු (දී)