
(චමිල් රූපසිංහ)
ශ්‍රී ලංකාව තුල මේ වන විට පැතිරී යමින් පවතින කොවිඩ් 19 වයිරසය හේතුවෙන්, ශ්‍රී දළඳා මාළිගාවට පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ හැඳුනුම්පත් අනිවාර්‍ය කර ඇති බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (24) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේවල වෙසෙන පිරිස් හා ඒ අයගේ ආශිතයන් ශ්‍රී දළඳා භුමියට ඇතුලුවීම තාවකාලිකව නවතා ඇති බව එම මාධ්‍ය නිවේදනයේ සදහන්ය.
චිරාගත සම්ප්‍රදායකව පැවතගෙන එන දළඳා පූජෝපහාර, තේවා වත් පිළිවෙත් කඩ නොකර පවත්වාගෙන යෑම පිනිසත් පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ ආරක්ෂාව උදෙසාත් මෙම ක්‍රියා මාර්ගය ගත් බව නිවේදනයේ සඳහන් වේ.
දළඳා මාළිගා පරිශ්‍රයට ඇතුල්වන සියලුම සැදැහැවතුන් මුව ආවරණ පළඳා දෑත් සෝදා , ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ආදි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එම භූමියට ඇතුළත් කරගන්නා බවද එහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කො මේවා වහලා දාන්න ඕනේ.., මොන මෝඩ වැඩක්ද මේ කරන්නෙ....?
මම හිතන්නේ හැදුනුම්පතෙන් දැන් කොරොනා බලන නිසා වෙන්ඩ ඇති, දැන් මිනිස්සු උන්නත් එකයි නැතත් එකයි, 20 සම්මතයිනේ.
මේ අවස්ථාවේ කල යුතු හොඳම දේ මහජනතාවට මාලිගාවට ඇතුල් වීමට ඉඩ නොදෙන එක නේද? නේද නිලමේතුමා?