කොළඹ - නුවර පාරේ දළුගමදී අද (21) අලුයම මෝටර් රථයක් විදුලි කණුවක ගැටී අනතුරට ලක්විය.
අනතුරට පත්වූ මෝටර් රිය පාරේ විරුද්ධ මංතීරුවට විසිවී ගොස් තිබිණි.
කොළඹ - නුවර පාරේ දළුගමදී අද (21) අලුයම මෝටර් රථයක් විදුලි කණුවක ගැටී අනතුරට ලක්විය.
අනතුරට පත්වූ මෝටර් රිය පාරේ විරුද්ධ මංතීරුවට විසිවී ගොස් තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නින්ද යාම නිසා මේ අනතුර සිදුවෙන්නට ඇති. අත්වැරදීමක් නිසා කිසිවකුට කිසිම ආකාරයකින් හානියක් සිදුනොවීම පුදුමයට කරුණක් වන්නේ මෙම අනතුර වරදක් නිසා සිදුනොවීමක් නිසා වියයුතුය. (නි)
මේ අයට පුදුම හදිස්සියක් තියෙන්නේ (නි)
පාරේ යනකොට පුද්ගලික බස්, ත්‍රීරෝද ආදියෙන් වගේම පුංචි කාර් වලිනුත් දැන් පරෙස්සම් වෙන්න වෙලා තියෙන්නේ. ඔරොත්තු නොදෙන වේගයකින්නේ මෙයාලා යන්නේ. (නි)
විසි වෙනිදා ඒකල කැම්ප් එක ඉදිරිපිට විදුලි කණුවක් දෙකට කැඩෙන්න කාර් එකක් හැපිලා. හවස 6.30 ඉඳලා පාන්දර 2.30 වෙනකම් විදුලිය නැහැ මුළු පළාතටම. අපි පැය 8 ක් මදුරුවෝ තලමින් දාඩිය දාගෙන හරිහමන් නින්දක් නැතුව පුදුම දුකක් වින්දේ. (නි)
අලුතින් පත්වූ පොලිස්පතිතුමාවත් දැනට පාරේ තියෙන අවනීතිය ගැන ව්‍යවස්ථානුකුල පියවර ගත්තොත් හොඳයි. යතුරුපැදි, ත්‍රීවීල්, පුද්ගලික බස්, සමහර ලංගම බස් සහ පුද්ගලික කාර් රියදුරන් වාහන පාරේ ගෙනියන විදියට පිටරට ඉඳලා එන සංචාරකයෝ හරිම බයයි. අපේ ශීලාචාරකම, ඉවසීම නැති එක ගැන එයාලා කිහිපවිටක්ම මා සමඟ කතාකරල තියෙනවා. දෙන්න උත්තර නැහැ. (නි)
බොහොම සෙමින්, ඉවසීමෙන්, රිය පැදවීමේ උපදේශයන් පිළිපදිමින් රිය පැදවූ හැටි හරි අපුරුයි! (නි)
පොලිස්පතිතුමනි, 20 වෙනිදා ඒකල කැම්ප් එක ඉස්සරහ වුන අනතුර ගැන හොයල බලන්න. මොකද බිමත් රියදුරා වෙනුවට වෙනත් රියදුරෙක් තමයි සියලු දෙනාගේ අනුදැනුම මත අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේවා බලු වැඩ. අහිංසක මනුස්සයෙක් ඉරක් කැපුවත් ජා ඇල පොලිසියෙන් දඩ කොලේ දෙන්නේ මිනිමරලා මාට්ටු වෙලා වගේ. මේ සිද්ධිය පිටු පස කවුරුහරි දේශපාලන බලවතෙක් ඉන්නවා වගේ. මිනිස්සු පැය 9 යකට කිට්ටු වෙන්න කළුවරේ හිටියේ. (බ)
අනතුර වුන විදිහ දන්නේ නැතුව බොරු කමෙන්ට් දාන්න එපා. මේ අනතුර වෙලා තියෙන්නේ බීලවත් , වේගයෙන් ගිහිල්ලවත් නෙමේ. (බ)
ඉවසීම නැතිවුණාම ඔහොම තමයි (නි)
මෙහෙම අයට බරපතල දඩුවම් දීල ඒවා ප්‍රසිද්ධ කරන්න ඔනී.. (ර)
මේ රියැදුර ගැන හෝ රථ හිමියා ගැන අපට මොකුත් කියන්න බැහැ. එහෙත් ලංකාවේ බොහෝදෙනෙක් මේ වගේ වාහන "ෆිනෑන්ස්" කරලා හෝ ණයවෙලා තමයි ගන්නේ. සමහරු යතුරුපැදි ගන්නෙත් ඒ විදිහට. තමන්ට ඔරොත්තු නොදෙන මහලොකු වාහන ගන්නවා. ඒවා පදවන කොට ඒ අයට වඩා "ලොක්කෝ" නැහැ. වැඩිමනක් රියදුරන්ගේ විනයක් නැහැ. "ඔබ රථය පදවන විට ඒ රථය ඔබට අයත් වුවත් ඔබ ගමන් කරන මාර්ගය ඔබට අයත් නැති බව තේරුම් ගන්න" යනුවෙන් ඕස්ට්‍රේලියානු කියමනක් තිබෙනවා. එය අපේ රියදුරන්ට කියාදෙන්න ඕනා. (ර)
කාටත් අත්වැරදීම් වන්න පුළුවන්, ජිවිත හානියක් නැත්නම් එච්චරයි. (ර)
ගොඩක් අය පාරේ යන්නේ හරිම නරක විදියට (නි)