(අංජුල මහික වීරරත්න)
දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයක් පමණ මේ වන විට බොල් ණය තිබෙන අතර එම ප්‍රශ්නය විසඳුවෙි නැතිනම් බැංකු ක්‍රමය කඩා වැටීමේ අවදානමක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම තත්ත්වයන් බැංකුවලට දරා ගන්නට බැරි තරම් බරක් වනු ඇතැයි කී වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් මේ කාරණය ගැන සාකච්ඡා කරන්නැයි තමා පුන පුනා කියන්නේ ඒ නිසා බවද සඳහන් කළේය.
ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි අතර එහිදී ඔවුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි වර්තමානයේ දී රට මුහුණ දී සිටින අර්බුදය නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන උග්‍රම අර්බුදය ලෙස හැඳින්විය හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මමත් මේකේ කොටස් කාරයෙක්" යයි මොහුට පැවසීමට අමතක වී ඇති බව පෙනේ.....!
ඔය ණය දීල තියෙන්නේ මේ අපට නම් නෙවෙයි. දේශපාලකයින්ගෙ ගොට්ටන්ට. අපි ණයක් ගන්න ගියොත් අහස උසට පොළී. ඒක දෙන්නෙත් ඇපයට දේපලක් තියාගෙන. නමුත් බැංකුවල මැනේජර්ලා තමන්ට කැමති අයට කිසිම ඇපයක් නැතුව අඩුම පොළියට ණයට දීලා පසුව ඒවා බොල්ණය ලෙස කපාහරිනවා. මෙයා තමයි බැංකුවේ ලොකුම ණයකාරයා. අපේ රට කාපු පරම්පරාවල් කිහිපයක්. සේනානායකලා, බණ්ඩාරනායකලා, ජයවර්ධනලා, ගුනවර්ධනලා, රාජපක්ෂලා, සිරිසේනලා, වික්‍රමසිංහලා, විජේවර්ධනලා, තවපොඩ්ඩෙන් අමතක වෙනවා ප්‍රේමදාසලා, ප්‍රභාකරන්ලා හා රතු මල්ලිලා.
යහපාලනේ කට්ටිය එකතුවෙලා මහ දවල් බැංකුව බොල් කරලා දැන් කටමැත දොඩවනවා. අනේද කියන්නේ...!!!