
(සුජිත් හේවාජුලිගේ)
දිවයිනා පුරා බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව(ධාරිතාව) 15959ක් ලෙස පිළිගෙන තිබුණද දැනට ඒවායේ රැඳවියන් 36200ක් රඳවා සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ හේතුවෙන් බන්ධනාගාරවල තදබදය වැඩිවීමෙන් විවිධ ගැටලු නිර්මාණයවී පවතින්නේය.
බොහෝ බන්ධනාගාරවල සමේ රෝග ඇතුළු සම්ප්‍රේෂණ රෝග බහුල වී ඇතැයි බන්ධනාගාර නිලධාරීහු පවසති.
දිවයින පුරා බන්ධනාගාරවල පසුගිය වසරේදී 43000ක පමණ රැඳවියන් පිරිසක් රඳවා සිටි නමුත් එම සංඛ්‍යාව අඩු කරගෙන ඇතැයි බන්ධනාගාර සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමෙන් රැඳවියන් පන්දහසක් පමණ මෑත කාලයේදී නිදහස ලබා බන්ධනාගාරවලින් පිටව ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමේ පියවරක් ලෙස එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාත්‍රී 10.00 දක්වා රාජකාරි කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd