පසුගිය 29 වැනිදා සිට ක‍්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන සතියේ පළමු දින තුනේ දී ස්ථාන 348508ක් පරීක්‍ෂාවට ලක්කර මදුරුවන් බෝවන ස්ථාන සම්බන්ධයෙන් 14401 දෙනෙකුට නොතීසි නිකුත් කර 1050 දෙනකුට නඩු පැවරූ බව එම අමාත්‍යාංශය පවසයි.
පරීක්‍ෂාවට ලක් කළ ස්ථාන අතුරින් ඩෙංගු මදුරු කීටයින් සිටි ස්ථාන 5378ක් හඳුනා ගත් බව ද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටොම ඉස්සෙල්ල දඩ ගහන්න ඕන ප්‍රාදේශීය සභාවල සභාපතිලාටයි! (බ)
ඩෙංගු වලට කියල දඩ ගහන්නේ ආණ්ඩුවට සල්ලි එකතු කරගන්න. පිරිසුදු වතුර පාරවල් වලට කුණු දමන සමාගම් වලට මොන දඩයක්වත් නැහැ. ඕක වංචාවක්. හබරල පිති වලට වැලි පුරවන්න වගේ ගොන් කතා කියන එවුන් මොකක් හරි අල්ලාගෙන දඩ ගහනවා.(රේ)
ඩෙංගු වලට නඩු පවරන විදිය හරිම වැරදියි. කුණු කාණු, කඩ සහ රාජ්‍ය ආයතන ඇතුළේ පනුවො ඕනෑතරම් පෙනි පෙනී සිටියවා. නඩු පවරන්නේ නැහැ. නඩු පවරන්නේ සාමාන්‍ය ජනතාවට පමණයි. මිදුලේ තණකොළ වැඩිය තිබුණත් දඩ ගහනවා. සාමාන්‍ය ගෙදරකට ආවහම මොකක්හරි හොයාගන්න පුවළුන්. ඉන්පසු දඩය ගෙවන්න ගියාමත් දවසම රස්තියාදුව. (නි)
නමුත් දඩ ගහන්නේ සාමාන්‍ය ජනතාවට පමණි. මහා පරිමාණයෙන් මදුරුවන් බෝවීමට ඉඩහැර ඇති කඩ හා වෙනත් ආයතන වලට දඩ ගසන බවක් අපි දැක නැත. (නි)
කෝනාර සහ ඉඳුනිල් දෙන්නම කියන්නෙ ඇත්ත. අපි කොච්චර සුද්ධකරලා තිබුනත් වැස්සක් වැහැපු ගමන් වැහි පීලි වල වතුර රැදෙනවා. කොච්චර ලස්සනට ගෙවත්ත තියාගෙන හිටියත් මොකක්හරි බොරුවක් කියලා අපිට දඩ ගහනවා. නමුත් ඇස් පනාපිට මහා විශාල කාණු කඩ ඉස්සරහා තියෙනවා. ඒවට යන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ (නි)
අහිංසක මිනිසුන්ට දඩ ගහන්න කලින් ප්‍රාදේශීය සභාවල් වලටයි දඩ ගහන්න ඕනෑ. වරිපනම් එකතු කරනවා කියලා කරන කිසිදෙයක් නැහැ. සමහර පැතිවල කුණු ගෙනියන්නවත් අමතරව මුදල් දෙන්න ඕනෑ. රජයේ රෝහලක් ළඟට ගියාම බලාගන්න පුළුවන් පිරිසිදුකමේ තරම (නි)