අවිස්සාවේල්ල දෙහිඕවිට දී ෆිනෑන්ස් ආයතනයක සීසරුවරුන් විසින් රැගෙන එමින් සිටි බස් රථයක් පැහැරගත්තැයි සැකපිට දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල රුවන් කන්දෙආරච්චි අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.

ප්‍රාදේශීය සභාපතිගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ද එම ස්ථානයේ සිටි බවට අනාවරණය වූ නිසා ද ඔවුන් පෙරදින (06) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.