IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දෝහා ෂැරටන් හෝටලය අසල නව තේමා උද්‍යානයක් විවෘත වෙයි

දෝහා නුවර ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති හොටෙල් පාර්ක් උද්‍යානය නිල වශයෙන් විවෘත කළ බව කටාරා හොස්පිටැලිටි ආයතනය පවසයි. මෙය පවුල් තේමාව යටතේ ඉදිකර ඇති උද්‍යානයකි.


ෂෙරටන් ග්‍රැන්ඞ් දෝහා රෙසෝර්ට් ඇන්ඞ් කන්වෙන්ෂන් හෝටලයට යාබදව ඉදිකර ඇති මෙම උද්‍යානය කුඩා ජල උල්පත්, දිය ඇළි, කුඩා දිය කඩිති වැනි ජල විශේෂාංග මෙන්ම හොඳින් නඩත්තු කරන ලද තණ බිමකින්ද සමන්විතය.


හොටෙල් පාර්ක් උද්‍යානය හරහා අමුත්තන්ට මෙන්ම නගර වැසියන්ටද සන්ධ්‍යාව ගත කිරීම සුදුසු වාතාවරණයක්, ක්‍රීඩා කිරීමේ ප්‍රදේශයෙක් සහ පවුලේ සාජිකයන්ට රැස්වීම සඳහා එළිමහන් බිම් කඩක් යන පහසුකම් ලබාදී ඇත. මීට අමතරව ළමා ක්‍රීඩා පිටියක්, එළිමහන් භූමියක්, ශාරීරික යෝග්‍යතා කලාපයක් සහ වීඩියෝ වෝල් වැනි විනෝදාත්මක පහසුකම්ද හොටෙල් පාර්ක් උද්‍යානය තුළ ස්ථාපිත කර ඇත.


එසේම රස නහර පිනා යන ආහාර සහ ප්‍රණීත අතුරු පස අළෙවි කරන අවන්හල් පහක්ද ළඟදීම හොටෙල් පාර්ක් උද්‍යානය තුළ විවෘත වීමට නියමිතය.
උද්‍යානයේ භූගත රථ ගාල මට්ටම් හතරකින් සමන්විත වන අතර භූගත උමං මාර්ග පද්ධතිය ඔස්සේ රථ ගාලේ සිට දෝහා ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානය වෙත ප්‍රවේශ විය හැකිය. රථ ගාලේ වාහන 2,500 ක් පමණ ගාල් කළ හැකිය.


මෙම උද්‍යානයේ කළමනාකරණ කටයුතු කටාර් කේන්ද්‍ර කොටගත් මොසනාඩා කළමනාකාරීත්ව සමාගම විසින් සිදුකරනු ඇත.



අදහස් (0)

දෝහා ෂැරටන් හෝටලය අසල නව තේමා උද්‍යානයක් විවෘත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site