ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 70 වැනි සංවත්සරය සැමරීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරිම සඳහා අද (29) බත්තරමුල්ලේ වෝටර්ස් ඒජ්හි දී කියා සිටියේය.
නව ඡන්ද ක්‍රමයක් සැකසීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික පරමාර්ථය බවත් සාමයෙන් එක් වී සාමයෙන් සාකච්ජා කොට සාමයෙන් විසිර යා යුතු බවට බුදුදහමේ උගැන්වෙන දසරාජ ධර්මය - - දානය, ශිලය, පරිත්‍යාගය, අවංකභාවය, මුදු මොළොක් බව, ආත්ම දමනය, අක්‍රෝධය, අහිංසාව, ක්ෂාන්තිය හා සෘජු බව - - පිළිපැදිය නොහැකි නම් පන්සලක් පාසා ගියත් සැබෑ බෞද්ධයකු නොවන බවත් වික්‍රමසිංහ මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන්නේ දස රාජ ධර්මයත් එක්ක කලවන් වෙච්ච යහපාලන ධර්මයක් එක නිසා කාටවත් තේරෙන්නේ නැහැ. අවුරුදු එකහා මාරකුත් ගියා තේරුනත් ඇති වැඩකුත් නැහැ හරි හමන් වැඩක් රටට ජනතාවට කෙරෙන්නේ නැති නිසා.(බ)
දුදනෝ ඒවා නොපිළිපදිති. (බ)
කවුද ඔය වචන ටික කියන්න ඉගැන්නුවේ. (බ)
ගණිකාවක් තම පතිවත ගැන කතා කරයි (බ)
දසරාජ ධර්මය ඉස්සරහට ගෙන ඉන්දියවගහන පදේට නටනවා. (බ)
මන්ද බුද්ධිකයෝ මොනවා කීවත් රනිල් ලොක්ක මේ රටේ ගොඩ ගන්නේ ඉන්න එකම නායකයා. හොර බොරු වංචා සහ ඤාති සංග්‍රහ මෙතුමා ළඟ නැති බව මුළු රටම දන්නවා. බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ කියන කියමන හිතේ හොඳට ධාරණය කරගෙන ඉන්න ඔයාල තව අවුරුදු 4ක් තියෙනෙව මහා ඡන්දයකට. (බ)
සුගත් හිරේ ඉන්නේ වංචා කරපු හාමුදුරුවෝ මිසක සැදැහැවත් අය නෙවෙයි. නොදන්නවා වගේ කතා කරන්න එපා. නීතියෙන් ඒ අයට බේරෙන්න කිසිම බාධාවක් නැහැ ඉස්සර වගේ. දැන් උසාවි වලට නියෝග දෙන්නේ අරලියගහ මන්දිරයෙන් නොවෙයි (බ)
අප සිතූ ලෙස ඔබ උගතෙක් පමණි. බුද්ධිමතෙක් නොවේ. යුද්ධ කර දිනූ රට ෆෙඩරල් කරන්නේ ඒකය. එජාපයේ සිටින්නේ දෙමළ හා මුස්ලිම් පමණක් යැයි සිතන්නේ ඒකය. ඔබට මෙදාපාර වරදින්නේ ඒකය. දැන් ඔබ පරක්කු වැඩිය. (නි)
මෙයාගාව ඔය කියන ඒව තියෙනවද (බ)
වත්තල ඇවිදින මංතීරු පෙරළිය ගැන ලිච්ඡාවිලා තාම නොදන්නා හැඩයි. (නි)
වත්තල ඇවිදින මං තීරුව හොරෙන් විනාශ කරපු ඒකාල ගැන මොනවද කියන්න තියෙන්නේ .(බ)
රට කොටින්ට පාවදෙනවානම් පන්සල් යන්නම ඕනේ නැහැ.(බ)
මොනවා වුනත් අපි හිතුවේ මෙයා වැදගත් විදිහට රට කරයි කියල. එ්ත් පාර්ලිමේන්තුවේ මෙයා හැසිරෙන්නේ මේ කියන විදිහටද? (බ)
අනර්ඝයි කියමන (බ)
පහරදීමත් සහ පහර වැදීමත් බෞද්ධ ජනතාවටයි. අදහස් දමන ඇතැම් අයත් පහර දෙන්නේ බෞද්ධ ජනතාවටයි. මෙය කණගාටුවට කාරණයක්. මෙය බෞද්ධයන් අසරණකිරීමක්. (නි)
දසරාජ ධර්මයෙන්ද එතකොට පාලනය? (නි)
හර්බට් අයියේ, අනර්ඝයි කිව්වේ කාගේ කියමනද. මේකේ කොමන්ට් දාපු අයගේ කියමන්ද ? (බ)
"අපේ හාමුදුරුවනේ" කියාගෙන පපුවට ගහගෙන කතා නොකළාට මෙතුමා හොඳට ආගම දහම දන්නා කෙනෙක්. (නි)
පාර්ලිමේන්තුවේ කරන විකාර වලින් පේනවා අපිට ඔය කියන අයගේ දසරාජ ධර්මය! (බ)
අක්‍රෝධව, ක්ෂාන්තිය, අහිංසාව වගේ දේවල් හොඳින්ම දන්නේ 88-89 ටයර් උඩ පිච්චුන, වදකාගාර වල දස වධ විඳපු තරුණ තරුණියෝ! (බ)
අනේ ඔබතුමයි අපියි දන්න දසරජ ධර්මය! (නි)
දේවදත්ත බුදුන්වහන්සේට එරෙහිව යොදාගත්තේ බුදු දහමමයි (ම)
තොප්පිගල කියන්නේ කැලයක් කියා කියමින් ලිච්ඡවී පාලනයකට යනවා කියා සමහරු යන්නේ, “ලෙච්චමී පාලනයක්“ රට තුළ ගොඩනඟන්න බව අපි දන්නවා. (නි)
දසරාජ ධර්මය නොවෙයි, ඔය පන්සල් ගානේ යන බොහොමයක් ළඟ අඩු තරමේ මනුස්සකමවත් නැහැ. (බ)
ඔබතුමා කියන්නේ හැමෝටම එහෙම නොයා ඉන්න කියලද මන්දා? (නි)
දස රජ ධර්ම රාජ්‍යය අපිට මතකයි. 88-89 කාලේ බටලන්දේ ධර්ම චක්‍ර කැරකුණ හැටි. ඒ කාලේ පත්තරවල ටයර්,සෑයවල් වල පිනතූර එහෙම තිබුණා (ම).
රාජධර්මය කෙසේවෙතත් දාස බවක් නම් ලෝකයට දැනෙන්න අරින්න එපා (නි)
දසරාජ ධර්මය ගැන කතාකරන ලිච්ඡවී පරපුරේ අය සිටින අපේ රටේ සිංහල බෞද්ධයින්ට අබ සරණයි..! (නි)
සුසන්ත, ඇයි 71 කාලය අමතක වුණාද?
සුසන්ත හරි. මගේ නංගියි මල්ලියි දෙන්නත් කිසිම දේශපාලනයක් කළේ නැති පාසල් යන වයසේ හිටපු අය. මටයි අම්මටයි අප්පච්චිටයි ඒ දෙන්නා සදහටම නැති වුණා (බ)
මුදු මොලොක් බවනම් ඒ කාලේ ඉදලම තිබුනනේ.දැනුත් ඇග පුරාම සියුමැලි, මෘදු මොලොක් ගතිය තියනවා.තව ඉස්සහරහට ඕවා තවත් වැඩිවෙලා පෙනෙයි. (බ)
නියම කතාව මහත්තයෝ, නියමයි (නි)
දසරාජ ධර්මය දැනගෙන හිටියත් සමහරුන්ට රට පාලනය කරන්න දක්ෂකමක් නැත්නම් මොකද කරන්නේ? (නි)
බුදු බණ ගැන කියන්නේ හාමුදුරුවෝ සිරගෙවල් වල තියාගෙනද? ලැජ්ජයි මහත්තයෝ අපිට නම් (නි)
අතීතය ගැන දන්නා අපිට ඔය කතා වලින් වැඩක් නැහැ (නි)
අනේ වැඩක් නැහැ මහත්තයෝ, ඔහෙලත් බණ කතා කිය කියා ඉන්නවා, කෝ හොරු ඇල්ලුවද? (නි)
චන්ද්‍රා, විසාර කිවයුතු සියල්ල,අද සිදුවෙන දෙය ඔබලා ඉතාමත් කෙටියෙන් කියල තියෙනවා. එන අදහස් වලට ඉතාමත් ස්තුති. (බ)
මෙතුමලාගේ ධර්ම දැනුම මුළු රටම දන්නවා (නි)
පරිත්‍යාගය වෙනුවට අපේ සාක්කුවේ තියෙන සල්ලි බදු ගහල අදිනවනේ (ම)
ජාතිය ආගම විකුණා ගෙන කන්නේ නැති රනිල් අනිත් දේශ පාලකයන්ට වඩා හොඳයි (ම)
රටේ මිනිස්සුන්ට සුන්දර වචන විතරයි (බ)
මෑත කාලයේ විවිධ කරුණු මුල් කර ගෙන බුද්ධාගමට, සංඝරත්නයට පාර්ලිමේන්තුවේ පවා බැන වැදුන අපහාස කරපු වාර ගණන අනන්තයි. කරුණා කරලා ඒක නවත්තන්න කටයුතු කරලා ඉන්න (ම)
සගරැවනට නොගැලපෙන දේ කරන්ටදි බලාගෙන සිටිම මෙි පින් බිමෙිත් ජාතියෙත් අවාසනාව සුගත් පිරිසුදු බුදුදහමට රටත් ජාතියත් පෙළ ගස්සන්න.(ම)
තම ආගම අත්පුඩි ගස ගසා කියන ලොව එකම නායකයා දසරාජ ධර්මය ගැන කතාකරනවා (ම)
රනිල් මහත්තය ඔය විදිහටම රහත් වෙන හැටි හා නිවන් දකින හැටි අපිට කියල දෙන්නකෝ ? (බ)