සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
කවුරු මොනවා කීවත් දෙසැම්බර් මාසයේ දී පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි යැයි නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවැසීය.
හකීම් මහතා මේ බව පැවසුවේ පළත් සභා මැතිවරණය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
රවුෆ් හකීම් මහතා මෙසේද ප්‍රකාශ කළේය.
“සීමා නිර්ණය තුළ මුස්ලිම් ජනයාට බරපතළ අසාධාරණයක් වෙලා තියෙනවා. පැරණි ක්‍රමයට ගියොත් කාටත් සධාරණය ඉටුවේවි.
ඇත්තෙන්ම පරණ ඡන්ඳ ක්‍රමය හොඳයි.සීමා නිර්ණය නිසා අද ගැටලු රැසක් මතු වෙලා. ඒ කාරක සභාව වැඩ කරන්නේ සැඟවුණු න්‍යය පත්‍රයක් අනුවයි. අක්කරපත්තු වැනි ප්‍රදේශ බහු ආසන කරන්නැයි ඉල්ලුවත් කළේ නෑ.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් ජනතාවට සාධාරණය කරන්න ගිහිල්ලා මහ ජාතියට අසාධාරණයක් කරගන්න එපා...
කවුරුත් නෙවෙයි මොනවත් කියන්නේ, රටේ ජනාධිපතියි කියන්නේ. අනික මේ මුස්ලිම් ඡන්ද වලට යන නීතියක් නෙවෙයි. මේ ඇමතිකම කරන්නේ මුස්ලිම් අයටද නැත්නම් රටේ සියලුම ජන කොටස්වලටද?