හින්දු භක්තිකයකු වන ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය 14 වැනිදා අනුරාධපුර ඵෙතිහාසික රුවන්වැලි මහා සෑය වැඳපුදා ගැනීමට ගියේ පාවහන් නොමැතිවය.
ඊට කලින් මෝදි ශ්‍රී මහා බෝධිය වෙත ගොස් සිවුරු පූජා කළේය. දෑත් එකතුකර බෝ සමිඳුන් වැන්දේය. ඔහුගේ ලංකා ගමනයේදී මහා සංඝරත්නයට දන් පිරිනමා ක්‍රමානුකූලව වැන්දේය.
රුවන්වැලි සෑයට ඔහු යද්දී වැසි පතිත විය. එහෙත් ඔහු සළපතල මළුවට ඇතුළුවීමටත් පෙර පාවහන් ගලවාගෙන සිටියේය. ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සභාපති(උඩමළුව බාරකාර කමිටුවේ සභාපති) හා අටමස්ථාන කමිටුවේ සභාපතිවන අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනෙවිරත්න මහතා සපත්තු පිටින් මෝදිගේ පරිවාර ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ කුඩය යටින් ගමන් කළේය. කිරිඇල්ල මහතා ඒවනවිටත් සපත්තු ගලවාගෙන සිටියේය. සපත්තු ඇතිව රුවන්වැලි සෑ බිමට ඇතුළුවූයේ ඇයිදැයි සෙනෙවිරත්න මහතාගෙන් ඇසූවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
‘මම (කේ.එච්.ජේ)විජයදාස මහතාගෙන් පස්සේ උඩමළුව බාරකාර කමිටුවේ සභාපති. මම දන්නෙ නැද්ද පන්සලකට යන විට ක්‍රියාකරන ආකාරය. ඒවා මට හොඳට පුරුදුයි. ඒ ගැන මම හොඳට සැලකිලිමත් වෙනවා. මෙතනදි වුනේ මේකයි. ඒක ස්ටාටින් පොයින්ට් එක. ඒ වෙලාවේ මහ වැස්ස. සපත්තු ගලවන්න මම හැරෙන්න හැදුව විතරයි.
ප්‍රශ්නය - ඔබතුමා කියන්නෙ සපත්තු ගලවන්න කලින් පින්තූර ගත්තා කියලද?
පිළිතුර - ඔව් ඒක නේන්නම් මම කියන්නේ.
ප්‍රශ්නය - එතකොට සළපතල මළුවට ඇතුළුවන්නට කලින්ද ඔබතුමා සපත්තු ගලවන්න හැදුවේ?
පිළිතුර - ඔව් ඔව්. මම දන්නෙ නැද්ද එහෙම තැනකට යන විදිය.
මේ අතර දිසාපති සෙනෙවිරත්න මහතා හෙට (17) සිට පුත්තලමට මාරු කරනු ලැබ සිටී. එහෙත් එම මාරුව හා මෙම සිද්ධිය අතර කිසිම සම්බන්ධයක් නැති බව දැනගන්නට ඇත.
මහ දිසාපති සමග කිරිඇල්ල සපත්තු නැතුව
භාරත නායක මෝදි සපත්තු නැතුව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් අපේ තදයෝ දෙන්නෙක් සපත්තු දාගෙන .මෝදී මහතා ළඟින් ම යනවා හරි කෙරුම් කාරයෝ වගේ!!මොලේ තියෙන එක මහත්තයෙක් විතරක් ඉන්නව සපත්තු නැතිව!! ආයෙත් සිවිල් නිලධාරීන් පරිපාලන සේවයට ඇවිත් වගේ!! (බ)
රෝහණ චන්ද්‍රදාස !! ඔබ අපේ කාලයේ වීරයෙක්!!මෙවැනි දේ පෙන්වා දුන්නේ නැත්නම් නිලධාරින් ආයෙත් ගහ මුදුනටම නගිනවා. බලාගෙන!! ඔයාටත් ඔවුන් ලෙඩක් දමාවි.(බ)
මේ අය ඉපදිලා තියෙන්නේ ටයි කෝට්,සපත්තු දා ගෙනනේ.කඩදාසි උගත්තු මිස බුද්ධිමත්තුද? (බ)
කිර්ති, කුඩු ගෙනෙන අයට දඬුවම් කරන එකයි මේකයි පටලව ගන්න එපා. ශ්‍රී මහා බෝධිය බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක්. එතැන ගෞරවය රකින්න පත් කල භාරකාර මණ්ඩලයේ නිලතල දරමින්ම එයට අගෞරව වන පරිදි හැසිරීම මහා නොහැදුණු කමක්. එය සමාජය විසින් හෙලා දැකිය යුතුයි. නැතිනම් තව තවත් මෙවැනි නොපනත්කම් සමාජයේ ස්ථාවර වෙනවා. තමන්ගේ වගේම අන්‍යාගාමිකයකුගේ වුවත් ආගමික ස්ථානයකට නිගරු වන පරිදි හැසිරීම ශිෂ්ඨ සමාජය අනුමත කරන්නේ නෑ. (නදී)
මධු ශානිකා කියන දේත් ඇත්තක් තියෙනවා. ලෝකෙට පේන්න හොදට ඉදන් අපේ රටට වින කරන අය ඉන්නවා කියලා හිතන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ (දිල්)
ඔන්න අපේ අයගේ වැඩ.(හේ)
මුන්ට රටක් ජාතියක් ආගමක් තියෙනවද ? (අ)
උගත්කමට වඩා සීලාචාර කම වැදගත්.මෙය අප රටට කළ මහා නිගාවකි.මෙම දිසාපතිව පූල් එකට යවන්න දඬුවමක් වශයෙන්. (ස)
සපත්තු දාගෙන රුවන්වැලි සෑ මළුවට ගියාට වඩා වැරදිකරන අය මේ ලංකාවේ නැතුව ඇති. සපත්තු නොදා ගිය මෝදි අපේ රටට කරන බලපෑම් අමතක වෙලා. ඕනම දෙයක් ලංකාවේ මිනිසුන්ට ඉක්මනට අමතක වෙනවනේ. (නදී)
ආගමට දහමට සම්බන්ධවෙලත් මේ මනුස්සයට බෞද්ද සිරිත් අමතක වුණ එකනේ පුදුමේ. (අ)
මේවා පුද්ගලයෙකුගේ යහපත් කම පිළිබද ගැටළු. මේවා අත්වැරදීම් කියල නිවැරදි කරන්න බැහැ. මේ වගේ කෙනෙක් උඩමළුව බාරකාර කමිටුවේ සභාපති තනතුරක තිබ්බේ කොහොමද? (අ)
දිසාපති වෙන්න බෑ (අ)
මට නම් දෙන්නෙක් පේනවා සපත්තු ඇතුව (අ)
මේ දේවල් වලින් අපේ රටට වන අවමානය ගැන ඇයි මේ පුද්ගලයින් නොසිතන්නේ? (නි)
ලංකාවට දෙවියන්ගේම පිහිටයි මෙහෙම ගියොත් (නි)
මේ රටේ ජීවත් වෙන සෑම ශ්‍රී ලාංකිකයෙකුම අනිවාර්යය කල, මිනිස් සදාචාර ගුණධර්ම සහ සත්ව කරුණාව ගැන වසර හයක, මානව සම්පත් සංවර්ධන පුහුණු පාසලේ අධ්‍යාපනය හැදෑරීම අනිවාර්ය කලොත් මිසක් නැතිවනම් අපේ ඉදිරි පරම් පරා 25 කට වත් මේ රටේ මනුස්සයෙක්ව දකින්න ලැබෙන්නේ නැහැ ? (අ)
සුමුදු හේවා , මේ වැරැද්ද ලොකු එකක් , රස්සාවෙන් අස් කරලා , එල්ලුම් ගස් යැව්වොත් හරි නේද ? (ම)
කුඩු කන්ටේනර් ගණන් ගෙනාපු අයට මොකුත් නැහැ , සපත්තු දාගන රුවන්වැලි සෑයේ මළුවට ගිය දිසාපති මාරු කරලා ,(හේ)
මධුශානිකා බොහොම උද්වේගයෙන් කතාකරන්නේ. (නි)
මේ වගේ අය තමයි රටින් පිටුවහල් කරන්න ඕනි (දිල්)
කාලෝචිත වැදගත්ම තීරණයක්. (ර)