ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ලාල්කාන්ත මහතා ඇතුළු පිරිසක් උතුරු විල්පත්තු මායිමේ කල්ලාර් හි පදිංචිකරුවන් පදිංචිකිරීම ගැන සොයා බැලීමට ගියහ. දිසාපති එම්.අයි.දේශප්‍රිය හා එම පිරිස් පදිංචි කිරීමට මුල්වූ ඇමැති රිෂාඩ් බදුද්දීන් මහත්වරු යුද්ධයෙන් අවතැන්වූ පවුල් සඳහා නීත්‍යානුකූලව ඉඩම් බෙදා දී ඇතැයි කීහ.
එහෙත් එම කථාවල ඇත්ත නැත්ත සොයා බැලිය යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි.
සිංහල රාවයද පසුගියදා එහි ගියේය. කැලෑ එළි කර අලුතින්විදුලි කණු සිටුවා කම්බි ගසා මිනිසුන් පදිංචි කර ඇතැයි ජවිපෙ කියයි. අඩු ගණනේ තවත් 200ක් පමණ එහි රැගෙන ඒමට නියමිත බව දැනගන්නට ඇත.
මේ අතර මන්නාරම දිස්ත්‍රික්කයේ විල්පත්තු හා අවට ප්‍රදේශවල වන සංහාරය වහා නවත්වන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති දිසාපතිට නියෝග කර ඇත.
ඡායාරූප - රොමේෂ් මධුෂංක
ඡායාරූප - හිරාන් ප්‍රියංකර







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සෝබනවලට තවත් ඡන්දෙ ගන්න බෑ. මෙයාලා ජෝන් කෙරීගේ ගෝලයන් බව දැන් රටම දන්නවා.(නදී)