ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු රජරට බිල්ඩර්ස් අධිපති බුද්ධදාස ප්‍රියන්ත සිරිසේන (42) මහතා සාහසිකයෙකුගේ පොරෝ පහරකින් හිසට තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහළක ප්‍රථිකාර ලබමින් සිටියදී අද අළුයම මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
බ්‍රහස්පතින්දා රාත්‍රියේ පොලොන්නරුවේ හතරවෙනි ඇලේදී ඔහු මෙම ප්‍රහාරයට ලක් විය. ඔහුට පහර දුන්නැයි සැකපිට ඔහුගේ හොඳම මිතුරෙකු පොලිස් අත් අඩංගුවට පත් විය.
දෙදෙනා අතර පැවති ආරවුලක් මෙයට හේතුව බව දැනගන්නට අැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා. විත්තිකාරයාගේ ගෙදර මිදිලේදී තමයි සිද්ධිය වෙලා තියෙන්නේ. (දිල්)
ගොඩ දාපු වැලි අරන් යන්න බැරි විය. (ස)
"සත්ගුණවත්, දානපති, සිල්වත්-ගුණවත් රාජු මහතාගේ අභාවය පිලිබඳ අපගේ කණගාටුව! මීට මාස කිහිපයකට පෙර ආරම්භ කල" සහල් ව්‍යාපාරය නතරවන්නේ නම් ජනතාවටද හිතකාමියෙක් විය හැකිය! (ස)
මෙයා සාමාන්‍ය මනුසයෙක් වගේ සාමාන්‍ය ජීවිතයක් ගෙව්වා නම් මෙහෙම වෙන්නේ කොහොමද? (ස)
හිටපු ජනාධිපතිගේ සහෝදරයන්ට පවුලේ උදවියට වගේ ආරක්ෂාව දීල තිබුණනම් මෙහෙම වෙන්නේ නැහැනේ. (ස)
කර්මය කියන්නේ වලක්වන්න බැරි දෙයක්. ඥාති වියෝව කියන්නේ අපි මොන තනතුර දරුවත් දර ගන්න බැරි ශෝක ජනක අවස්ථාවක්. ඒ නිසා මම ජනාධිපති තුමාට මේ අවස්ථාවේ මගේ කනගාටුව පල කරලා එතුමාට සිතේ ශෝකය දුරු වේවා යයි. ප්‍රාර්ථනා කරනවා.(ම)
මිය ගිය ඔහුට නිවන් සුව (ත)
ඔබාමාගේ අයියා කොංගෝවේ ගංජා ගහනවා. මෙතන විටිනාකම තියෙන්නේ එයා තමන්ගේ පාඩුවේ හිටපු එක. පහුගිය ආණ්ඩුවේ හැටියට නං මෙයා දැන් ඇමරිකාවේ තානාපති. ඔබට නිවන් සුව ලැබේවා (ත)
බලන්නකෝ හෙලිකොප්ටර්, එයා ෆෝස් ඇම්බියුලන්ස්, ද සෙන්ට්‍රල් හොස්පිටල්, මෙයා කොහොම ජනතා සේවයක් කරලා ඇද්ද නේද?(ත)
ඔහුට නිවන් සුව පතනගමන් මේ මරණය සාහසිකයකුගේ වෙඩි පාරකට ලක්වීමෙන් ජිවිතක්ෂයට පත් උනාකියල දැම්මොත් හොද නැද්ද ?.මොකද රටේ ජනාධිපතිගේ මල්ලිට පොරෝ වකින් ගහල මරල කියල ලෝකය දැනගත්තොත් මොනවා හිතයිද? (ත)
ගිය රජය කාලේ එහි කාගේ හරි කෙනකුට මෙහෙම දෙයක් වුණා නම් කරපු අයගේ හත්මුතු පරම් පරාවම පරලොව තමයි. (ත)
ජීවිතිය ගැන අයියා දැනගත් දේ මල්ලි දැනගෙන ඉඳලා නෑ. (ත)
ඕක තමයි ස්වභාව ධර්මය (නදී)
ලෝකයේ සංස්කෘති ගණනාවක්ම මියගිය අය ගැන නරක කියන්නේ නැහැ. අපිත් එහෙමයි. ඒ වුනත් මේ මියගියේ තමන්ගේ පාඩුවේම හිටි කෙනෙකුත් නෙවෙයි. තමන්ගේ නමට අමතරව වෙන නමක් හැදුනෙත් නිකම් නෙවෙයි. (නදී)