තමාත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අතර පවතින ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අද (1) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.
වෛද්‍යවරු ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සාර්ථක වූවාද නැද්ද යන්න බදාදා දැකගත හැකිවූ බවත් වැරදි අවබෝධයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බවත් කී ඇමැතිවරයා ඉදිරියේ ඔවුන් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඒ ගැන එම අවස්ථාවේ දී කටයුතු කිරීමට තමා සූදානම් බවද කීවේය.
ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩිගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමාට ලැබී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ අතර නැගෙනහිර මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධරයකුට බැන වැදීම සම්බන්ධ සිදුවීමේදී හමුදාව නීතියට පටහැනිව තහනම් නියෝගයක් පනවා තිබූ හෙයින් වහාම එය ඉවත් කළ බවද කී ඇමැතිවරයා නැගෙනහිර මහ ඇමැතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා ලිපියක් එවා ඇතැයිද කීවේය. මහ ඇමැතිවරයා පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ ජනතාවගේ වරමින් බවත් එබැවින් ඔහුට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුකාරවරයාට ද නොහැකි බව ඔහු සඳහන් කළේය.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන යන මහත්වරුද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
‘දොස්තරලා සමග ප්‍රශ්නය සාකච්ඡාවෙන් විසඳනවා‘
ටී.සිල්වා Wednesday, 01 June 2016 01:03 PM
හැමදේකටම දේශපාලනය ගාවගෙන අසරණ රෝගීන්ව අමාරුවේ දන්නා එපා (නි)
යොහාන් Wednesday, 01 June 2016 01:28 PM
ජයම්පති සමඟ මාත් එකඟයි (නි)
රොහාන් Wednesday, 01 June 2016 01:30 PM
ඉස්සර සමහරු පුළුවන් තරම් දොස්තරලට මඩ ගැහුවා. දැන් නම් ඉතින් ඇතිතරම් සාකච්ඡා! (නි)
නිලාන් Thursday, 02 June 2016 07:21 AM
මේ වැඩේ නිසා ලෙඩ්ඩු කීදෙනෙක් දුක් විඳින්නද? (ර)
රොෂාන්ත Wednesday, 01 June 2016 03:05 PM
අපිට නම් දැන් මේවා අහලා අහලා එපාවෙලා (නි)
නිම්මි Wednesday, 01 June 2016 03:09 PM
තාත්තලා පුතාලා අම්මලා..... මේවා පවුල් පාලනය නෙමෙයිද දන්නෙ නැහැ. දොස්තරලාට බනින හැටි විතරක්. පුදුම යහපාලනේ. (නි)
සනත් Thursday, 02 June 2016 02:12 AM
කෝ පුරසාරම්? කතාවෙන් නම් කාටවත් බය නැහැ. (නි)
යෝනක Wednesday, 01 June 2016 09:11 AM
බලමුකෝ කියන විදිහටම වැඩ වෙයිද කියලා (නි)
රත්නායක Wednesday, 01 June 2016 09:58 AM
මොනවා කියනවා ද කියලා අපිට නම් තේරුම් ගන්න බැහැ (හේ)
ගාමිණී Wednesday, 01 June 2016 10:05 AM
පුතා තමයි මේ හැමදේටම මුල.(හේ)
ජයම්පතී Wednesday, 01 June 2016 10:09 AM
ඇමතිතුමා, දැන් සාකච්ජා කරන්න යන්නේ වැඩේ වැරදෙන බව දන්නා නිසා නේද? එහෙම නැතුව රෝගීන් ගැන හිතලා නෙවෙයිනේ. එහෙම හිතුවනම් මීට කලින් ඒක කරන්න තිබුනා.(හේ)
නිමල් Wednesday, 01 June 2016 10:25 AM
ඒක හොඳයි.(හේ)
කමල් Wednesday, 01 June 2016 11:28 AM
හත්මුතු පරම්පරාවම සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලේ දාගෙන මේවා විසදන්නද ? (ම)
මියුරු Wednesday, 01 June 2016 12:03 PM
බලන්නකෝ වෙනසක තරම! (නි)
රංග Wednesday, 01 June 2016 12:19 PM
ඔබතුමා ඇමතිධූරයක් දරන්නේ මොන පක්ෂයෙන්ද කියන එක අපිට ප්‍රශ්නයක් (නි)