තමාත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අතර පවතින ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අද (1) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.
වෛද්‍යවරු ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සාර්ථක වූවාද නැද්ද යන්න බදාදා දැකගත හැකිවූ බවත් වැරදි අවබෝධයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බවත් කී ඇමැතිවරයා ඉදිරියේ ඔවුන් වැඩවර්ජනයකට සූදානම් වුවහොත් ඒ ගැන එම අවස්ථාවේ දී කටයුතු කිරීමට තමා සූදානම් බවද කීවේය.
ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩිගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමාට ලැබී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ අතර නැගෙනහිර මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධරයකුට බැන වැදීම සම්බන්ධ සිදුවීමේදී හමුදාව නීතියට පටහැනිව තහනම් නියෝගයක් පනවා තිබූ හෙයින් වහාම එය ඉවත් කළ බවද කී ඇමැතිවරයා නැගෙනහිර මහ ඇමැතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා ලිපියක් එවා ඇතැයිද කීවේය. මහ ඇමැතිවරයා පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ ජනතාවගේ වරමින් බවත් එබැවින් ඔහුට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුකාරවරයාට ද නොහැකි බව ඔහු සඳහන් කළේය.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන යන මහත්වරුද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේකටම දේශපාලනය ගාවගෙන අසරණ රෝගීන්ව අමාරුවේ දන්නා එපා (නි)
ජයම්පති සමඟ මාත් එකඟයි (නි)
ඉස්සර සමහරු පුළුවන් තරම් දොස්තරලට මඩ ගැහුවා. දැන් නම් ඉතින් ඇතිතරම් සාකච්ඡා! (නි)
මේ වැඩේ නිසා ලෙඩ්ඩු කීදෙනෙක් දුක් විඳින්නද? (ර)
අපිට නම් දැන් මේවා අහලා අහලා එපාවෙලා (නි)
තාත්තලා පුතාලා අම්මලා..... මේවා පවුල් පාලනය නෙමෙයිද දන්නෙ නැහැ. දොස්තරලාට බනින හැටි විතරක්. පුදුම යහපාලනේ. (නි)
කෝ පුරසාරම්? කතාවෙන් නම් කාටවත් බය නැහැ. (නි)
බලමුකෝ කියන විදිහටම වැඩ වෙයිද කියලා (නි)
මොනවා කියනවා ද කියලා අපිට නම් තේරුම් ගන්න බැහැ (හේ)
පුතා තමයි මේ හැමදේටම මුල.(හේ)
ඇමතිතුමා, දැන් සාකච්ජා කරන්න යන්නේ වැඩේ වැරදෙන බව දන්නා නිසා නේද? එහෙම නැතුව රෝගීන් ගැන හිතලා නෙවෙයිනේ. එහෙම හිතුවනම් මීට කලින් ඒක කරන්න තිබුනා.(හේ)
ඒක හොඳයි.(හේ)
හත්මුතු පරම්පරාවම සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුලේ දාගෙන මේවා විසදන්නද ? (ම)
බලන්නකෝ වෙනසක තරම! (නි)
ඔබතුමා ඇමතිධූරයක් දරන්නේ මොන පක්ෂයෙන්ද කියන එක අපිට ප්‍රශ්නයක් (නි)