කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙත් සවිය පදනම සංවිධානය කළ මෛත්‍රී භූෂණ උපහාර උළෙල හා සංවත්සර සැමරුම අද (5) කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්ම ගවේෂී බෞද්ධාශ්‍රම ශාලාවේදී පැවැත්විණි.
ප්‍රධාන ආරාධිතයා වශයෙන් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගීවූ අතර එහිදී ජනමාධ්‍ය සේවය අගයමින් ලංකාදීප පත්‍රයේ හා ලංකාදීප වෙබ් අඩවියේ නිදහස් මාධ්‍යවේදී විශ්ව ගැමුණු ප්‍රියංකර මහතා ජනමාධ්‍ය ප්‍රසාධන හා වෛද්‍ය වෘත්තීයේ සේවය අගයමින් වෛද්‍ය රුක්ෂානා විනූපිකා හේතුමුනි ද සිල්වා මහත්මිය අහිංසා සාධනී ගෞරව නාම වලින් පිදුම් ලැබූහ.
අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ත්‍රිකුණාමලේ ආනන්ද නාහිමි හා එහි අධිකරණ සංඝනායක අහංගම ආනන්ද නාහිමියෝද අනුශාසකත්වය දරමින් වැඩසටහනට එක්වූහ.
ඡායාරූප - අකිල බද්දෙවිතාන





















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව,ඔබ කරන සේවයට මගේ අතිමහත් ගෞරවය. ඔබ හට ස්වභාවය ධර්මය පිළිබඳ තිබෙන දැනුම සහ නුවණ ඉතාම විශිෂ්ටය (නි)
විශ්ව, ඔබට මගෙනුත් සුබ පැතුම්! (නි)
ඔබ සැමටම සුබ පැතුම්! (නි)
උතුම් උපහාර උත්සවයේ අගය දේශපාලන සම්බන්ධයකින් තොරව තිබුණා නම් තවත් වැඩිවේවි යනු මගේ අදහසයි (නි)
මාධ්‍යවේදී විශ්ව ගැමුණු ප්‍රියංකර මහතාට සුබ පැතුම් (නදී)
වලල්ලාවිටින් කොළඹ ඇවිත් කප් ගහන අපේ සහෝදරයට ජයම වේවා. (නදී)
අපේ උණුසුම් සුබ පැතුම්! තෙරුවන් සරණයි! (නි)
විශ්ව ගැමුණු, මා මිත්‍ර ඔබට සුබ පැතුම්!! (නි)