ඇමැති ආරුමුගන් තොණ්ඩමන් සඳුදාට (16) පෙර කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් අබේගුණරත්න මහතාගෙන් සමාව නොගතහොත් නුවරඑළිය දිසාවේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වැඩවර්ජනයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමය කියයි.
එම වෛද්‍යවරයාට ඇමැති ප්‍රසිද්ධියේ චෝදනා නඟා ඔහු මාරු කිරීමේ උත්සාහයක් අරඹමින් වතු කම්කරුවන් ලවා පසු ගිය සෙනසුරාදා උද්ඝෝෂණයක්ද කැරවීය.
වෛද්‍යවරයා වතු කම්කරු සෞඛ්‍යය ගැන සැලකිල්ලක් නොදක්වතියි තොණ්ඩමන් මහතා චෝදනා කරයි.
තොණ්ඩමන් ඇමැතිගේ ක්‍රියාකලාපය හෙළා දකින බව වෛද්‍යවරුන්ගේ සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා මේ අය වැදගත් විදියට හැසිරිය යුතුයි නේද? (නි)
මට නම් මේ රට දැන් එපාවෙලා හැමතැනම ප්‍රශ්න පිට ප්‍රශ්න..... (ස)
ඔන්න රජයේ වෛද්‍ය සංගමේට මාර අවස්ථාවක් වර්ජන කරන්න. (ස)
තීරණය ඇත්තේ මහජනතාවගේ අතේයි (නි)
වෘත්තීය ගරැත්වයක් ඇතූව රැකියාව කරගෙන යන්න දේශපාලුවො ඉඩ නොදෙන කොට වර්ජනය ඇර මොනව කරන්නද (අ)
මේ දොස්තර ගැන මම දන්නවා (නි)
වරදක් කළා නම් ඉතින් සමාව ගත්තට කමක් නැහැ (නි)
මෙයාගේ මිනුස්සු මීට කලිනුත් දික් ඔය රෝහලේ සේවයෙකුට ගහල ලොකු වර්ජයක් තිබුනා නුවරඑලිය දිස්ත්‍රික්කෙම. මට මතක හැටියට 2002 හෝ 2003 දි. පුද්ගලික ඒවත් ඒ මොහොතේ වර්ජනේ කලා. ප්‍රසිද්දියේ සමාව ගන්න කියන්න (නදී)
නිහාල් අපි ලංකාවෙන් කිව්ව ගමන් දැන් වෙන රටකටවත් ඇතුලත් කරගනිවිද කියන එකත් සැකයි. (නදී)
චෝදනාවක් කළා නම්, අදාළ වෛද්‍යවරයා විසින් ඒකට තම නිවැරදිභාවය ඔප්පුකරන්න කරුණු ඉදිරිපත් කරන්න ඕනෑ නේද? (නි)
මේ දෙගොල්ලම කරන්නේ බදු මුදල් වලින් ජීවත් වෙලා .... අහිංසක මිනිසුන් බිල්ලට ගන්න එක . (ස)
අපි නම් දොස්තර මහත්වරුන්ට සහයෝගය දෙනවා. (නි)
ඉසුරු කියන දේට මාත් එකඟ වෙනවා . දේශපාලකයන්ගේ ගෙරවිලි හොඳ එයාලගේ කට්ටියට. (ස)
එහෙත් ප්‍රමුඛතාවය දිය යුත්තේ රෝගීන්ට නොවේද? (නි)
මොනවා වුණත් මේ ලෝකයේ අනෙක් රටවල් දෙසත් පොඩ්ඩක් බලන්න. අපේ රට පහත් කරලා කතා කරන්න එපා. පිට ඉන්න අපියි රටේ වටිනාකම දන්නෙ (නි)
දැන් ඉතින් මෙතන කවුරුන් වැරදි වුණත් අන්තිමේදී තැලෙන්නේ සාමාන්‍ය ජනතාව (නි)
මෙතුමා හැසිරෙන්නේ දෙමළ චිත්‍රපටි වල ඉන්න නළුවෝ වගේ. මෙතුමාට මානසික රෝගයක් තියෙන්නේ. (අ)
දැන් නම් හිතෙනවා දෙයියනේ කියලා අපි කීයක් හරි හොයාගෙන යන්න රටක් හොයාගන්න ඕනෑ කියලා (නි)