(හර්ෂණ තුෂාර සිල්වා)
දිස්ත්‍රික්ක හතකට නායයෑමේ අවදානමක් තිබෙන බව සඳහන් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අද 27 රතු නිවේදනයක් නිකුත් කළේය.
ඉදිරි පැය 24 කාලයේදීත් වර්ෂාපතනය අඛණ්ඩව පැවැතිය හොත් නායයෑමේ අවදානම සහිත කඳුබෑවුම්වලින් ඉවත් වන්නැයි ද එම ආයතනය මහජනතාවට දැනුම් දුන් අතර අදාළ නිවේදනය හෙට 29 දහවල් 1 දක්වා වලංගු වේ.
ඒ අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට මෙම අවදානම පවතියි. නායයෑම් අවදානම තිබෙන දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙසේය.
රත්නපුර දිස්ත්‍රික්කය -
රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, ඉඹුල්පේ, කිරිඇල්ල, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න හා නිවිතිගල
කෑගල්ල -
බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට හා දෙහිඕවිට
ගාල්ල -
බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියගම සහ නාගොඩ
කළුතර -
බුලත්සිංහල, වල්ලාවිට, අගලවත්ත සහ බදුරලිය
මාතර -
කොටපොල, පස්ගොඩ, පිටබැද්දර සහ මූලටියන
හම්බන්තොට -
වලස්මුල්ල සහ කටුවාන
මහනුවර -
ගඟ ඉහ ඉද්දර කෝරළේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භයානක නායයාම් වලින්, පස්කඳුවලට යටවීමෙන් සහ වෙනත් උපද්‍රව වලින් මිය ගිය සියලුම දෙනාට නිවන් සුව අත්වේවා ..! මතු කිසිදු භවයකදී මෙවන් අකල් මරණවලට ලක්නොවේවා...! අනන්තවු තුණුරුවන් ගුණ බලයෙන් ශ්‍රී ලංකාද්වීපයට ඇද හැලෙන්නාවු අධික වර්ෂා සහිත කාලගුණික තත්ත්වය පහවීයේවා..! මෙතෙක් ලොව පහළවී වදාළ බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා තුල විද්යමානවු අනන්ත අප්‍රමාණ ගුණ බෙලෙන් විපතට පත් සියලුම දෙනා සුවපත්වේවා..!