සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම්වලට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඇඟිලි ගසතියි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය නලින්ද සොයිසා මහතා කියයි.
මීට පෙර වෛද්‍ය මාරුවීම් මණ්ඩලවල සේවය කළ තමා කිසිවිටකත් එම පත්වීම්වලට ඇඟිලි නොගසන බව රාජිත සේනාරත්න ඇමැති කියයි. තම භාර්යාව හා පුතා ගැන වෛද්‍ය සංගමය කරන චෝදනා ප්‍රලාප බව ඔහු කියයි.
‘මේක මාෆියාවක්. වෛද්‍ය සංගමය ඉල්ලන්නේ ඔවුන්ට ඕනෑ විදියට මාරුවීම් කරගැනීමටයි. එවැනි බලපෑම්වලට යටත් වෙන්නේ නෑ.‘ යැයිද ඇමැති පවසයි.
‘ඥාති සංග්‍රහය හොඳ නෑ කියන ගමන් විශ්‍රාම යන බිරියට තනතුරු දෙනවා. පදනම් දාගත් පුතාලා අමාත්‍යංශයෙන් සහනාධාර බෙදනවා. මේ වගේ වැඩ කලින් තිබුණේ නැහැ‘ යැයි වෛද්‍ය සොයිසා පවසයි.
‘අඟහරුවාදා දොස්තර වර්ජනය නවත්වා ගැනීමට අඟහරුවාදා උදේ 8 වනතුරු කල් තිබෙනවා‘ යැයිද දොස්තර සොයිසා සඳහන් කරයි.
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිසාන්ත දසනායක පවසනුයේ ඇමැති හා රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ ආරවුල අලුත් දෙයක් නොවන බවයි.
‘පසුගිය වසර කිහිපයේ වෘත්තීය සමිතිත් සෞඛ්‍ය ඇමැති හා බලධාරිනුත් අනිසි ලෙස පත්වීම් ලැයිස්තු හැදුවා. මෙවර පුපුරා ගියේ අන්තිම වෙඩි මුරය. මේ වසරේදී සෞඛ්‍ය ඇමැතිවරයා අත්තනෝමතික ලෙස ඥාති සංග්‍රහය දක්වමින් වෛද්‍ය පත්වීම් සැකසීම වෛද්‍ය වෘත්තීයේ කීර්ති නාමයට පවා කැළැල්වන ලෙස සදාචාර සම්පන්න නොවන ප්‍රකාශ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහාය දෙනවා‘ යැයිද ඔහු කීය.
වීඩියෝ - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතනිනුත් බැටකන්නේ අපි වගේ දුපත් ජනතාව තමයි. (ර)
ඇයි ජීඑම්ඕඒ එකට විතරක් ඒ බලය දෙන්නේ? රටේ සියලුම අමත්‍යංශ වල පත්වීම් දීමේ බලය ඒ ඒ වෘත්තීය සමීති දෙන්න කියල උද්ගෝෂණයක් කරමු. (බ)
කොහොමින් කොහොම හරි අසරණ ජනතවයි දුක් විදින්නේ. (ර)
ඇත්තම තමයි ෂෙල්ටන් ඔය ඔක්කොම එහෙම තමයි. (ර)
දුටුගැමුණු එළාර යුද්දෙදි අසරණ ජනතාව පීඩාවට පත්වීම වලක්වන්න ඕන නිසා දුටුගැමුණු රජ්ජුරුවෝ එළාර රජතුමාට කිව්වා 'අපි ද්වන්ධ සටනක් කරමු, මොකටද නිකම් අසරණයෝ මැරෙන්න අරින්නේ' කියල. අනේ, එහෙම එකක්වත් කරලා අපිව බේරගන්නවද? (ර)
මේ දොස්තරලා 95%ක් තවත් එක ව්‍යාපාරිකයෝ කොට්ටාශයක් විතරයි. (ර)
රටේ තිබෙන ප්‍රශ්න මදිවාටද මේ ප්‍රශ්න? (නි)
දොස්තරලා හැම වෙලාවේම හිතන්නේ එයාලා ගැන විතරමයි. එයාලට සල්ලි හම්බවෙනවා නම් මොනවා වුණත් කමක් නැහැ. ලෙඩුන්ට ආදරේ පුද්ගලික සේවාවේදී විතරයි. (නි)
දොස්තරලා අත්සන් කරන්නේ නැහැ. එයාලට ඕනෑ විදියට වෙලාව දාලා අතිකාල දීමනා ගන්නවා. මෙයාල හැම වෙලාවේම සල්ලි ගැන විතරයි හිතන්නේ.අපි නොදන්නා දොස්තරලා (නි)
මේකේ දාල තියෙන අදහස් දිහා බැලුවහම දොස්තරලා ගැන මොන තරම් ජනතා අප්රසාදයක්ද තියෙනේ කියල පැහැදිලිවම පේනවා. (බ)
නයා සහ මුගටි දෙවන කොටස (අ)
ඔයතරම් අවංක පුද්ගලයෙක් කොහොමද දත් දොස්තර වැඩක් කරලා නව 7 ක් ගන්නේ ? (අ)
හැම දෙයකින්ම දුක් විදින්නේ අහිංසක මිනිසුන් බව ඔය දෙගොල්ලම තේරුම්ගන්න.(අ)
රාජිත ගිය ගිය තැන ඥාති සංග්‍රහය. ධීවර ඇමති කාලෙ කිසිම සුදුසු කමක් නැති මල්ලි ධීවර සංස්ථා සභාපති කරලා ධීවර සංස්ථාව බංකොලොත් කළා විතරක් නෙමෙයි මල්ලි හොඳට ගහල ලොකු සල්ලි කාරයෙක් වුණා. දැන් රාජිත පවුල පිටින් සෞඛ්‍ය අමාත්‍යංශය කනවා (බ)
ලොකු ලොකු අය ගහමරාගද්දී ඒවාට මැදිවෙලා අපාදුක් විඳින්නේ මේ රටේ පොඩි අය. (නි)
දොස්තරලා කියන්නෙත් මිනිසුන් බව බන්දුල තේරුම් ගන්න. (ර)
මේවා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (ර)
අසරණ ජනතාව ගැන හිතලා වැඩ කරමු. (ර)
දෙගොල්ලම කැත්තට පොල්ල වගේ ඉදීමෙන් ප්‍රශ්න විසදිය නොහැක. (ර)
අනේ මන්දා, මෙයාලා කියනවා, අපි අහගෙන ඉන්නවා (නි)
කැති පොලු දෙකම ඔය දොස්තර සංගමයේනේ තියෙන්නේ. මෙයාලා ඔය දෙකම පාවිච්චි කරගෙන අසරණ ලෙඩුන්ව පරදුවට තියා එයාලගේ බඩගෝස්තරය ගැන විතරක් හිතනවා (නි)