රුසියාවේ හිටපු තානාපතිවරයකු හා එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකරු රාජා ජෝන්පුල්ලේගේ ගෙට හා වෛද්‍ය මධ්‍යස්ථානයට ගිනි තබා රුපියල් කෝටි 5ක අලාභ හානි කළැයි කියන නඩුව අද (18) සිට එක දිගට විභාගයට ගැනීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා තීරණය කළේය.
ඒ අනුව අද විභාගය ඇරඹිණි.
විත්තියේ නීතිඥවරු කියා සිටියේ නඩුවට සූදානම්වී නොපැමිණි හෙයින් අද විභාගයට නොගන්නා ලෙසයි. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. 2008-8-06 උතුරු මැද පළාත් සභා මැතිවරණ සමයේ එම දේපළ ගිනි තැබීයැයි පස් දෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කර ඇත. ඒ අතර මිහින්තලේ ප්‍රා සභාවේ සන්ධාන හිටපු මන්ත්‍රී අනිල් පුෂ්පානන්ද හා දැනට මියගොස් සිටින උතුරු මැද පළාත් සභා එජාප මන්ත්‍රී ගාමිණී පෙරේරා යන අය සිටිති.
මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමි ඇතුළු සාක්කිකරුවන් 18 දෙනකු පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් කළ පව් මේ ආත්මයේදීම පටිසන් දෙනවාමයි. එය වළක්වන්න කාටවත් බැහැ. (නි)