IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දොස් සමනයට විද්වත් කමිටුවක්

උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගුණාත්මක භාවය හා එහි ඇතැයි කියන දෝෂ ගැන විමර්ශනයට  විද්වත් කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ දී අද (12) තීරණය විය.

එම කමිටුවට මහාචාර්යවරුන් තිදෙනකු සහ හිටපු විභාග කොමසාරිස්වරයකු පත් කරන්නටත්, ඔවුන්ගේ නිගමන අනුව මානව හිමිකම් කොමිසමේ නිර්දේශ නිකුත් කිරීමටත් අද සියලු පාර්ශ්ව එකඟ වූ බව මානව හිමිකම් කොමිසම කියයි.

ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටළු ඇතැයි කියමින් ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් විභාග කොමසාරිස්ට යැවූ ලිපියක් පදනම් කර ගනිමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ගොනු කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේ දී මානව හිමිකම් කොමිසම එම තීරණයට එළඹියේය.

කොළඹ විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ මාහාචාර්ය අතුල රණසිංහ, පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය අනෝමා අබේරත්න, රුහුණ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි සහ ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතා  පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ මානව හිමිකම් කොමිසමේ පෙනී සිටි අතර විභාග කොමසාරින් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්ප කුමාර මහතා පැමිණ සිටියේ නැත.

කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, එහි නීති ලේකම් නිමල් පුංචිහේවා සහ කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා මහත්වරු පැමිණිල්ල විභාග කළහ.

විභාග ගැටළුව සම්බන්ධයෙන් කොමිසමට පැමිණිලි කර දීර්ඝ කාලයක් ගත වී ඇති බවත්, තව සතියකින් ප්‍රතිඵල ලැබෙන නිසා ඊට පෙර තීරණයක් ගත යුතු බවත් පැමිණිලි පාර්ශ්වය කීවේය.

 ඒ අනුව අදාළ කමිටුව පත් කිරීමට තීරණය විය.

 

DSC_0005 DSC_0008



අදහස් (0)

දොස් සමනයට විද්වත් කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 889 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site