මහරගම කාන්තාවකගෙන් රුපියල් තුන්ලක්ෂයක අල්ලසක් ගත්තැයි හෝමගම දිසා විනිසුරු සුනිල් අබේසිංහට එරෙහි පරීක්ෂණ අවසන් වී නැතැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
ප්‍රකාශයක් සටහන් කැර ගැනීම සදහා කොමිසමට එන ලෙස දිසා විනිසුරුගේ සහෝදරයාට දැන්වු නමුත් ඔහු නොපැමිණි බව කොමිසම දැන්වීය.
හිටපු දිසා විනිසුරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා කියාසිටියේ ඔහු මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කැර ඇති බවයි.
රජයේ සේවකයකු වන ඔහු කොමිසමට නොගිය බවද නීතීඥවරයා කීවේය.කොමිසමට අද කටඋත්තරයක් දෙන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
දිසා විනිසුරු ඇප මත මුදා හරිනු ලැබ සිටී. ඔහුගේ ආරක්ෂකයා වු පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරි ජුලි 28 තෙක් යළි රිමාන්ඩ් කරුනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂකයට වෙලා තියෙන්නේ වඳුරට උනදේ නේද ? (අ)
අද කාලේ ලොක්කෝ මොන වැරැද්ද කලත් ඒ වෙනුවෙන් වන්දි ගෙවනවා. සොක්කෝ ඕන තරම් ඉන්නවා.(නදී)
එතාකොට අල්ලස අරන් තියෙන්නේ කවුද හරියටම? (නි)
හොරා එළියේ අහිංසකයා ඇතුලේ.(නදී)
පස්සේ නිදොස් කොට නිදහස් වෙයිද?(නදී)
පුදුම නීති මේවා ලොක්කා එලියේ කඩේ ගිය එකා ඈතුලේ.(නදී)
මෙය දණ්ඩනීති සංග්‍රහයේ මිනීමැරුම් වලට සමාන වරදක්. අල්ලස් දෙපාර්තුමේන්තුව විසින් පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් පොලිස් කොස්තාපල් තවදුරටත් රිමාන්ඩ් කරගෙන ඉන්න එක විශාල ප්‍රහේලිකාවක් අපට. මේ ගැන පුද්ගලිකව හෝ හොයා බලලා ඉක්මනින් සුදුසු තීන්දුවක් දෙන්න. (නි)