යළිත ප‍්‍රදේශ රැසකට තද වැසි පවතින බැවින් මහනුවර, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත‍්‍රික්කයන්හි නාය යෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය.
නිරිත දිග මෝසම් වර්ෂාව සක‍්‍රීයවීම හේතුවෙන් කෑගල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික්කයන්හි දැඩි නායයෑමේ අවදානම් තත්ත්වයක් ඇතිවන නිසා උස් ස්ථාන හා කඳු ආශ‍්‍රිතව ජීවත් වන්නන් හට රජය අනතුරු ඇඟවීය.
මහනුවර දිස්ත‍්‍රික්කයේ උඩපළාත, පස්බාගේකෝරළේ, උඩුනුවර සහ ගඟවට කෝරළේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස, රත්නපුර දිස්ත‍්‍රික්කයේ කිරිඇල්ල, අයගම, ඇහැළියගොඩ, රත්නපුර සහ කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අඹගමුවකෝරළේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දැරණියගල, දෙහි ඕවිට, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය, අරණායක, කෑගල්ල, වරකාපොළ, රඹුක්කන, මාවනැල්ල සහ ගලිගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ කළුතර දිස්ත‍්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, වලල්ලාවිට, ඉංගිරිය, මතුගම සහ බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස නායයෑමේ වැඩි අවදානමක් ඇති ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මේ ලින්ක් එකත්. https://www.facebook.com/media/set/?set=a.1720643444885310.1073741878.1500374833578840 (නි)
බුදුන් සමන් දෙවිඳුට, ශක්‍ර දෙවිඳුට බාරදුන් රටේ සිදුවන මිහිකත නුහුලන අපරාධ සඳහා දඬුවම්... (නි)