බිඟුන් මේනක ගමගේ
ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එක්සත් ජාතික පෙරමුණ කිසිදු තීරණයක් ගෙන නැතැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
කොමිසමක් පත්කර යහපාලන ආණ්ඩුවේ ද වංචා දූෂණ සෙවීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමෙහි වරදක් නැතත් පුද්ගලයන් දේශපාලනිකව කොටු කිරීමේ හෝ විනාශ කිරීමේ අරමුණින් එවැන්නක් සිදුවුවහොත් එහි කිසිදු ප්‍රයෝජනයක් නැතැයි ද ඇමැතිවරයා කීය.
වංචා දූෂණ සෙවීමට ජනාධිපතිවරයාට අවංක අභිලාශයක් තිබේ නම් පළමුව කළ යුත්තේ ගුවන් හමුදාවේ මිග් ගනුදෙනුව, නාවික හමුදාවේ ඇවන්ගාඩ් ගනුදෙනුව, යුද හමුදාවේ දේපළ විකිණීම යනාදී වශයෙන් 2004 සිට 2014 දක්වා වූ සිදුවීම් සෙවීම යැයි කී හෙතෙම ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් සිදු වූ අලාභය බැඳුම්කර ගනුදෙනුවෙන් සිදු වූ අලාභය මෙන් විසි ගුණයක් යැයි අවධාරණය කළේය.
යහපාලන ආණ්ඩු කාලයේදී තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ යන අපරාධ පරීක්ෂණවලදී එම ඝාතනවලට අණ දුන් අය සම්බන්ධයෙන් කටයුතු කළේ නැතැයි ද තවත් පරීක්ෂණ දේශපාලන බලපෑම් මත යටගැසුවේ යැයි ද ඇමැති චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අයගේ හොරකම් හොයන්නේ නැහැ . අපේ ඒවා හොයනවා . දෙපැත්තෙන්ම ඇහෙන්නේ එකම සින්දුව .... ඔක්කොම හොරු වගේ .
මේ යන විදියට ගේන්න වෙයි. එයා කොහොමද තීරණය කරන්නේ බැන්න අයට සහ ශ්‍රිලනිපයේ අයට ඇමතිකම් දෙන්නේ නෑ කියලා. තුන්මුල්ලේ හදායා, එස්බී සහ දයා කොහොමද එයාට බැන්නේ ජනාධිපතිවරණය වෙලවේ. එයලාට දුන්නේ ඇයි එහෙනන් ගිය සැරේ. අනික යුන්පි එකෙන් ආපු විජේදාස වගේ අයට ඇයි එහෙනන් ඇමතිකම් දුන්නේ ? කිසිම නීතිමය හැකියාවක් නෑ නේ එහෙම හැදි දෙකකින් භෙදන්න. තනතුරේ වරප්‍රසාද සහ පෞද්ගලික කරුණු ඔක්කොම පටලවගේන.
ව්‍යවස්ථාව උල්ලංඝනය කල ජනාධිපතිවරයකු තව දුරටත් බලයේ තබා ගැනීම මහා විලි ලජ්ජා නැතිකමක්. භයානක පූර්වාදර්ශයක්. ඔහුට අනිවාර්යයෙන්ම දඬුවම් කල යුතුයි!
කවදාවත් ඕගොල්ලෝ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්නත් නැහැ, යහපාලයක් ඇති කරන්නත් නැහැ. මේ ජනාධිපති කිසි කෙනක්ට දඬුවම් දෙන්නත් නැහැ. කවද හරි ජවිපෙ බලයට ආවොත් පමණයි මේ රටේ දුෂණ, වංචා, නාස්ති, මත්කුඩු, පාතාල ක්‍රියාකාරකම් නැති කරමින් යහපාලනයක් ඇති වේවි. ඒ වගේම වැරදි කරුවන්ට දඬුවමුත් ලැබේවි.
නව පත්වීම් ලැබූ සියලු ඇමති වරුන්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට වැඩි වැඩියෙන් වත්කම් ලැබේවා ! රටට ආදරය කරන අය , මතු පරපුර වෙනුවෙන් කල යුත්තේ ඔවුන්ට ආදර්ශයක් ගන්න පුළුවන් දේවල් පෙන්නා දීම , නැතිනම් , අපි කව්රුත් නෙමේ , වරදකරුවා දඩුවමෙන් බේරා ගැනීමට . එය සමාජයට කරන ලොකු ද්‍රෝහීකමක් . කල දේ වලට දඩුවම් දෙන්නේ නීතිය හෝ ධර්මය . කව්රුහරි හිතනවානම් , බලය යොදා හැම වරදකින්ම බේරෙන්න , ඒ සිතුවිල්ල තමා ලෝකේ තියෙන ලොකුම මෝඩකම . කාව හරි බේරන පුද්ගලයාත් වසලයෙක් . ඒවා මෙහයවන්නේ සොබාදහම . කර්මය පලිසන් දෙනවාමයි .
දෝෂාභියෝගයක් ගේන්නෙ නැත්තේ ජනාධිපතිට තියෙන ආදරේ හින්ද කියලද හිතන්නේ? නෑ. තුනෙන් දෙක නැති හින්ද සම්මත කර ගන්න බැරි වෙන නිසා. ජනාධිපති එලවන්න පුළුවන් නම් ඒක කරගන්න මේකෙ කොමෙන්ට්ස් දාන අයට වඩා යු අන් පී එකේ කට්ටියට හොඳටම උවමනාව තියෙනවා. එතකොට විරුද්ධ වෙන්න කවුරුත් නැහැනේ, හිටු කියල බැංකු ගේම් දෙන්න පුළුවන් ආයෙත්. ඒ හින්ද පටන් ගැනීමේදී වැරදි දේ කළා වුනත් මේ වෙලාවේ මේ ජනාධිපති ඉන්න එක රටට හොඳයි.
මේ අයට වෙන වැඩක් නැද්ද.?
බලය ගන්න පොර කෑවා දැන් කරගන්න බෑ. ජනතාව බලාගෙන ඉන්නේ.
ඒකාධිපති තත්වයක් හමුවේ එම අවස්ථාවන් වැලැක්වීම කාගේ කාගේත් වගකීමක් වේ.
ව්‍යවස්ථාව උල්ලංගනය කල ජනපති තනතුරේ නීත්‍යානුකූල බව පිළිබඳව, ශ්‍රේෂ්ටාධිකරණයෙන් මතය විමසිය හැකි නේද?
"ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් සිදු වූ අලාභය බැඳුම්කර ගනුදෙනුවෙන් සිදු වූ අලාභය මෙන් විසි ගුණයක්…" එහෙනම් ඉතින් ඉතිරි 19 ත් ගහන් කන්න දැන් ආයිත් බලය ලැබිල තියෙනවනේ. ලැජ්ජාවක් කියන එක ගෑවිලාවත් නැහැ.
ඔය වැඩේට 2/3 ක් ඕනෑ නේද? කොහොමද එ්ක පෙන්නන්නේ? අර හරීන් පෙන්නුව විදියටද?
ඔය දෙගොල්ලන්ගෙන් එක්කෙනෙක්වත් අනිත් අයගේ වංචා, දූෂණ සොයන්නේ නැහැ. ඊට හේතුව නම්, දෙගොල්ලන්ගේම කිල්ලෝට වල හුණු තිබීමයි. ලංකාව, දේශපාලකයින්ට නිසිසේ හොරකම් කිරීමට ඉඩ දී ඇති අවාසනාවන්ත රටක්. පසුගියදා ජනාධිපතිවරයා නිවැරදිව ප්‍රකාශ කල පරිදි, මේ රට දියුණු නොවීමට එක් ප්‍රධාන හේතුවක් නම් රටේ දේශපාලකයින් දූෂිතවීමයි.
ව්‍යවස්ථාව උල්ලංඝනය කළ පුද්ගලයෙක් නීතිය හා සාමය ඇමතිකම කරන්නේ කොහොමද කියන එක නෙමෙයි ප්රශ්නය, ඔහු ජනාධිපති හැටියට ඉන්නේ කොහොමද?
ඉස්සහරට බලමු මොකද වෙන්නේ කියලා නේද..?
මෙරට නගා සිටුවන්න ව්‍යවස්ථාව උල්ලංගනය කොහොම වෙතත් පුච්චලා පස්සේ ගා ගත්තත් අපිට කමක් නැත. රටම බංකොළොත් වෙලා පුළුවන් තරම් බදු ගැහැව්වා. තෙල් මිල වැඩිකළා. මේ අයට ලොකු ව්‍යවස්ථාව. තම පක්ෂයේ මිනිස්සු එකතුවෙලා මහා බැංකුව කඩලා රට අගාධයේ දැම්මා. ඒවා ලොකු නැහැ ව්‍යවස්ථාව උල්ලංඝනය වීම ලොකුයි. පුච්චලා ගාගන්නවා හලෝ පස්ස පැත්තේ. කාර් එකට නැග්ග කෙනා තමන්ගේ ආරක්ෂාවට සීට් බෙල්ට් දාගෙන වාහනයේ කණ්ණාඩිය ඇජස් කර ගන්නවා වගේ බලයට පත් වූ ගමන් කරන්න... ඕනෑම හොරකමකින් බේරිලා අවුරුදු ගානම හොරකම් කිරීමට ව්‍යවස්ථාව තමන්ට වුවමනා විදිහට වෙනස් කර ගැනීමයි.
ඒ කොන්දේසිය උඩ තමයි 225 කැමති වුනත් අගමැතිකම දෙන්නේ නැහැ කියන තීරණය වෙනස් වුනේ කියලා මම කියනවා.
උම්මග්ග ජාතකේ එන ඕන නැති දෙයටයි එපා දෙයටයි නොදන්නා දෙයටයි කටදාන බමුණා නැවත ඉපදී ඉඳීම සතුටක්