ශ්‍රි ලංකා දේශපාලන ඉතිහාසයේ සිටි දුෂිතම,මිනීමරු, කුඩුකාර එතනොල් ගෙන්නපු කප්පම් ගත්ත ලොකුම දුෂිතම තරගකරුවනට නම් දුන්නාට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ස්තුති කිරිමට කැමති බව හිටපු නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා අද (08) සිරිකොත පක්ෂ මුලස්ථානයේදි මාධ්‍ය හමුවක දී පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් කතා ඇති හොඳටම (නි)
පාවාදීමක් කළා නම් හතර වරිගයක් අපායේ යනවා. අපි තවමත් ඉවසීමෙන් ඉන්නවා. (නදී)
යුද සමයේ සාමාන්‍ය වැසියන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කළැයි කියන සිද්ධිය ගැන හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, වත්මන් නාවික හමුදාපති හා නැවියන් කිහිපදෙනකුගේ කටඋත්තර ගන්නා බව රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අද (8) ප්‍රකාශ කළේය. දෙහිවල නාවික හමුදා මුරපොළේදී පැහැරගත් බව කියන සිසුන් පස් දෙනකුද එම 11 දෙනා අතර වන බවත් නාවික හමුදාවේ නිලධරයන් තිදෙනකු ඊට හවුල් බවට තොරතුරු ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. (නදී)
ලාල්,ඔබ ඉතාමත් නිවැරදියි (නි)
ඇත්ත තමයි. කෝ කරපු වැඩ? (නි)
මටත් දැන් මේ කතා අහලම එපාවෙලා (නි)
අර රෑ කරුවලේ අතපත ගාලා පෙන්වපු භාවනා මධ්‍යස්ථානය ගැනවත් පරීක්ෂණ කළාද? ඒ බදු පිට බදු ගහලා හදපු මහජන මුදල් නිසයි අහන්නේ.. (නි)
අපේ රට හදන්න ජෙනරල් සරත් ෆොන්සේකා වගේ ශ්‍රේෂ්ඨ නායකයෙකුගේ අඩුවයි දැන් තියෙන්නේ. (නි)
කෝ මහ බැංකු හොරු එතකොට? ඒවා මෙයා දන්නේ නැහැ. (නි)
කාගෙන්හරි මොනවාහරි ටිකක් හොයාගෙන දැක්කා වගේ කියන එක වැරදියි (නි)
ලෙස්ලි ලෝව්, එහෙම රට නිදහස් කරගත් දවසේ අපි මොනතරම් සතුටු වුණාද?ඒත් අද අඬන්නයි සිද්ධවෙලා තියෙන්නේ. (නි)
රන්ජන් වගේ සියලු දෙනාම පාර්ලිමේන්තුවට ගියොත් හොර මගඩි නැතුව ජනතාවට සහනය ලැබෙනවා! (නි)
කට පියාගෙන ඉන්නකෝ! කට ඇරියහම ඔක්කොම ඉවරනේ! (නි)
මෛත්‍රී මහතා ගත්තේ නිවැරදි තීරණයක් (නි)
දැන් දැන් දේශප්‍රේමින්, අධිරාජ්‍යවාදීන්, ඇමෙරිකාව යන වචන එළියට බැස ඇත. (නි)
යුද්ධය තිබෙන කාලේ මෙයා කොහෙද හිටියේ? (නි)
අනේ මහත්තයෝ! (නි)
ඉමාක්, ඔයා දන්නා දෙයක් ගැන කතා කරන්න. (නි)
අනේ කවුරුවත් මොකුත් කියන්න එපා එයාට. ඔයාලා දන්නේ නැහැ මෙයා කොතරම් උගත් බුද්ධිමත් කියලා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මාමටත් අභියෝග කළානේ! මෙයා හරි වැඩකාරයා.ඉතින් අප්පේ මහින්ද දාපු එක එයාලට හොඳ නම් කට වහගෙන ඡන්දය කරන්න පුළුවන්නේ! (නි)
ඉමාක්, එයාලා හොරු නෙමෙයි. අනේ! ඔයාට තේරෙන්නේ නැද්ද? (නි)
අනුන්ගේ දේවල්ම නොකියා ඡන්දය ගැනත් අලුත් තොරතුරු ටිකක් කියන්නකෝ (නි)
මෛත්‍රී මහතාට අපි කොහොමත් තුති පුදනවා අපිව බේරගන්න ඉදිරිපත්වුණාට, පසුගිය පාලනයෙන් (නි)
එහෙම බැලුවොත් ඉතින් පාර්ලිමේන්තුවේ ආසන බහුතරයක්ම හිස්වෙයි (නි)
මොනා වුණත් රංජන් කියනවා මේ සාකච්ඡාවෙම ජවිපෙන් විතරයි හොරු නොවන අය ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා (බ)
රන්ජන්ගේ කතාව හරියට හරි......ජය වේවා (බ)
මේ වගේ අය ඉන්නකන් එජාපෙ අනාතයි (බ)
අපි කවදත් මහින්දට! (නි)
ඒකනේ කියන්නේ සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි කියලා (නි)
අපි හරක් කියලද හිතන් ඉන්නේ. (ස)
එතකොට පසුගිය ඇමතිවරු මන්ත්‍රීවරු අල්ල අල්ලා නීතිය හමුවට ගෙනාවේ අපිව මුලාකරන්න කියා නොහිතා ඉන්නේ කොහොමද අපි? (නි)
චන්දෙ ඉල්ලන එක වැරැද්දක්ද? ඉල්ලන කෙනා ජනතාවට එපාවුණ කෙනෙක් නම් පරදියිනේ. මොකටද නිකන් බොරුවට බෙරිහන් දෙන්නේ? අනිත් අයගේ කළ වැරදි කියනකොට ඒ අයගේ කළ හොඳත් කියන්න. (නි)
රන්ජන් මහතාණෙනි, ඔබලා මීට එරෙහිව නැඟීසිටිය යුතුයි.ඒ වගේම ඔබලා 62 ලක්ෂයක් ජනතාවට වගකිවයුතුයි (නි)
කෝ එතකොට හොරුන්ට දඬුවම්? (නි)
තවත් එක රංගනයක් (හේ)
අපේ රටේ දේශපාලනයට සිල්වත් නැණවත් මිනිස්සු හරියන්නේ නැහැ. ලංකාවේ දේශපාලනයේ ඒ වගේ අයට ගොඩක් කල් රැදෙන්න බැහැ. (ර)
ඉස්සර ඇත්තටම අපි හිතුවා මේ නියම මිනිහෙක් කියලා. ටික දවසක් යද්දී දැන ගත්තා මෙයාගේ හැටිත්. (නදී)
මොන පක්ෂෙන් මොන ලකුණෙන් ආවත් අපි මහින්දට (නදී)
කමල්ට හොරු ගැන කියද්දී හරි අමාරු ඇති නේද තමන්ගේ වැඩක් බලාගන්නවා හලෝ (නදී)
මේ වගේ කයිවාරුව තියෙන අයව දාගෙන කවදා එජාපය ගොඩ යයිද දන්නේ නෑ. (බ)
අනේ මන්ද උගත්කමක් වත් තියෙන කෙනෙක් ඇවිත් අනිත් අයගේ අඩුපාඩු ගැන කතා කළා නම් කියල හිතුන. (බ)
ඔබතුමාලා ජීවිතය පරදුවට තියල මහන්සිවෙලා බලයට ගෙනත් තියෙන්නේ ඒවගේම දුෂිත , කොන්ද පන නැති නිකමෙකුට කියල තේරුණාම අපිටත් ඔබල ගැන දුකයි . හොරුන් එක්ක උන්නැහේට හෙළුවෙන් හිටගන්න දීල ඔබතුමාලා පසු තැවිලි නොවී ඉදිරියටම යන්න. අඩුගානේ දැන් ජනතාව දන්නවා හොරුන් දුෂිතයන් ආරක්ෂා කළේ කව්ද කියල. (බ)
වැරදි වුන බව පිළිගන්න මිනිහෙකුට අවස්ථාවක් දෙන්න ඒවා හදාගන්න, හොඳ නායකයෙකු යටතේ. (ර)
දැන් ආයේ පටන් ගත්තද?(හේ)
පාර්ලිමන්ට් ජෝක් (නදී)
අනේ හපොයි, හත්වලාමේ වෙච්ච දේට මක් කරන්නදෝ ? (නදී)
සමහරක් මන්ත්‍රීවරුන් ගැන ඇත්තේ කණගාටුවක්. ඒ අයට කඳ බඩ තිබුණට ඔළුව නෑ. හැබැයි ඒ අය හිතන්නේ තමන් මහා නුවනක්කාරයො කියලයි. තමන් නොදන්නා බව දන්නෙ නැති තැනැත්තා අමු මෝඩයෙක් බව කිවයුතු නෑනෙ. (නදී)
මේකා පිස්සෙක් (නදී)
මහත්තය අනුන්ගේ සිනි කිරන්නේ නැතුව හොදට බලන්න තමන්ගේ පක්ෂේ නාම යෝජනා ලැබෙන අය දිහා. මන් හිතන්නේ හෙට බුදු වෙන්න ඉන්න බෝධිසත්ව වරු වෙන්න ඇති ඔක්කොම ඉන්නේ. තමුන්නහැටත් චෝදනාවක් තිබුන නේද? බැරි වෙලාවත් ඒ ගැණු මනුස්සයා තමුන්ට ඒ චෝදනාව මේ කාලේ කලානම් නැත්නම් තාම නඩුව තිබුනානම් තමුන්නැහැට මොකද වෙන්නේ..චෝදනාවක් ඔප්පු කරන තුරු ඔහු නිර්දෝෂී පුද්ගලයෙක් නිතිය අනුව. කෝ ඔය කියන දුශිතයින්ට විරුද්ධව ඔප්පු කරපු චෝදනා...(නදී)
යහපාල මහත්තයා කියනවා වගේ සිල්වත් ගුණවත් නැණවත් මිනිස්සුන්ගේ නම් ටික කියන්නකෝ. දන්නේ නැති නිසයි අහන්නේ. (නදී)
කතා විතරනේ. කෝ වැඩ? (නි)
මේවා අපිට හොඳ පාඩම්! (නි)
ලාල්, හිනා යනවා ඔයාගේ කතාවට. ප්‍රවෘත්ති බැලුවෙ නැද්ද ඔයා? (නි)
අපිටයි වැරදුනේ. ඒ කියන දේ කරන,කරන දේ කියන කොන්දක් තියෙන ජාතික විරයව ජනාධිපති කරව ගන්න නොලැබීම.අපේ සහ අපේ දරුවන්ගේ අවාසනාව තමයි.(නදී)
මේ නළු බට්ටා දේශපාලනයට සුදුසු නැත.(නදී)
"හොරු සමග හොරු හෙළුවෙන්" දැන් පෙන්වනවා. ලැජ්ජයි. (නදී)
අනේ යන්න අනේ යන්න (නදී)
තමන් ඉන්නේ කා සමඟද කියා හරියට තේරුම් නොගෙන අදහස් ප්‍රකාශ කිරීම අද දේශපාලකයන් අතර දකින්නට ඇත. එ. ජා.පක්ෂයේ දේශපාලන ස්වරූපයට මෙතුමාගේ ප්‍රකාශ කොතරම් දුරට ගැලපේ දැයි සිතිය නොහැකිය. පෙන්වා දෙන කරුණ ඇත්තක් උනත්, ධනවාදී දේශපාලන කඳවුරක සිට මේ කියන වැරදි කරුවන් ගැන කථා කිරීම ඇත්තෙන්ම විහිළුවකට කරුණකි. (නදී)
ඔක්කොම එකයි අපිට නම් (නි)
මෙයා කියවන්නේ මොනවාද කියල එයාවත් දන්නේ නැහැ (නදී)
එකම කල්ලියක් විසින් රටම යටත් කරගෙන කියල මොනවට පැහැදිලි කරනවද?(නදී)
කරලා තිබෙන්නේ ඉතිහාසයේ කල ලොකුම පාවා දීමයි. (නදී)
රන්ජන් හරි. අපිට නැවතත් පසුගිය අවුරුදු දහය අවශ්‍ය නැහැ. (නි)
අපි නම් කවදත් මහින්දට! (නි)
මට නම් ප්‍රශ්නය තිබෙන්නේ මෛත්‍රීද මහින්දද කියන එක නෙමෙයි.ලක්ෂ 62.5 ක ජනතාවගේ කැපවීමකින් මුදාගත් රට නැවතත් පෙර පැවති තත්ත්වයටම පත්වීමට යන එක ගැනයි. (නි)
මම හැමෝටම කියන්නේ මීළඟ අගමැති මහින්ද රාජපක්ෂ කියලා. මහින්ද දිනවන කට්ටිය වෙනම ලෝකෙකනේ ඉන්නේ. (නි)
දැන් කට්ටිය මහින්දට බයේ වියරුවෙන් කෑගහනවා. හරියට කතා කරන්නේ ඇහින් දැකපු දේවල් වගේනේ. (නි)
මෙයාවත් පාර්ලිමේන්තු යවන්න නරකයි (නදී)
මේ වගේ අය දාගෙන නම් ඡන්දෙ දිනනවා බොරු හොඳේ (නි)
අනේ ඇත්තට! මෙයාලට ගිය කලක්! (නි)
ලාල්ගේ කතාවට අපි එකඟවෙමු (නි)
අනුන් දෙසට ඇඟිල්ලක් දිගුකරද්දී තමන් දෙසට ඇඟිලි හතරක් දිගුවෙන බව දන්නවාද? (නි)
මම නම් මෙතුමාගේ කතාවට විරුද්ධයි (නි)
මෙයා හරියට හරි, රන්ජන් ට විරුද්ධ වෙන්න කාටවත් බැහැ.(නදී)
මෛත්‍රීපාල මහතා කොහොම කෙනෙක් වුණත් දුෂිත නායකයෙක් පරාජය කිරීමේ ආඩම්බරය අපිට තිබෙනවා.සියලුම ත්‍රිවිධ හමුදා, පොලිස්, මාධ්‍ය බලය තිබිලත් පරද්දපු මහින්දව මේ ඡන්දෙදි අපිට අභියෝගයක් නෙමෙයි.වැදගත් පිවිතුරු යහපාලනයක් රටේ ඇති වෙනතුරුම අපි අපේ සටන නවත්වන්නේ නැහැ. (නි)
මෙයාලට පුලුවන්ද රටක පාලන කටයුතු? මේ වගේ අයට ඡන්දේ දෙන අයට හොඳයි ඔය කතා.කාලයක් කෝටි ගණන් වලින් හදපු පන්සල් හොය හොයා හිටියා. දැන් ඒ ගැන කතාවක් නැහැ. (නි)