දූෂණයට එරෙහි වීම තේමා කරගෙන බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මාස 9 ත් ගතවී ඇතත් මේ වන තුරු එකම දේශපාලකයකුට හෝ එකම නඩුවක් හෝ පවරා නැතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.
ඒ වෙනුවට දූෂිත දෙශපාලකයින්ට දැවැන්ත අමාත්‍යංශ පුදා ඇතැයි කොළඹ ජාතික පුස්තකාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් දුෂණ විරෝධී හඞ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
දූෂණ චෝදනා ඇති දේශපාලකයන් කිහිපදෙනෙක් ම කැබිනට් මණ්ඩලය නියෝජනය කරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට තම සංවිධානය රහස් පොලිසියට පැමිණිලි හතරක් ද, අල්ලස් හෝ දූෂණ මර්දන කොමිසමට පැමිණිලි පණහක් ද දූෂණ මර්දන කමිටු ලේකමි කාර්යාලයට පැමිණිලි 73 ක් ද බාරදී ඇතැයි ද සමරසිංහ මහතා කීය.
මෙකී පැමිණිලිවල ප්‍රගතිය පිළිබද ව පොලිස්පතිනරයාගෙන් ලිඛිතව විමසන බවද ඔහු සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මුතිවාදය කියන්නේ ඒකට වෙන්න ඇති නේද? (බ)
තාමත් නින්දෙන් කියවන්නේ. (අ)
හැමෝගෙම කිල්ලෝට වල හුණු ගොඩ...ගොඩ (බ)
ඔහේලා මාස දහයකට ඉස්සෙල්ල ඕව විශ්වාස කළාට අපි දන්නවා බලයට ඇති ආසාවට කියන චෝදනා කියල. (බ)
හෝව්.......හෝව්.....කෑගහන්ඩ එපා. මේ පටන් ගත්තා විතරනේ යහපාලනයේ හොද හොද සෙල්ලං තව ඉස්සරහට මහින්දට වැඩිය හපන් වගේ මෛත්‍රී (බ)
තාම එයාල වරදකරුවෝ නෙමෙයි නේ.(බ)
එක මන්ත්‍රී කෙනෙක් ...උදාරණය සජින් වාස් (බ)
තව ටික දිනය ඔය කෑමොරදීම් . ඉබේම අමතක වෙලා යයි . ඔහොම යන් , දැන් ඔය පටන්ගත්ත විතරයි. මහින්ද නරක්යි. මෛත්‍රී හොදටම නරකයි. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට, තව පටන්ගත්ත විතරයි. අනේ ඉතින් මේවා තමා අපිට උරුම. කාට කියන්නද මොනවා කරන්ඩද . (බ)
කාටද ඕව කියන්නේ ?? (බ)
කඩේ ගිය අය වැඩ පටන් අරන් වගේ..(බ)
සංදර්ශන කියල කිවනේ අපි. උඩ පැනල ටොක්කක් ඇනගන්න (ම)