(විනීතා එම් ගමගේ)
‘‘දූෂණය පිටු දකිනවා කියල බලයට ආවා නම් දූෂීතයන්ට ඉඩක් තිබිය නොහැකියි. මේ වගේ දේවල් ගැන අපි ආණ්ඩුවේ අවධානය යොමු කර තියෙනවා. ඒ වගේම දිගින් දිගටම ආණ්ඩුවට අනතුරු අඟවනවා.’’ යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.
‘‘කැබිනට් සංශෝධනය ගැන සෑහිමකට පත් වන්නේ නැහැ. දූෂණය පිටු දකිනවා කියල ආවා නම් දූෂිත ඇමතිවරුන්ට ඉඩ තිබිය නොහැකියි. මේවා ගැන බරපතල විවේචන තියෙනවා. නමුත් ඒ ගැන කිසිම අවධානයක් යොමු කර නැහැ. අපි ඒ ගැන දිගින් දිගටම අනතුරු අඟවනවා. “ යැයි ද විජේසුරිය මහතා කීය.
‘‘අපි ගල් ගහන්නේ සියයක් ගහද්දි අඹයක් දෙකක් වැටෙයි කියා හිතා ගෙනයි. ගහන ගහන ගලට අඹ වැටෙන්නේ නැහැ. කොට්ට උරයක් අනික් පැත්ත හරවනව වගේ අනික් පැත්ත හරවන්න පුළුවන් නම් ඒක කරනවා. එහෙම කරන්න බැහැ’’ යැයි ද හෙතෙම පැවසීය.
විජේසූරිය මහතා මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (24) පැවති එම ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට අවාසිවෙන වෙලාවට බොරුවට මිනිස්සුන්ට පේන්න අනතුරු අඟවන එක විතරයි. රටට වැඩක් නෑ...
මොන රටේද? මොන පාලකයාගේ ළඟද දූෂණය නැත්තේ. මට එක රටක් කියමු බලන්න. දැන් කෙරෙන දූෂණ ගැන දන්නේ මොනවාද? ටෙලිවිෂන් වලින් මුළු රටම හදන්න එක එක සමාජවල් ගොඩනංවනවා. ඉස්සර මේ අය ගැන ගෞරවයක් තිබුණා. දැන් තමයි පේන්නේ නියම හොරු කව්ද කියලා....
සරත් මහත්තයෝ, කඩේ ගියේ ඕකට නේද? දැන් සනීපද?
ඔබතුමාගේ මහාචාර්ය මොලයට නොවැටහුනට අපි නම් කලින්ම දැන ගෙන හිටිය යහපාලනය ගැන , කෝ අපිට පට්ටම් නැහැනේ ?
මෙයාලා කියන කිසිවක් ජනාධිපති හෝ අගමැති කරන්නේ නැති වුණත්... දිගටම රජයට කඩේ යන බව මහජනයාට ඉතා පැහැදිලිව දැකගත හැකිය.
අනේ මහත්තයෝ, අද වෙනකම් මේ ආණ්ඩුවෙනුත් මොකක්ද කළේ? නමට ඇමතිකම් මාරු වුණාට, අමාත්‍යාංශ එහෙම්මයි.
සිරි,. මෙයාලට හොඳටම සනීපයි... පරම්පරා ගාණකට සල්ලිත් ලැබිලා ඇති.... එදා රජය ගැන විවේචනය කළේ දුෂණ වල සියලුම විස්තර ගැන දැනගෙන කරුණු අතේ තියාගෙන වගේ. අදටත් කිසිම කෙනෙකුට හරියට චෝදනාවක් නැහැ. ක්‍රීඩා භාණ්ඩ බෙදුවේ කොහොමද? සතොසෙන් ණයට බදු අරගෙන තියෙනවා... දැන් සිල්ලර චෝදනා විතරයි තියෙන්නේ... අනෙක ලොකුම චෝදනා තිබුණු පිරිස තමයි අද ඉන්නේ. එත් මේ ආණ්ඩුව පළමු මාස 3 ඇතුලටත දින 100කින් ඡන්දෙ එන බව දන දැනම කෝටී දහස් ගණන් රටට පාඩුවෙන විදියේ ගනුදෙනු කරලා තියෙනවා.. එදා අඩුම තරමේ රටට හානිවෙන තීරණ ගත්තේ නැහැ.
ඇයි දැන් භාණ්ඩාගාරය හොරකම් කළ පුද්ගලයා අල්ලන්න කතා කරන්නේ නැත්තේ? වෙනස හොඳද?
ඔබතුමන්ලාගේ උදව් ඕන වෙන්නේ බලයට එන්න ඕන නිසා මිසක් පොරොන්දු ඉටුකරන්න නොවෙයි නේද? දේශපාලකයන් ගැන උගතුන්ට අවබෝධ වෙනකොට සියල්ල සිදුවී හමාරය...
ඇයි යහපාලානේ පත්කරන්න ඔයාල දීපු පොරොන්දු කොපමණද.
මෙතුමාත් යහපාලන ආණ්ඩුව පැත්තෙ තමයි. පක්ෂ පාට බලන් ඉඳිද්දී වෙනස් වෙනවා වගෙයි...
මේ මහත්තයාගේ අසනීපය තාමත් හොඳ වෙලා නැද්ද? අනේ මන්දා ...
මහාචාර්යතුමෝ ඇත්තටම රටට ආදරෙන්ද මේවා කියන්නේ. හොඳට පපුව අතගාලා බලන්න. ඔය කථා කරන්නේ ඔබමද, වෙනත් කෙනෙක්ද කියලා. අපට මහාචාර්ය පට්ටම් නැති වුනාට ඇත්ත තේරුම් ගන්න ඒ අයට වඩා හොද මොළයක් තියෙනවා.