දූෂණ, වංචා චෝදනා විමර්ශනය කිරීම පිණිස සියලු බලතල සහිත විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කළ යුතු යයි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
එවැනි විනිශ්චය මඩුල්ලක් පිහිටුවන මෙන් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සමග එක්ව අඟහරුවාදා පැවති කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව අමාත්‍ය රණවක සිය ෆේස්බුක් පිටුවේ නිවේදනය කර තිබේ.
අදාළ විනිශ්චය මණ්ඩලය පිහිටුවීම සම්බන්ධ ඉදිරි කටයුතු සඳහා කැබිනට් මණ්ඩල යෝජනාව නීතිපතිවරයා වෙත යොමුකරන ලද බවත් නිවේදනයේ සඳහන් වේ.
දූෂණ විමර්ශන සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවන මෙන් ඉල්ලා සිටිමින් පසුගිය දෙසැම්බර් 11 වැනි දින මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් කළ යෝජනාව නව විනිශ්චය මණ්ඩලය පිහිටුවීමේදී රුකුලක් වූ බවත් අමාත්‍ය චම්පික රණවක සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදියට දුෂිතයන් සොයාගෙන නඩු දමා දඬුවම් කරනකොට ඊළඟ ශත වර්ෂය ලබාවි (නි)
අනේ අපිව බොරුවට රවටන්න මහජන මුදල් නිකරුනේ නාස්ති නොකර ඉන්න. පහුගිය ආණ්ඩුවේ සිටින හොරුන් කළදේවල් ඡන්දෙට කලින් සාක්ෂි සහිතව ඔබලා ඔප්පු කරලා පෙන්නලා ඔවුන්ට දඩුවම් දෙනවා කිවුවා. නමුත් දැන් ඔබලා ක්‍රියාකරන්නේ අන්ධයන්, ගොළුවන්, බිහිරන් ලෙසයි. ඔබල කරන්නේ නොසෑහෙන දඩ සහ බදු ගසමින් ජනතාව අමාරුවේ දමන එකයි. අවුරුදු දෙකක් මේ නාඩගම බලමින් සිටියා. රාජපක්ෂ පවුලත් අපට එපා. දැන් අපේ බත්පතෙනුත් සූරාකන රජපවුලත් අපට එපා (නි)
ඉතාම හොඳ තීරණයක්. මහ බැංකු භාණ්ඩාගාර බිල්පත් සිද්ධියෙන්ම පරීක්ෂණ ආරම්භ කළොත් පළුදු වී ඇති රජයේ ප්‍රතිරූපය හා ජනතා විශ්වාසය යළි ගොඩ නඟාගෙන ඉතිරි වසර තුනවත් මහජන සේවයට යොමුවිය හැකියි. (නි)
පහුලිය කාලේ හිටපු හොර ඇමතිලා, හොර නිලධාරීන් ඒ පුටු වලම ඒ වරප්‍රසාදම ලබමන්, යහපාලනය ගෙනෙන්න ඡන්දය දුන් අපිට විලිස්සමින් තවමත් යහතින්. (නි)
යෝජනාව හොඳයි. එසේම දූෂිත දේශපාලකයන් පාර්ලිමේන්තුවේදි විනිසුරුතුමන්ලා විවේචනය කිරීමට නොහැකි ලෙසත් නීති හැදිය යුතුයි (නි)
අන්න ඒ වැඩේ නම් නියමයි (නි)
මහා බැංකු මගඩියෙන්ම පටන්ගන්න සර්... (නි)
ලංකාවේ සමහර නීති වෙනස් වෙන්න ඕනෑ කාලේ ඇවිල්ලා. අලුත් ව්‍යවස්ථාවට කලින්, තියෙන නීති වෙනස් වෙන්න ඕනෑ (නි)
නොකෙරෙන දීගෙට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඕනෑ කියලා අපේ මුතුන්මිත්තෝ කිව්වේ කට කහනවට නොවේනේ. (නි)
මේ කියන්නේ මෙතෙක් පත් කල දුෂණ විමර්ශන, අපරාධ විමර්ශන, එකී නොකී කොමිෂන් සභාවල් දුෂිතයි කියල නේද? (ර)
මොකද කියන්නේ අර වාහන අනතුර ගැන? ඒ ළමය දුක්විඳිනවා නේද? (නි)