පාසල්හි අයථා මුදල් එක්රැස් කිරීම ඇතුළු දූෂණ ක්‍රියාවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස බල කෙරෙන විශේෂ සම්මන්ත්‍රණයක් අද (24) සවස තුනට ශ්‍රී ලංකා මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වීමට නියමිතය.
ඵලදායී අධ්‍යාපනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සංවිධානය කරන මේ සම්මන්ත්‍රණයේ දී විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය හරිනි අමරසූරිය, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, නීතීඥ ජේ සී වැලිඅමුණ සහ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහත්වරු දේශප පවත්වතිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ආණ්ඩුවට ආපු කට්ටියට අදාල නැද්ද ? (ත)
පාසල්වල අයථා මුදල් රැස්කරන එක නම් වහා නතර කළයුතුයි. මිනිස්සු හිඟානොකා ජීවතවෙන කාලෙක හෙනහුරා කඩාපනිනවා වගේ වැඩ වෙන්නේ පාසල් සංවර්ධන සමිති වලින් හා අනෙකුත් ක්‍රියාකාරකම් වලින්. (නි)