අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදේශක වරයෙක් වශයෙන් කටයුතු කිරීම පිළිබඳ මතුකළ කාරණා සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දෙන ලෙස ඉල්ලමින් දූෂණ විරෝධි පෙරමුණ අද (26) මුදල් අමාත්‍යංශ ලේකම්ට සහ මහ බැංකු අධිපතිට ලිපි දෙකක් යොමු කළේය.
දුෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියන් සහ එහි උපදේශක කීර්ති තෙන්නකෝන් මහතාගේ අත්සන් වලින් යුක්තව යොමුකළ එම ලිපියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තනතුරෙන් ඉවත් කරනු ලැබූ අර්ජුන් මහේන්ද්‍රන්ට විවිධ විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සහ පසු විපරම් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇතැයි සඳහන්වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ යුතු උක්ත කටයුත්ත අර්ජුන් මෙහ්න්ද්‍රන් මහතා වෙත පවරා ඇත්තේ කුමන අධිකාරියක් යටතේ ද? යන්න දැන ගැනීමට තමන්ට අවශ්‍ය බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නිකන් බොරුවට කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
අර්ජුන් මහේන්ද්‍රන්ව හිරේ දාන්න බය ඇයි කියලා අපි දන්නවා. මේක යහපලනයයි (නි)
එකක් කඩතොළු වසා ගන්නට දෙකක් කඩතොළු හදාදුන්නයි සාධාරණ සමාජයක් මහැදුරු ආචාරියා.. (බ)
ඉබ්බාගෙන් පිහාටු ලැබුනත්, ඔබලාගේ ඉල්ලීමෙන් කිසිම පලක් වෙන්නේ නැහැ කියායි මට නම් සිතෙන්නේ (නි)