IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දූෂණ වංචා ගැන තවත් හෙළිදරව්වක්

ගිය රජය සමයේ සිදුවූ විවිධ දූෂණ හා වංචා මාධ්‍යයට හෙළි කරන ‘‘හෙළිදරව්ව - 2‘ මාධ්‍ය සාකච්ඡාව අද (23) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

රජයේ බැංකුවකට අනුබද්ධ ලීසිං සමාගමක් රුපියල් මිලියන 140ක මුදලක් කිසිදු ඇප තැන්පතුවක් නොමැතිව වෙනත් පෞද්ගලික ආයතනයකට ලබාදී ඇති බවත් එම ලීසිං සමාගම සෘජුවම 2015 ජනපතිවරණයට රුපියල් මිලියන 250ක් වියදම් කර ඇති බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.

එම දූෂණ වංචා ගැන තමන් දන්නා සියලු කරුණු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ මහතාද එම අවස්ථාවට එක්විය.

web1



අදහස් (0)

දූෂණ වංචා ගැන තවත් හෙළිදරව්වක්

දුල්මිණි Wednesday, 24 June 2015 12:39 AM

ගියපාර අපිත් මේවා දන්නේ නැතුව දෑත් ශක්තිමත් කරන්න සුබ අනාගතයකට ඡන්දය දුන්නා. මේ පාර නම් ගන්නේ කොස්ස. (නි)

:       0       0

දහම් Wednesday, 24 June 2015 01:51 AM

අනේ දුල්මිණි. ඔයා හොඳ යූ එන් පී බට්ටියක් බව දන්නවා. හංසයාට රැවටුණු ඔයා බයිලා කියන්න එපා. කෝ මයිත්‍රී කියපු බේබිල 3 දෙනාගේ චොපර් 3. බකිංහම් අශ්වයා. මේ බොරුව වගේ තමයි අනිත් බොරු ඔක්කොම. මිනිස්සු බලාගෙන ඉන්නේ ඡන්දෙ එනකම් හොඳ පාඩම් උගන්වන්න.(නදී)

:       0       0

යෝනක Wednesday, 24 June 2015 02:38 AM

මේවා ඉතින් කියලා විතරක් මදි (නි)

:       0       0

අනුර Wednesday, 24 June 2015 02:38 AM

එතකොට 2002,2004 කාලයේ වංචා? ඒවත් හෙළි කරන්න (නි)

:       0       0

විජයබාහු Tuesday, 23 June 2015 12:51 PM

මෙයාලගේ විසිල් විතරයි බල්ටි නැ. (ර)

:       0       0

සේන Tuesday, 23 June 2015 12:58 PM

එක එක දේවල් කියනවා කිසිම දෙයක් ඔප්පු කරගන්න බැහැ. (ර)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 24 June 2015 11:24 AM

මෙතන ප්‍රතිචාර දිහා බැලුවම අපිට පේනවා මිනිස්සු මහින්දට කොච්චර ලෙන්ගතුද කියලා. මන් හිතුවේ ලක්ෂ 80ක ඡන්ද අරගෙන දිනන්න පුළුවන් කියලා, දැන් පේන හැටියට ලක්ෂ 120ක් වත් ගන්න පුළුවන් කියලා. මහින්දට ජය.! (ර)

:       0       0

සුනිල් Tuesday, 23 June 2015 01:14 PM

ඉතින් එහෙම වියදම් කරන්න නේ දුන්නේ? නැතිනම් වෙන මොකටද? (ර)

:       0       0

සම්පත් ශ්‍රී Tuesday, 23 June 2015 01:30 PM

මාධ්‍ය සංදර්ශන. (ර)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 23 June 2015 01:33 PM

මේවා බොරු චෝදනා. මන් අබියෝග කරනවා පුලුවන්නම් මේ චෝදනා ඔප්පු කරලා පෙන්වන්න. (ර)

:       0       0

සමන් Wednesday, 24 June 2015 03:55 AM

බොරුවට වෙන අයට ඇඟිල්ල දික්කරලා වැඩක් නැහැ (නි)

:       0       0

පැංචි Tuesday, 23 June 2015 01:58 PM

නැවතත් පච වැඩ අරඹා ඇත (නදී)

:       0       0

අනිල් Tuesday, 23 June 2015 02:19 PM

ඡන්දෙ ළංවෙද්දි අලි සීනු බොරු යාන්ත්‍රණේ අාපහු පටන් අරන් වගේ. මේවාට දෙපාරක් එක ළඟම අහුවෙනවානම් ලංකාවේ මිනිස්සුන්ගේ, විශේෂයෙන්ම සිංහලයින්ගේ, මොළගෙඩි පරික්ෂා කරලා බලන්න වෙනවා මොකක්ද අවුල කියල. (බ)

:       0       0

ෆයිරෝස් Wednesday, 24 June 2015 04:51 AM

සද්දේ විතරක් මදි (නදී)

:       0       0

නිමාෂා Tuesday, 23 June 2015 03:23 PM

ගිය ඡන්දෙදී විශේෂයෙන්ම සිංහලයින් බහුල ප්‍රදේශවල මිනිස්ස්සු බොරු යාන්ත්‍රණේට අහුවුනේ නැහැ. මෙවර බොරු යාන්ත්‍රණේට අහුවුන අයත් පැහැදිලි තීරණයක් ගන්නා බව පැහැදිලියි. (බ)

:       0       0

සංජය Wednesday, 24 June 2015 06:08 AM

මේ මොනවා කිව්වත් මහජනතාව දන්නවා මේවා බොරු චෝදනා කියල .මිනිස්සු ඡන්දෙන් තීරණය කරාවී කාවද ඕන කියලා (ම)

:       0       0

සිල්වියා Tuesday, 23 June 2015 06:57 PM

හරි පුදුමයි!ඡන්දයට පෙර සහ ඡන්දයට පසු පළමු දින 30 තුළ මෙයාලා ලෝකය හතර වටේටම දුෂණ චෝදනා එල්ලකළා. හරියට ඇසින් දැක්කා වගේ. අල්ලපු කෙනෙකුත් නැහැ. දින 30 ක් ගිහින් ඉතුරු දින 70 තුළ මෙයාලට මතකත් නැහැ මෙයාලා මොකද්ද කිව්වේ කියලා.දැන් ආයෙත් පරණ බයිලා ගහන්න පටන් අරගෙන ඡන්දයක් ළඟ එනවා කිව්ව ගමන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site