ගිය රජය සමයේ සිදුවූ විවිධ දූෂණ හා වංචා මාධ්‍යයට හෙළි කරන ‘‘හෙළිදරව්ව - 2‘ මාධ්‍ය සාකච්ඡාව අද (23) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
රජයේ බැංකුවකට අනුබද්ධ ලීසිං සමාගමක් රුපියල් මිලියන 140ක මුදලක් කිසිදු ඇප තැන්පතුවක් නොමැතිව වෙනත් පෞද්ගලික ආයතනයකට ලබාදී ඇති බවත් එම ලීසිං සමාගම සෘජුවම 2015 ජනපතිවරණයට රුපියල් මිලියන 250ක් වියදම් කර ඇති බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.
එම දූෂණ වංචා ගැන තමන් දන්නා සියලු කරුණු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ මහතාද එම අවස්ථාවට එක්විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියපාර අපිත් මේවා දන්නේ නැතුව දෑත් ශක්තිමත් කරන්න සුබ අනාගතයකට ඡන්දය දුන්නා. මේ පාර නම් ගන්නේ කොස්ස. (නි)
අනේ දුල්මිණි. ඔයා හොඳ යූ එන් පී බට්ටියක් බව දන්නවා. හංසයාට රැවටුණු ඔයා බයිලා කියන්න එපා. කෝ මයිත්‍රී කියපු බේබිල 3 දෙනාගේ චොපර් 3. බකිංහම් අශ්වයා. මේ බොරුව වගේ තමයි අනිත් බොරු ඔක්කොම. මිනිස්සු බලාගෙන ඉන්නේ ඡන්දෙ එනකම් හොඳ පාඩම් උගන්වන්න.(නදී)
මේවා ඉතින් කියලා විතරක් මදි (නි)
එතකොට 2002,2004 කාලයේ වංචා? ඒවත් හෙළි කරන්න (නි)
මෙයාලගේ විසිල් විතරයි බල්ටි නැ. (ර)
එක එක දේවල් කියනවා කිසිම දෙයක් ඔප්පු කරගන්න බැහැ. (ර)
මෙතන ප්‍රතිචාර දිහා බැලුවම අපිට පේනවා මිනිස්සු මහින්දට කොච්චර ලෙන්ගතුද කියලා. මන් හිතුවේ ලක්ෂ 80ක ඡන්ද අරගෙන දිනන්න පුළුවන් කියලා, දැන් පේන හැටියට ලක්ෂ 120ක් වත් ගන්න පුළුවන් කියලා. මහින්දට ජය.! (ර)
ඉතින් එහෙම වියදම් කරන්න නේ දුන්නේ? නැතිනම් වෙන මොකටද? (ර)
මාධ්‍ය සංදර්ශන. (ර)
මේවා බොරු චෝදනා. මන් අබියෝග කරනවා පුලුවන්නම් මේ චෝදනා ඔප්පු කරලා පෙන්වන්න. (ර)
බොරුවට වෙන අයට ඇඟිල්ල දික්කරලා වැඩක් නැහැ (නි)
නැවතත් පච වැඩ අරඹා ඇත (නදී)
ඡන්දෙ ළංවෙද්දි අලි සීනු බොරු යාන්ත්‍රණේ අාපහු පටන් අරන් වගේ. මේවාට දෙපාරක් එක ළඟම අහුවෙනවානම් ලංකාවේ මිනිස්සුන්ගේ, විශේෂයෙන්ම සිංහලයින්ගේ, මොළගෙඩි පරික්ෂා කරලා බලන්න වෙනවා මොකක්ද අවුල කියල. (බ)
සද්දේ විතරක් මදි (නදී)
ගිය ඡන්දෙදී විශේෂයෙන්ම සිංහලයින් බහුල ප්‍රදේශවල මිනිස්ස්සු බොරු යාන්ත්‍රණේට අහුවුනේ නැහැ. මෙවර බොරු යාන්ත්‍රණේට අහුවුන අයත් පැහැදිලි තීරණයක් ගන්නා බව පැහැදිලියි. (බ)
මේ මොනවා කිව්වත් මහජනතාව දන්නවා මේවා බොරු චෝදනා කියල .මිනිස්සු ඡන්දෙන් තීරණය කරාවී කාවද ඕන කියලා (ම)
හරි පුදුමයි!ඡන්දයට පෙර සහ ඡන්දයට පසු පළමු දින 30 තුළ මෙයාලා ලෝකය හතර වටේටම දුෂණ චෝදනා එල්ලකළා. හරියට ඇසින් දැක්කා වගේ. අල්ලපු කෙනෙකුත් නැහැ. දින 30 ක් ගිහින් ඉතුරු දින 70 තුළ මෙයාලට මතකත් නැහැ මෙයාලා මොකද්ද කිව්වේ කියලා.දැන් ආයෙත් පරණ බයිලා ගහන්න පටන් අරගෙන ඡන්දයක් ළඟ එනවා කිව්ව ගමන් (නි)