IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දූෂණ චෝදනා කඩිනම් කරයි

ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ පැමිණිලි විමර්ශන කටයුතු කඩිනම් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වූ බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.

එක් එක් වංචා දූෂණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය යොමු කිරීමටත් විමර්ශන කඩිනම් කිරීමටත් එකඟතාවයකට පැමිණි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා  සඳහන් කරයි.

‘ අප විසින් පසුගිය කාලයේ   අල්ලස් කොමිසමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් තොරතුරු ගණනාවක් ඉදිරිපත් කළහ. ඒ සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින පරීක්ෂණ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකියි. ඒ පිළිබදව අප ජනාධිපතිවරයා සමග කරුණු ඉදිරිපත් කළා.  ‘ යැයි ඔහු පවසයි.



අදහස් (0)

දූෂණ චෝදනා කඩිනම් කරයි

තිලක් -ඩුබායි Tuesday, 17 March 2015 04:24 AM

අල්ලයි අල්ලයි.අර වෙලේ සුදාගේ සාක්ෂි ලිපිගොනුවත් ඔන්න අතුරුදහන් වෙලාලු.ඕකට තමයි ජෙනේරල් සරත් ෆොන්සේකලා වගේ කොන්දක් තියෙන "කියල දේ කරන,කරන දේ කියන නිර්බිත නායකයෙක්" කර ගන්න ඕනේ වෙන්නේ. (ස)

:       0       0

දුමින්ද Monday, 16 March 2015 12:15 PM

අගමැති තුමාටත් කියන්න. (ස)

:       0       0

කුමාරි Monday, 16 March 2015 06:12 PM

ඉන්න සිංහලයෝ මොනවාහරි කියල ඡන්දෙ එන්න කලින් කුඩු කරන්න. ඉන්න කොටි ඔක්කොම නිදහස් කරන්න. අහපවූ බෝම්බ පත්තු වෙන්න පටන් ගන්නකොට ඔක්කොටම තේරෙයි. (ස)

:       0       0

කෙවින් Tuesday, 17 March 2015 12:02 AM

කුමාරිගෙ සිහිනය තමයි ඔය කුමාරි අදහසක් විදියට දාලා තියෙන්නේ කියලයි මට නම් හිතෙන්නේ. ඇයි හොරු අල්ලන එක හොඳ නැද්ද? ජනතාව විධායක බලය දුන්නේ ඒ සඳහායි. ඒක පාවිච්චි කර දූෂිතයො ඇල්ලීම ඉක්මන් කරන එකට ජනතාවගේ 100% කැමැත්ත ඇත. (නි)

:       0       0

වසන්ත Tuesday, 17 March 2015 12:21 AM

අපි බලමු දැන්වත් මේ ඉල්ලීම් ඉටුවේවිද කියලා (නි)

:       0       0

ලසිත Tuesday, 17 March 2015 01:48 AM

විධායක බලය පාවිච්චි කර දූෂිතයන් ඇල්ලීම ඉක්මන් කරන්න. ජනතා පැතුම එයයි. රට කෑ හොරු හා කුඩුකාරයින් තමයි අල්ලන්න ඕනෑ. එහෙම නැතුව රට බේරාගත් කෙනා අමාරුවේ දාන්න අපිට ඕනෑ නැහැ. (නි)

:       0       0

කපිල Tuesday, 17 March 2015 02:05 AM

සා/පෙල සමත් වෙන්නවත් බැරිවුණාට රටේ තිබෙන ජාතික ධනය හොරකම් කළ, කොමිස් ගැසූ, මොළයක් නැති, කඳ බඩ විතරක් ඇති, තවමත් වහසිබස් දොඩමින් ඉන්නා කම්බා හොරුන් විධායක බලය පාවිච්චිකර අල්ලන්න. (නි)

:       0       0

විමුක්ති Tuesday, 17 March 2015 02:18 AM

ඇයි මේ චෝදනා ඉක්මණින් විභාගකරන්න බැරි? (නි)

:       0       0

මහසෙන් Tuesday, 17 March 2015 02:37 AM

හිටපු ජනපතිට ප්‍රබල දූෂණ චෝදනා එල්ල වුණා තමයි. ඒවා කර තිබෙනවා නම් අපි ඒක හරි කියන්නේ නැහැ. නමුත් එතුමා රට බේරාගන්න දේශපාලන නායකත්වය දුන්නා. ඊට පහළින් සිටි සමහර පිරිවර එතුමාගේ පිහිටෙන් බලය පෙන්වලා රටේ සල්ලි හොරකම් කළා. අන්න ඒ කට්ටියවයි මුලින්ම අල්ලන්න දැල එළන්න ඕනෑ. ජනතාව බලා ඉන්නේ එය කවදාද වෙන්නේ කියලා. පිළිවෙළක් නැතුව අරයයි මෙයයි අල්ලන්න ගියාම තමයි ඔක්කොම අච්චාරු වෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site