ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ පැමිණිලි විමර්ශන කටයුතු කඩිනම් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වූ බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.
එක් එක් වංචා දූෂණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය යොමු කිරීමටත් විමර්ශන කඩිනම් කිරීමටත් එකඟතාවයකට පැමිණි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
‘ අප විසින් පසුගිය කාලයේ අල්ලස් කොමිසමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් තොරතුරු ගණනාවක් ඉදිරිපත් කළහ. ඒ සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින පරීක්ෂණ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකියි. ඒ පිළිබදව අප ජනාධිපතිවරයා සමග කරුණු ඉදිරිපත් කළා. ‘ යැයි ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලයි අල්ලයි.අර වෙලේ සුදාගේ සාක්ෂි ලිපිගොනුවත් ඔන්න අතුරුදහන් වෙලාලු.ඕකට තමයි ජෙනේරල් සරත් ෆොන්සේකලා වගේ කොන්දක් තියෙන "කියල දේ කරන,කරන දේ කියන නිර්බිත නායකයෙක්" කර ගන්න ඕනේ වෙන්නේ. (ස)
අගමැති තුමාටත් කියන්න. (ස)
ඉන්න සිංහලයෝ මොනවාහරි කියල ඡන්දෙ එන්න කලින් කුඩු කරන්න. ඉන්න කොටි ඔක්කොම නිදහස් කරන්න. අහපවූ බෝම්බ පත්තු වෙන්න පටන් ගන්නකොට ඔක්කොටම තේරෙයි. (ස)
කුමාරිගෙ සිහිනය තමයි ඔය කුමාරි අදහසක් විදියට දාලා තියෙන්නේ කියලයි මට නම් හිතෙන්නේ. ඇයි හොරු අල්ලන එක හොඳ නැද්ද? ජනතාව විධායක බලය දුන්නේ ඒ සඳහායි. ඒක පාවිච්චි කර දූෂිතයො ඇල්ලීම ඉක්මන් කරන එකට ජනතාවගේ 100% කැමැත්ත ඇත. (නි)
අපි බලමු දැන්වත් මේ ඉල්ලීම් ඉටුවේවිද කියලා (නි)
විධායක බලය පාවිච්චි කර දූෂිතයන් ඇල්ලීම ඉක්මන් කරන්න. ජනතා පැතුම එයයි. රට කෑ හොරු හා කුඩුකාරයින් තමයි අල්ලන්න ඕනෑ. එහෙම නැතුව රට බේරාගත් කෙනා අමාරුවේ දාන්න අපිට ඕනෑ නැහැ. (නි)
සා/පෙල සමත් වෙන්නවත් බැරිවුණාට රටේ තිබෙන ජාතික ධනය හොරකම් කළ, කොමිස් ගැසූ, මොළයක් නැති, කඳ බඩ විතරක් ඇති, තවමත් වහසිබස් දොඩමින් ඉන්නා කම්බා හොරුන් විධායක බලය පාවිච්චිකර අල්ලන්න. (නි)
ඇයි මේ චෝදනා ඉක්මණින් විභාගකරන්න බැරි? (නි)
හිටපු ජනපතිට ප්‍රබල දූෂණ චෝදනා එල්ල වුණා තමයි. ඒවා කර තිබෙනවා නම් අපි ඒක හරි කියන්නේ නැහැ. නමුත් එතුමා රට බේරාගන්න දේශපාලන නායකත්වය දුන්නා. ඊට පහළින් සිටි සමහර පිරිවර එතුමාගේ පිහිටෙන් බලය පෙන්වලා රටේ සල්ලි හොරකම් කළා. අන්න ඒ කට්ටියවයි මුලින්ම අල්ලන්න දැල එළන්න ඕනෑ. ජනතාව බලා ඉන්නේ එය කවදාද වෙන්නේ කියලා. පිළිවෙළක් නැතුව අරයයි මෙයයි අල්ලන්න ගියාම තමයි ඔක්කොම අච්චාරු වෙන්නේ. (නි)