බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහාවූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට මහාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් නව සමාජිකයෝය.
මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන සහ මහාධිකරණ විනිසුරු අමේන්ද්‍ර සෙනෙවිරත්න යන මහත්වරු ඔවුහුය.
ඔවුන් දෙදෙනා අද (6) සිට කොමිසමේ වැඩ භාර ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කමිටුව මේවන විට ආරම්භ කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිෂම පත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිත්‍යනුකුලව පරීක්ෂණ කරනකොට කල්යනවා, සෑමදෙනෙක්ම එ්ක වටහාගන්ඩ. කැලෑ නිතිය තියෙන කාලේ මේ අය කටවහගන ඉඳල දෙන මෝඩ අදහස් ඉදිරිපත් කරනවා. දින සියය ඉවරවුනත් නිතිය ක්‍රියාත්මක කරන්ඩ ඕනේ නැතිනම් කවදද මේ අය නිවැරදි කරන්නේ දුමින්ද. (බ)
අනේ අපේ බදු මුදල් මේ වගේ නාස්ති කාර වැඩවලට යොදවන්න එපා. (ර)
මේ දෙන්නටත් ගෙවන්න ඕන අපේ බදු සල්ලිවලින්නේ. අන්තිමට වෙලා තියනවාය කියන වංචාවලට වඩා මුදලක් එව්වා හොයන්න වියදම් කරාවි. නමුත් අල්ලපු හොරෙකුත් නැතිවේවි. (ර)
අශ්වයා පැන ගිහින් ඉස්තාලෙන්- දින 100 ඉවර වේ නවයෙන්. (ර)