බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරිම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි විසිපහක් ගැන දැන් මුලික පරික්ෂණ අරඹා ඇත.
මේ කොමිසමට ලිඛිත පැමිණිලි ඉදිරිපත් කළ යුතු අතර පැමිණිලි ඉදිරිපත් කළ හැකි වන්නේ මෙම 24 දා දක්වා පමණය.
සිංහල, දෙමළ, ඉංග්‍රිසි, සහ ඕනෑම මසකින් ලිඛිතව පැමිණිලි ලියාපදිංචි තැපැලෙන් ඉදිරිපත් කිරිමට හෝ ගෙනවිත් භාර දිමට හැකි බව කොමිසම කියයි.
“2010 ජනවාරි මාසයේ 10 දා සිට 2015 ජනවාරි මාසයේ 10 දා දක්වා සිදුවුණු වංචා දුෂණ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කිරිමට හැකිය.”
පැමිණිලි ඉදිරිපත් කළ යුතු ලිපිනය : ලේකම් , බ්ලොක් අංක 5 ,පළමු මහල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත කොළඹ 07.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2010 ජනවාරි වලට කලින් ඕව වෙලා නැද්ද? (ස)
වීරවංසගේ නෝනයි වෙලේසුදාගේ කට උත්තරෙන් එළිවුණු දුමින්ද සිල්වාගේ කේස් වලට මොකක්ද උනේ? මේවායින් කාගේ ඇස් වලටද වැලි ගහන්නේ? (ස)