ශ්රී ලංකාවේ බරපතල වංචා දුෂණ ,රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතය පිළිබඳව පත් කර තිබෙන ජනාධිපති කොමිෂන් සභාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කැර ඇත.
මේ හා සම්බන්ධ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කිරීමට නියමිතය.කොමිෂන් සභාව සඳහා ලේකම්වරයකු පත් කිරීම ප්‍රධාන කර්තව්‍යක් වන හෙයින් එම පත්වීම් දින කිහිපයකින් සිදු වීමට නියමිතය.පරිපාලන සේවාවේ අයකු ඒ සඳහා පත් කරනු ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසමට පත් කරන ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමා කරනු මිස තම අත වූ කාරිය, පමාවට කරනා මට වුවමනා නැත යයි කියලා, සිතලා වැඩ පටන් ගන්න (නදී)
මේ රජයට බනින්නේ දූෂණ අල්ලන්න ප්‍රමාදයි කියලා. හැබැයි කලින් රජයට බනින්නේ දූෂණ කළයි කියලා. වෙනස ඒකයි. ඕවා කරලා ඇත්තේත් ලේසියෙන් අහුවෙන්න වෙන්න බැහැ. මේ වෙනකොට වංචා පගා දූෂණ කුඩු එතනෝල් අඩු වෙලා තියෙනව නම් ඒකත් මදැයි. (අ)
රජයක් පත් කරන්නේ රටේ යහපාලනය ඇති කරලා රට සංවර්ධනය කරන්න. කලින් හොරු ඇලිලිම දූෂණ ඇල්ලිම කියන්නේ එක්තරා කොටසක් විතරයි. එය අපි තේරුම් ගත යුතුයි නේද? (අ)
දින 50 පහුවෙලා ගොඩ දිනක් ගත උනා. සාක්කි දැනටම දෙයියෝ සාක්කි උනා (නදී)
දින පහුවෙලා හෝ පොරොන්දු ඉටු කිරීම අගය කරනවා. (අ)