ශ්‍රී ලංකාවේ සිදුවී යැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් ආදී සිද්ධි සම්බන්ධයෙන් නව රජය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලවූ දේශීය යාන්ත්‍රණයක් කඩිනමින් පවත්වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු වන බව මහලේකම්ගේ දේශපාලන කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත ජෙෆ්රි ෆෙල්ට්මෑන් අද (3) කොළඹදී කීවේය.
එවැනි ප්‍රමිතියකින් යුතු විශ්වාසදායී දේශීය පරික්ෂණයක් කිරීමට සහාය දෙන බවද ඔහු කීවේය.
ජෙෆ්රි ෆෙල්ට්මෑන් මහතා මෙරට සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, වැඩබලන විදේශ ඇමැති අජිත් පී.පෙරේරා මහත්වරුන් හමුවිය. උතුරු පළාත් මහ ඇමැති, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු හා එහි සිවිල් සංවිධාන නියෝජිතයන්ද හමුවිය.
ඡායාරූප - තිළිණි ද සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'අප්පමාදෝ අමතපදම්'' කිවුවලු (නි)
ඔය දඟලන්නේ මොකටද කියල අපි දන්නවා. අඩු වැඩි නැතිව අපේ අයත් උඩ දාගෙනම කරාවි. දැන් යහ පාලනයනේ.(නදී)
සියලු දේ ඔබලාගෙන් බව අපි දන්නවා (නදී)
88 -89 කාලේ මොකද වුණේ කියලා මේ අන්නැහෙලා දන්නේ නැතුව ඇති.(දිල්)
මේ රටේ යුද අපරාධ සිදු වුනා.. ඒක බොරුවක් නෙමේ... හැබැයි ඒවාට මුළු හමුදාවම වගකිවයුතු නෑ... වගකිව යුතු සුළු පිරිසක් ඉන්නවා. ලංකාවේ දේශීය පරීක්ෂණයක් තබා මේ අයට දඩුවම් කළ යුතුයි. (බ)
නැතුව නැතුව, එහෙම වෙන්න එපායැ ඉතින් (නි)