
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
දේශබන්දු යනු රාජපක්ෂලාගේ අපරාධ රාජ්‍යයේ සිටි එක් "ගෝඩ් ෆාදර්" කෙනෙක් බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ තක්කඩි දූෂිත දේශපාලනය දේශබන්දු සමගම අතුගා දැමිය යුතු යැයි ද සභා නායකවරයා කීය.
අද මේ විවාදයේදී සජබෙ දේශබන්දු ගැන කතා කළත් ඔවුන්ට රාජපක්ෂලා ගැන කතා කරන්න බැරි වෙලා තියෙනවා. ඒක තහනම් වචනය වෙලා. දේශපන්දු ගෙනාවේ රාජපක්ෂලා. දේශබන්දු කියන්නේ කවුද? රාජපක්ෂලා හදපු අපරාධ රාජ්‍යයේ අංශු මාර්ථයක්.රාජපක්ෂලා උත්සාහ කළේ මේ රට සදහටම කැරකෝප්පුවක් කරන්න.
මේක දේශබන්දු සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොවේ. දේශබන්දුට විරුද්ධව පුළුවන් නම් ඡන්දය දෙන්නැයි මා සජිත් ප්‍රේමදාස මහතාට මෙන්ම ඉදිරි පෙළ ඉන්න ගයන්තලාට අභියෝග කරනවා.දේශබන්දු තනියම පොලිස්පති වුනාද? මේ තක්කඩි දූෂිත දේශපාලනය දේශබන්දු සමගම අතුගා දැමිය යුතුයි. ලෝකයේ මෑත භාගයක රටක පොලිස් ප්‍රධානියෙක් අපරාධ කරලා මෙහෙම අසුවෙලා තිබෙනවාද කියා මා සොයා බැලුවා 1989 වසරේ මෙක්සිකෝ වල එවැනි සිදුවීමක් තිබෙනවා.දැන් සජබ සහ පොහොට්ටුව කියන දෙකම එකයි. දේශබන්දු සමගම ඔබලාත් අතුගෑවෙනවා.
මෙච්චර තුච්ච දේශපාලනයක් අප දැක්කේ නෑ. ඔබලාට ජනතාව සොරිම කරනවා.අද උතුරේ වගේම දකුණේ ජාතිවාදීන් කලබල වෙලා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහංකාර විහිළුකාරයා කියන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරවලට වගකිව යුතු අය NPP පාලනයට ඇතුළත්...
හරි, දැන් රාජපක්ෂලත් නෑ, දේශබන්ධුත් නැති නිසා සියලු අපරාධ නවතියි නේද? අතේ උපරිමයට බලය තියෙන නිසා පරණ අපරාධ වලට දඬුවම් දෙන්නත් පුලුවන් වෙයි නේද? නිකම් වාචාල කතා කිය කිය ඉන්න වෙලේ කන්ටේනර් කේස් එකට ඇතුලට ගියාම අඳින ජම්පරේ මෙෂර්මන්ට් ගත්තා නම් හොඳයි නේද?
රාජපක්ෂලාගේ කුණු වැඩ කරගන්න හිටපු කෙනෙක් තමයි මෙයා
හුටා එදා දේශබන්ධුව පොලිස්පති කරනකොට මෙයා මෙහෙම කතා කරලා නෑ. එදා සද්ද වහලා ඇහුනේ නෑ දක්කේ නෑ වගේ ඉඳලා. උසාවි ගිහිනුත් නෑ. මාර දෙපිටකාට්ටු දේශපාලනයක් මේක.
හොඳ හොඳ සෙල්ලම් එලිවන ජාමෙට. අද වඩාත්ම කතාබහට ලන්වන බවලතියකගේ නෑනා මෙයාග යටතේ ඇති NTMI එකේ චෙයාමන්
ඒකත් දන්නවා. මේකත් දන්නවා. අරකත් දන්නවා. හැබැයි රාජ්‍ය පාලනය බෑ. ආණ්ඩු කරන්න බෑ. සංවර්ධනය බෑ. කොටින්ම කයිවාරු ගහපු හොරු ඇල්ලිල්ලත් බෑ. පුලුවන් එකම දේ මඩ මඩ මඩ. අවලාද අවලාද අවලාද. බොරු බොරු සහ තවත් බොරු. ජවිපෙහි අහංකාරයන් අතර ප්‍රමුඛයකු වන රත්නායක එහි අවගමනයේ පෙරගමන්කරුවෙක්.
කයියෝ කියන්නේ ඒකනේ
මේ මන්ද මානසික මිනිසුන්ට බලය දීමේ විපාක මිසක සත්‍යය නොවේ. පාතාලය මර්දනය සහ කොටි විනාශ කිරීම ඔවුන් සමඟ ලගින මොවුන්ට වේදනාවක් වී ඇති වග පෙනේ.
බුරලා තවලමේ ගමන නවත්වන්න බැරි බව බල්ලෝ දන්නේ නැහැ, බිමල් සහෝදරයා යනු අපරාධකරුවන්ට හොරුන්ට හා උන්ගේ මස්කටු වල රස බලමින් බුරන මහත්වරුන්ට දිරවන්නේ නැති චරිතයක් බව අපි දන්නවා.
කන්ටේනර් 323ක් බරක් හිස මත දරාගත් මිනිසෙකුගේ කතා....
ජයවේවා එන්පිපි ආණ්ඩුවක් නැතිනම් අද රාජපක්ෂලා රට නැත්තටම නැතිකරලා