මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද (26) හුණුපිටියේ ගංගාරාමයට ගොස් විහාරාධිපති ගල්බොඩ ඥානිස්සර කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක හිමියන්ද කොළඹ කොටුවේ සම්බුද්ධාලෝක විහාරයේදී විහාරාධිපති ආචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර නා හිමියන්ද, නාරාහේන්පිට අභයාරාමයේදී විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන්ද බැහැ දුටුවේය.
මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ උපන් දිනය නිමිත්තෙන් එහි සාංඝික දානමය පිංකමක්ද විය. එහිදී හිටපු ජනපති හා ඔහුගේ ඇමැති මණ්ඩලයේ සේවය කර මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ඉවත්වූ දොස්තර රාජිත සේනාරත්න (සෞඛ්‍ය ඇමැති) ද එහිදී හමුවීම කැපී පෙනිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමා එනතෙක් අපි බලන් ඉන්නවා !(හේ)
ගරු මහින්ද මැතිතුමනි, ඔබ දේශපාලනයෙන් විශ්‍රාම යායුත්තේ මේ ආකාරයෙන් නොවේ. ලක්ෂ 57ක ජනතාව විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාව ඔබ වෙත තැබූ විශ්වාසයට කෘතගුණ සළකන්න.ඔබ බහුතරයේ බහුතරය දිනූවෙක්. ඒ බහුතරයේ අපේක්ෂාව නැවතත් ඔබතුමාගේ දේශපාලන ආගමනයයි. නැවත දේශපාලනයට පිවිසෙන්න. ප්‍රභාකරන් පරසක්වල ගැසූ ඔබට, දේශපාලනයෙන් තෙම්පරාදු වූ ඔබට මේ පරාජය පරාජයක් නොව මිනිසුන් හඳුනාගන්න දුන් දේවාශිර්වාදයක් සේ සළකන්න. (නි)
ඔබ එනතුරු අපි බලාගෙන ඉන්නේ. ඉක්මනට එන්න (නි)
පිවිතුරු, ඔබ හරි (නි)