දේශපාලනය මහ එපා කරපු ජොබ් එකක් බැනුම් අහලා එපා වෙනවා. මට විතරක් නොවේ අපේ අම්මටත් බනිනවා. මෙකේ සම්පත් ටික උදුර ගන්න තාත්තා පුතා ගේනවා .අයියා මල්ලි ගේනවා. අපේ පවුලේ කිසිකෙනෙක් මම දේශපාලනයට ගෙන්නේත් නැහැ ගෙනල්ලත් නැහැ. මට තරම් මාධ්‍යයෙන් මඩ ගහන වෙන කවුරුවත් නැති තරම් මට කසිප්පු කාරයා, එතනෝල් කාරයා කියලා කියනවා. ඒ මොනවා කිව්වත් මම සැළෙන්නේ නැහැ කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ලග්ගල හත්තොට අමුණ ප්‍රාදේශිය රෝහල් ඉදි කරන ලද ගොඩනැඟිල්ලක් විවෘත කරමිනි.
ඉතිහාසයේ ඉදිරිපත් කළ හොඳම අයවැය මෙවර අයවැයයි. වකුගඩු රෝගීන්ට රුපියල් 3000 ක දිමනාවක් ලබා දීමට යෝජනා කිරිම පිළිබඳ වකුගඩු රෝගීන් බහුලව සිටින ආසනයක් නියෝජනය කරන මන්ත්‍රි වරයෙකු ලෙස ජනාධීපතිතුමාට ස්තුති වන්ත වෙනවා මාතලේ දිස්ත්‍රික්කයේම වකුගඩු රෝගින් සමඟ කැළණි විහාරයට ගොස් ජනාධිපතිතුමාට සෙත්පතා බෝධි පුජාවක් පවත්වන බවද ඒ මහතා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමා හිතාගෙන ඉන්නේ මේ රටේ හැමෝම බූරුවෝ කියලද. කෘමිනාශක කාරයන්ගෙන් කෝටි ගණන් කොමිස් ගහල සියලුම වස විස බෙදාහරින්න ඔවුන්ට ඉඩ දීල එම වස විස ශරීර ගත වෙලා මරණය පෙනී පෙනී ඉන්න අහිංසකයන්ට Rs . 3000 දීල අත් දෙක පිහදාගන්නද හදන්නේ. වස විස බෙදාහරින එක නතර කරන්න පෙරමුණ ගත්තනම් ඔයිට වඩා නරකද. මුන්ට බෝධි පූජා නෙවෙයි. වස් කවි කියන්නයි තියෙන්නේ කරන අපරාදයට(අ)
හාල් වලින් බීර හදන එක ,බාර් දමල එතිනොල් කසිප්පු විකුණන එක හොඳ වැඩක්ද ?කසිප්පු බීපුවාම වකුගඩු විතරක් නොවෙයි බඩවැලුත් දියවෙනවා .(අ)
ඒ කියන්නේ දේශපාලනය රැකියාවක්ද? (නි)
පාරිශුද්ධ බවේ ප්‍රතිමුර්තිය (බ)
දේසපාලනය රස්සාවක් කරගත්තහම එහෙම වෙනවා.(බ)
වැවු පිරුනාම වැස්ස මොටෝ අපේ මහත්තයෝ ??(බ)
ඔච්චරම එපා කරපු, බැනුම් අහන, මඩ ගහන රස්සවක් කරන්නේ අපිට ආදරේට වෙන්න ඇති. මටනම් දෙකොනෙන්ම හිනා යනවා. (බ)
ඔය ලොක්කෝ ගොඩක් දෙනෙක් දේශපාලනය අතැරලා, අරක්කු ටිකක් පෙරාගෙන,මාලයක් කඩාගෙන , ගණිකා මඩමක් දාගෙන ඒ වගේ යහපත් රැකියාවක් කරගෙන උන්නනම් රටට කොච්චර හොදද.(බ)
වකුගඩු දියවෙන අරක්කු විකුණන එක නරක දෙයක් නොවෙයිද ආයුබෝවන්. (බ)
මෙහෙම හරක්නේ රට පාලනය කරන්නේ (බ)
මෙහෙම දේශපාලන දෙනුමක් නෙති ගමේ බයියලානේ රට පාලනය කරන්නේ?? ඉතින් රටක් දියුණු වෙයිද (බ)
මොහාන් මහත්තයෝ, දෙසපාලනයෙන් අස්වෙලා ඔය කියන දේවල් කරන්න පුළුවන් නම් බැනුම් අහ අහා දේසපාලනය කරන්න ඕනද? (බ)
මුන් හිතාගෙන ඉන්නේ රට පාලනය කරන්නව කියන්නේ එකේ පන්තියේ පන්ති නායක කමක් වගේ කියලනේ (බ)
ඔබතුමා බැන්නේ කොක්කටත් එක්කම නේද ? අන්තිමට බෝදි පුජා තියනව කියල ජාමේ බේරගන්න හදන්නේ නේද ? ඔන්න අපිනම් රැවටුනා....(බ)
මේක තමා අද ඉන්න බොහෝ දේශපාලකයන්ගේ තත්වය. ඉතින් රට පිරිහෙන එක පුදුමයක්ද? (බ)
"සම්පත් ටික උදුර ගන්න තාත්තා පුතා ගේනවා .අයියා මල්ලි ගේනවා". හා හා කට කට! ආ, කමක් නැහැ, බය වෙන්න දෙයක් නෑ. මුලින් කියාපු භයානක වචන ටිකේ සැර අග්ගිස්සේදී නිවල දානවනේ.(බ)
ඉතින් ඇයි බැනුම් අහ අහ තවත් ඕකේ ඉන්නේ අයින් වෙන්න පුළුවන්නේ ...කොහේ අයින් වෙන්නද නේද ,,,?ඕකේ රහ දන්නේ අපිනේ (බ)
පේනවානේ රට කරවන ඇමැතින්ගේ මෝඩ කතා. දැන් ඉතින් අපේ රටේ දේශපාලනයට මීට වඩා වෙන්න වින්නැහියක් නැහැ. ටෙන්ඩර් කැඳවලා රට පාලනය කරන්න කොම්පැනියකට බාර දෙන ක්‍රමවේදයක් සකස් කරන්නැයි මා යෝජනා කරනවා. (බ)
මුලදී ගහන්න ඕනේ කෙනාට ගහලා අන්තිමට ආපදා කලමනාකරනයට පියවර අරන් තියෙනවා. හොඳයි හොඳයි (බ)
විද්දේ හාවට වැදුනේ පදුරට වගේ ජනක ඇමති තුමාට කියන දේවල් වලට ලොක්ක තොප්පිය දා ගනීද දන්නේ නැහැ.(බ)
පවුලේ එක්කෙනෙක් දෙන්නෙක් දේශපාලනයට ගෙනාවට ඒකේ වැරද්දක් නැහැ. ඒ වුනාට , නැන්දම්මා, මහප්පා, ලොකු මල්ලි , බාල නංගිගේ අරයා, උක්කුන් මල්ලි, කළු නැන්දගේ ලොකු දුව , හිච්චි මස්සිනා, පොඩි මාමා ගේ හාමිනේ ආදී වශයෙන් හතර වරිගයම කැන්දා ගන්න ගියොත් නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා වගේ. (බ)
වකුගඩු රෝගීන්ට 00 දීම නෙමේ උත්තරේ ,මිනිසුන්ට වස කැවීම නවත්වන එකයි. රුපියල් 3000 ක් කියන්නේ $ 22.72. මහත්තයෝ බෙහෙත් ගඳ කියක් යනවද, වේදනාව කොච්චරද, එතනෝල් ගෙනල්ල ආරක්කු පෙරනවා වගේ ලෙහෙසි වැඩක් නෙමේ මේක . අඩුම ගණනේ රුපියල් 13000 ($ 100) ගෙවන්ඩ් මී අසරණයින්ට. තමුනාන්සේ හරි ආඩම්බරයෙන් කතාකරනවා වාගේ වකුගඩු රෝගීන් වැඩිම ප්‍රමාණයක් නියෝජනය කරන පෙදෙසෙක කියල. ඇත්තටම ලජ්ජා වෙනද ඕනා මේ තත්වයට. (බ)
මහ ජනතාවට වැදි බණ දෙසමින් බොළඳ සැප විඳි එක නිරයට නොයාතියේවිද (බ)
දේශපාලනයට නෑදෑයො නොගෙනෙන්නෙ තමන්ට වඩා දියුනු වෙයි කියා සිතන ඉරිසියාකාර ආත්මාර්ත කාමීන් මිසක් වෙන අහවල් කෙන්ගෙඩියක්වත් නෙවෙයි (බ)
දැන් හැම මන්ත්‍රී,ඇමතිලාටම දේසපාලනේ තිත්තලු. අනේ දෙයියනේ අපට වධ නොදී ගෙදර යන්න. (අ)
දේසපාලනය කරද්දී ඔහොම තමයි මහත්තයෝ.මඩ කරත්ත පිටින් එන්නේ එද්දී.කරන එක හොඳය ඒවාට යටයි.ඒවා ඉවසගෙන හොඳ මහජන නියෝජිතයෙක් වෙන්න බලන්න දේසපාලනය රැකියාවක් විදිහට දකින්නේ නැතිව.(බ)
රට කන හොරු ජනතාවාදී දේශපාලනය කෙරුවොත් පින් ලැබෙයි එහෙම නැත්නම් නිරයට මග !!!!!!!!(බ)
ලංකාවේ දේසපාලනේ සදාචරයක් නැහැ හොර කෑම මුලිකම දේ දැන් මට නම් කල කිරිල තියෙන්නේ. (බ)
රටත් කාල අපිවත් කාල කට්ටිය ඔක්කොම ජනවාරියේ ගෙදර යන්න ලෑස්තිවෙන්න. හැබයි නීතිය ඉදිරියේ දන ගහන්න ලෑස්තිවෙන්න කරපු දුෂන වංචා වලට සාධාරන සමාජයක් ගොඩ නැගීම සියලු දෙනාගේම වගකීමක්. (අ)
වකුගඩු රෝගය මාතලේ වැඩිවෙලා තියෙන්නේ ලකියාගේ කසිප්පු බීලා (අ)
බූරුවා කවුද අනේ නොදන්නා කමට අහන්නේ (දිල්)
බැනුම් ඇහුවම මොකද වෙන්නේ (දිල්)