(සුජිත් හේවාජුලිගේ)
දේශපාලනඥයන් සඳහා ගිනිඅවි බලපත්‍ර 30ක් ගිය වසරේ අලුතින් නිකුත් කර ඇතැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
මහජන නියෝජිතයන් ගිනිඅවි බලපත්‍ර 71 ගිය වසරේදී අලුත් කරගෙන ඇතැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්ය සාධන වාර්තාවේ දැක්වෙයි.
මේ අතර දේපළ හා ජිවිත ආරක්ෂාව සඳහා ගිනිඅවි ඉල්ලීම් 78 කටද රාජ්‍ය පෞද්ගලික ආයතනවල ආරක්ෂාව සඳහා අවි ඉල්ලීම් තුනකටද වගා ආරක්ෂාව සඳහා ගිනිඅවි ඉල්ලීම් 117 කට ද ක්‍රීඩා කටයුතු සඳහා අවි ඉල්ලීම් 9 කට ද ආරක්ෂක අමාත්‍යංශය ගිය වසරේ දී අවසර දී ඇතැයි එම වාර්තාව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද ගිනි අවි ආරක්ෂක කණ්ඩායම ඉදිදිදීත්.....
මේක සම්පුර්ණයෙන්ම අනවශ්‍ය දෙයක්. මොකටද තවමත් මේවා දෙන්නේ?
ඕවයින් කීයක් පාතාලයෙන් මතුවෙයිද දන්නේ නැහැ. ඔය වගේ මිනිස්සුන්ගේ ඔය වගේ දේවල් වලට පාතාලයෙන් තියෙන්නේ ලොකු ඉල්ලුමක්.
සියල්ලෝම හොඳින් දන්නවා දේශපාලුවෝ කීදෙනෙක් විවිධ දුෂණ වලට අයත් අයවලුන්ද කියලා. පුදුමය නම් ආරක්ෂක අමාත්‍යංශය ඒ ගැන නොදැනීමයි. සාමාන්‍ය ජනයා හට බලපාන නීති දේශපාලුවන්ට බලපාන්නේ නැද්ද
දැන් වැඩ පෙන්වනවා...
වහාම දේශපාලකයන්ට ගිනි අවි නිකුත් කිරිම නැවැත්විය යුතු අතර පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන්ට එක් ආරක්ෂකයෙක් හා ඇමතිවරයෙක්ට ආරක්ෂකයන් දෙදෙනෙකු වශයෙන් සීමාකල යුතුයි. ප්‍රාදේශිය සභා සහා පලාත් සභා නියෝජනය කරන දේශපාලකයන්ට ආරක්ෂාව හෝ ගිනිඅවි අවශ්‍ය නොවන අතර ඔවුන් ලබා ගන්නා අවි වෙනත් අපරාධ සදහා යොදා ගැනීමට ඇති හැකියාව වැඩිය.
දැන් කොටිත් නැහැ ඔය වෙන මොනවත් නෙමෙයි දැන් ගමට යන්න බැහැ මොකද වැඩක් කරලා නැහැනේ
මේ අයව පත් කෙරෙන්නේ ගිනි අවි අරගෙන මහජනයා අතරට යන්න නෙමෙයි. මොකද්ද මේගොල්ලන්ට තියන බය ?
මේ රටේ දේශපාලුවෝ නියම පරපෝෂිතයන් බවට සීග්‍ර වේගයෙන් පත් වෙන බව පෙනෙනවා . මොවුන් ගෙන් බේරිලා ඉන්න ජනතාවට ආරක්ෂාවක් නැද්ද? ගිනිපෙට්ටියේ සිට මිනීපෙට්ටිය දක්වා ජනතාවට ගහන බදුවලින් වැඩි හරියක් වියදම් කරන්නේ .. අනේ අප්පච්චියේ .. මුන්ව නඩත්තු කරන්න නේද? මොන පලකටද?