මීට පෙර තමාත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිත් අතර හමුවකට දින යොදාගෙන තිබිය දී තම සහෝදරයා වන බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් බවත්, දැන් නැවත හමුවකට දිනයක් නියමව තිබිය දී තමාගේ ආරක්ෂක කෝප්‍රල්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, අද හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
මේ සියල්ල දේශපාලන හස්තයක් විසින් මෙහෙයවන බව පැහැදිලිවන්නේ යැයි ද හිටපු ජනපති පවසයි.
ජනපති සිරිසේන මහතා ගිය උත්සවයකට තම පුත් නාමල් සමඟ ගිණි අවියක් ඇතැතිව ආ බව කියන කෝප්‍රල් තමාගේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයකු බවත්, තම ඉල්ලීම පරිදි ඔහු නාමල් රාජපක්ෂ සමඟ එහි ගිය බවත්, කෝප්‍රල් ගිනි අවියක් අතැතිව උත්වයට නොපැමිණි බවත්, ඔහු ගිනි අවිය යුද හමුදා රියදුරට බාර දී ඇතුළට ගොස් ඇති බවත් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහතා වැරදි වැඩ කළා. ඒ ඔය සමාජගතකොට ඇදබාන, ඒවා නැවත නැවත උලුප්පා කියවන සුදු වෑන්, හෙලිකොප්ටර්, ලක්ෂරි කාර්, සුපිරි අශ්වයෝ, වගේ ඒවා නොවෙයි. එදා සිට නොවෙනස් බෙදුම්වාදී මතවාදයේ හිටි දේශපලුවන් ඔඩොක්කුවට ගෙන නැළවීමට යාම ඔහුට වැරදුන තැනයි. (නි)
නීතියක් නොතිබුන රටක ,නීතිය ස්ථාපිත වෙන කොට බලය අනිසි විදියට පාවිච්චි කරපු අයට පෙනෙන්නේ එහෙම තමයි (ම)
සත්‍යය කවදා හෝ ජයගනී. මෙතුමාට අමතක වෙලා ඒ කලේ වෙච්ච දේවල්. ඒ කලේ වුණේ සියල්ල දේශපාලන හස්තයක් විසින් මෙහෙය වුණා නොවේ. ඒ සියලලවෙසින් මෙහෙයවූවා.(ම)
අනේ යහපාල, මෙතුමාගේ ප්‍රශ්න ඔයාට ප්‍රශ්න වුණාට,මේ රටේ මිනිසුන්ට ප්‍රශ්න නොවෙයි (නි)
වැරදි කරපු අය අත්අඩංගුවට ගන්න එක සාකච්ඡා එක්ක සම්බන්ධයක් නැහැ (නි)
මේ දඩුවම් ලැබෙන්නේ වැරැදි කරපු අයටනේ.බලමුකෝ ඉදිරියේදී කුමක්ද සිදු වන්නේ කියා.(හේ)
ඒක ඇත්ත (නි)
ඔක්කොම මෙහෙයවන අත නම් තියෙන්නේ මේ රටේ නෙමෙයි සර්. මෙහෙ ඉන්නේ ඉත්තෝ විතරයි. හැබැයි ඉතින් ඒ ඉත්තන්ට ඕනෑ හැටියට නටන්න ගියොත් සර්ටත් මොනවා වෙයිද කියලා දෙවියෝවත් දන්නේ නැතිවෙයි. (නි)
අනෙක් රටවල නායකයන් සේවයෙන් නික්ම ගියාට පසුව මොකක් හරි ප්‍රයෝජනවත් වැඩක යෙදෙනවා. නැති නම් පෙර කල වෘත්තියටම යනවා. අපේ රටේ කට්ටිය ගෙදර ගිය දවසේ ඉඳන් නහයෙන් අඬා ගත්තු ගමන්. ඉතින් මේ රට හැදේවිද ? (ම)
එයා හිතන් ඉන්නේ තමන් වැරදි කලේළේ නෑ කියලා.(බ)
පිවිතුරු යහපාලන මහත්තයෝ තමුන් වගේ මිනිස්සු නිසා තමා මහින්ද ගියපාර පැරදුනේ ලක්ෂ 58 තිබුනේ ඉස්සර දැන් කියක් ඉතුරු වෙලා තියෙනවද කියල ඡන්දෙටම ඇවිත් බලන්න කියන්න (බ)
වැරදි කළ අයට නිසි දඬුවම් දෙන්න ඕනෑ. (නි)
ඉන්න කාලේ වැරදිකාරයො ආරක්ෂා කළා අපේ හාමුදුරුවනේ. දැන් උන් ඇතුලට යනකොට එ්ත් මම උන්ව ආරක්ෂා කරන්න හදන්නේ හාමුදුරුවනේ. (බ)
මේවා හැමෝටම උගත් පාඩම් දැන්වත් හැදෙනවා නම් (නි)
පිවිතුරු යහපාලගේ බළලා මල්ලෙන් එළියට පැන්න.(බ)
පව් අනේ පිවිතුරු යහපාල. (බ)
තමන් හිසට තම අතමය සෙවනැල්ල (ම)
අනේ හසිත් ඔයාගේ දැනුම නම් මාරයි (ම)
ඔබතුමානේ ඉතින් නක්ෂත්‍රකරුවන් මෙහෙයවන්ට ගිහින් අපුරුවට ඉන්න තිබුණු අවුරුදු දෙකත් නැතිකර ගත්තේ. (නි)
විශේෂ කාර්ය බලකාය එම පුද්ගලයාව ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදුන් බව කියා තිබුනා නේද? කව්ද හරි? (නි)
මෙතුමාගේ ආරක්ෂකයනුත් නිර්දෝෂී උපාසක අප්පුලා නම් එතකොට රටේ අනිත් දේශපාලක පක්ෂ සහ ඒවාට ඡන්දෙ දෙන මිනිස්සු තමයි දැන් එතකොට නරක මිනිස්සු වෙලා තියෙන්නේ. බලයට තිබෙන කෑදරකමට දැන් ඉතින් මුළු රටේම ඉන්න අනෙක් මිනිසුන්ට ඇඟිලි දික් කර කර චෝදනා කරනවා. මෙතුමා බලයේ ඉන්නකොට දේශපාලන හස්ත ක්‍රියාත්මක වුණේ නැද්ද ? කෝ දැන් සුදු වෑන් භීතිකාව රටේ නැහැනේ. ඒකට මොකද වුණේ? (නි)
හසිත් කියන්නේ පුද්ගලික කෝන්තරයකට පොරෝ පාරක් කාල මැරුණු මලයටයි රට කොටින්ගෙන් රැක ගන්න සවියක් වුණු මලයටයි ඒ ඒ අයගේ අයියලා එක ම හැන්දෙන් බෙදන්න ඕනෙය කියලද? (බ)
ඔබතුමාට තවමත් තේරිලා නැත්තේ ඔය වටේට ඉන්න කට්ටිය නිසා ඔබතුමා අමාරුවේ වැටුන බව. අනේ ඇත්තට දැන්වත් ඕක තේරුම් ගන්න. කාලා බලලා නැත්නම් ආරක්ෂකයන්ගේ ගුණ යහපත්කම ගැන අලගු තියන්න යන්න එපා. ඉස්සර ඉඳන්ම ඒ මිනිසුන්ගේ චර්යාව ගැන මේ සාමාන්‍ය මහජනයා වන අපේ කිසිම පැහැදීමක් නැහැ . (නි)
එතකොට ඒ කාලයේ ක්‍රියාත්මක වුණ දේශපාලන කකුල් මතක නැද්ද ? (නි)
මම නම් කියන්නේ ඔබතුමා ඔය පවුලේ උදවිය සහ අන්තේවාසික අයගේ දුක්ගැනවිලි පුද්ගලික මට්ටමින් බලාගන්නවා මිසක් ඒවා ජාතික ප්‍රශ්න කරන්න උත්සාහ ගන්න එපා. දැන් රටේ තිබෙන ලොකුම ප්‍රශනය හිටපු ජනාධිපතිගේ සහෝදරයා , ආරක්ෂකයා සහ ඇමති අත්අඩංගුවට පත්වීම නෙමෙයි. බලන්න මෛත්‍රී මැතිතුමාගේ සහෝදරයා වෙනත් කෙනෙකු අතින් මරණයට පත්වෙලාත් එතුමා රට වටේ ඒක ගැන කියව කියවා යනවාද? (නි)
කොහොම උනත් මහින්ද මහත්තයාගේ දුක් ගැනවිල්ල බලන්න ලක්ෂ 58ක් හිටපු වගත් දැනටත් ඉන්න වගත් දැන් ඒ ප්‍රමාණය එයිට වඩා ගොඩක් වැඩි බවත් මතක තියාගන්න,,එතුමාට රිද්දන්න රිද්දන්න එතුමා තවත් බලගතු වෙනවා..හරියට රත් වෙච්ච යකඩයක් වගේ..තලන්න තලන්න තමයි එකේ හයිය හක්තිය වැඩි වෙන්නේ..(බ)
හසිත්ලා අමතක කරන්න හැදුවට මොකද හිටපු ජනාධිපතිගේ සහෝදරයෝ කියන්නේ කොටින්ගෙන් රට බේරාගැනීමේ සටනේදී රටට මෙහෙයක් කළ අය නිසා ඔවුන්ගෙන් එළව එළවා පළිගැනීම ජාතික මට්ටමින් කතා කළයුතු තමයි. (නි)
පිවිතුරු යහපාල මහත්තයෝ, මහින්ද මහත්තයාට ලක්ෂ 58ක් තවමත් ඉන්නවා නම් තනියම ඡන්දෙ ඉල්ලන්න කියන්නකෝ (නි)
දැන් ලංකාවේ හැමදේම සිද්ධ වෙන්නේ දේශපාලනයට අනුවයි.(හේ)
පිවිතුරු යහපාල අයියේ, දවල්ද....? (නි)
මොකක්ද ඒ හස්තය? (නි)
කෝ මේ අනෙක් සළුවඩන නිලමේ සුමුදුහේවා ? දැන් දවස් කීපයක ඉඳල ආගිය අතක් නැහැනේ. (නි)