IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘දේශපාලන හස්තයක් සියල්ල මෙහෙයවනවා‘

මීට පෙර තමාත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිත් අතර හමුවකට දින යොදාගෙන තිබිය දී තම සහෝදරයා වන බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට  ගත් බවත්, දැන් නැවත හමුවකට දිනයක් නියමව තිබිය දී තමාගේ ආරක්ෂක කෝප්‍රල්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, අද හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

මේ සියල්ල දේශපාලන හස්තයක් විසින් මෙහෙයවන බව පැහැදිලිවන්නේ යැයි ද හිටපු ජනපති පවසයි.

ජනපති සිරිසේන මහතා ගිය උත්සවයකට තම පුත් නාමල් සමඟ ගිණි අවියක් ඇතැතිව ආ බව කියන කෝප්‍රල් තමාගේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයකු බවත්, තම ඉල්ලීම පරිදි ඔහු නාමල් රාජපක්ෂ සමඟ එහි ගිය බවත්, කෝප්‍රල් ගිනි අවියක් අතැතිව උත්වයට නොපැමිණි බවත්, ඔහු   ගිනි අවිය යුද හමුදා රියදුරට බාර දී ඇතුළට ගොස් ඇති බවත් රාජපක්ෂ මහතා සඳහන් කරයි.



අදහස් (0)

‘දේශපාලන හස්තයක් සියල්ල මෙහෙයවනවා‘

චන්දා Wednesday, 06 May 2015 05:36 AM

මහින්ද මහතා වැරදි වැඩ කළා. ඒ ඔය සමාජගතකොට ඇදබාන, ඒවා නැවත නැවත උලුප්පා කියවන සුදු වෑන්, හෙලිකොප්ටර්, ලක්ෂරි කාර්, සුපිරි අශ්වයෝ, වගේ ඒවා නොවෙයි. එදා සිට නොවෙනස් බෙදුම්වාදී මතවාදයේ හිටි දේශපලුවන් ඔඩොක්කුවට ගෙන නැළවීමට යාම ඔහුට වැරදුන තැනයි. (නි)

:       0       0

මහින්ද Wednesday, 06 May 2015 05:43 AM

නීතියක් නොතිබුන රටක ,නීතිය ස්ථාපිත වෙන කොට බලය අනිසි විදියට පාවිච්චි කරපු අයට පෙනෙන්නේ එහෙම තමයි (ම)

:       0       0

චන්න Wednesday, 06 May 2015 06:03 AM

සත්‍යය කවදා හෝ ජයගනී. මෙතුමාට අමතක වෙලා ඒ කලේ වෙච්ච දේවල්. ඒ කලේ වුණේ සියල්ල දේශපාලන හස්තයක් විසින් මෙහෙය වුණා නොවේ. ඒ සියලලවෙසින් මෙහෙයවූවා.(ම)

:       0       0

සුපුන් Wednesday, 06 May 2015 06:09 AM

අනේ යහපාල, මෙතුමාගේ ප්‍රශ්න ඔයාට ප්‍රශ්න වුණාට,මේ රටේ මිනිසුන්ට ප්‍රශ්න නොවෙයි (නි)

:       0       0

ශාන් Wednesday, 06 May 2015 06:13 AM

වැරදි කරපු අය අත්අඩංගුවට ගන්න එක සාකච්ඡා එක්ක සම්බන්ධයක් නැහැ (නි)

:       0       0

කමල් Wednesday, 06 May 2015 06:20 AM

මේ දඩුවම් ලැබෙන්නේ වැරැදි කරපු අයටනේ.බලමුකෝ ඉදිරියේදී කුමක්ද සිදු වන්නේ කියා.(හේ)

:       0       0

ශාන සෞදි Wednesday, 06 May 2015 06:50 AM

ඒක ඇත්ත (නි)

:       0       0

සිල්වා Tuesday, 05 May 2015 04:23 PM

ඔක්කොම මෙහෙයවන අත නම් තියෙන්නේ මේ රටේ නෙමෙයි සර්. මෙහෙ ඉන්නේ ඉත්තෝ විතරයි. හැබැයි ඉතින් ඒ ඉත්තන්ට ඕනෑ හැටියට නටන්න ගියොත් සර්ටත් මොනවා වෙයිද කියලා දෙවියෝවත් දන්නේ නැතිවෙයි. (නි)

:       0       0

මංජු Wednesday, 06 May 2015 07:09 AM

අනෙක් රටවල නායකයන් සේවයෙන් නික්ම ගියාට පසුව මොකක් හරි ප්‍රයෝජනවත් වැඩක යෙදෙනවා. නැති නම් පෙර කල වෘත්තියටම යනවා. අපේ රටේ කට්ටිය ගෙදර ගිය දවසේ ඉඳන් නහයෙන් අඬා ගත්තු ගමන්. ඉතින් මේ රට හැදේවිද ? (ම)

:       0       0

එස්. කල්පගේ Wednesday, 06 May 2015 07:26 AM

එයා හිතන් ඉන්නේ තමන් වැරදි කලේළේ නෑ කියලා.(බ)

:       0       0

බණ්ඩා Wednesday, 06 May 2015 07:29 AM

පිවිතුරු යහපාලන මහත්තයෝ තමුන් වගේ මිනිස්සු නිසා තමා මහින්ද ගියපාර පැරදුනේ ලක්ෂ 58 තිබුනේ ඉස්සර දැන් කියක් ඉතුරු වෙලා තියෙනවද කියල ඡන්දෙටම ඇවිත් බලන්න කියන්න (බ)

:       0       0

උදාර Tuesday, 05 May 2015 05:10 PM

වැරදි කළ අයට නිසි දඬුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

මොහාන් Wednesday, 06 May 2015 07:47 AM

ඉන්න කාලේ වැරදිකාරයො ආරක්ෂා කළා අපේ හාමුදුරුවනේ. දැන් උන් ඇතුලට යනකොට එ්ත් මම උන්ව ආරක්ෂා කරන්න හදන්නේ හාමුදුරුවනේ. (බ)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Tuesday, 05 May 2015 05:16 PM

මේවා හැමෝටම උගත් පාඩම් දැන්වත් හැදෙනවා නම් (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 06 May 2015 07:49 AM

පිවිතුරු යහපාලගේ බළලා මල්ලෙන් එළියට පැන්න.(බ)

:       0       0

පුබුදු Wednesday, 06 May 2015 07:53 AM

පව් අනේ පිවිතුරු යහපාල. (බ)

:       0       0

දුමින්ද Wednesday, 06 May 2015 08:11 AM

තමන් හිසට තම අතමය සෙවනැල්ල (ම)

:       0       0

විජයබාහු Wednesday, 06 May 2015 08:13 AM

අනේ හසිත් ඔයාගේ දැනුම නම් මාරයි (ම)

:       0       0

පද්මිණී Tuesday, 05 May 2015 07:42 PM

ඔබතුමානේ ඉතින් නක්ෂත්‍රකරුවන් මෙහෙයවන්ට ගිහින් අපුරුවට ඉන්න තිබුණු අවුරුදු දෙකත් නැතිකර ගත්තේ. (නි)

:       0       0

වසන්ත Tuesday, 05 May 2015 08:47 PM

විශේෂ කාර්ය බලකාය එම පුද්ගලයාව ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන පොලිසියට බාරදුන් බව කියා තිබුනා නේද? කව්ද හරි? (නි)

:       0       0

රවී Tuesday, 05 May 2015 10:16 PM

මෙතුමාගේ ආරක්ෂකයනුත් නිර්දෝෂී උපාසක අප්පුලා නම් එතකොට රටේ අනිත් දේශපාලක පක්ෂ සහ ඒවාට ඡන්දෙ දෙන මිනිස්සු තමයි දැන් එතකොට නරක මිනිස්සු වෙලා තියෙන්නේ. බලයට තිබෙන කෑදරකමට දැන් ඉතින් මුළු රටේම ඉන්න අනෙක් මිනිසුන්ට ඇඟිලි දික් කර කර චෝදනා කරනවා. මෙතුමා බලයේ ඉන්නකොට දේශපාලන හස්ත ක්‍රියාත්මක වුණේ නැද්ද ? කෝ දැන් සුදු වෑන් භීතිකාව රටේ නැහැනේ. ඒකට මොකද වුණේ? (නි)

:       0       0

රෝහිත් Thursday, 07 May 2015 03:49 PM

හසිත් කියන්නේ පුද්ගලික කෝන්තරයකට පොරෝ පාරක් කාල මැරුණු මලයටයි රට කොටින්ගෙන් රැක ගන්න සවියක් වුණු මලයටයි ඒ ඒ අයගේ අයියලා එක ම හැන්දෙන් බෙදන්න ඕනෙය කියලද? (බ)

:       0       0

රංග Wednesday, 06 May 2015 02:01 AM

ඔබතුමාට තවමත් තේරිලා නැත්තේ ඔය වටේට ඉන්න කට්ටිය නිසා ඔබතුමා අමාරුවේ වැටුන බව. අනේ ඇත්තට දැන්වත් ඕක තේරුම් ගන්න. කාලා බලලා නැත්නම් ආරක්ෂකයන්ගේ ගුණ යහපත්කම ගැන අලගු තියන්න යන්න එපා. ඉස්සර ඉඳන්ම ඒ මිනිසුන්ගේ චර්යාව ගැන මේ සාමාන්‍ය මහජනයා වන අපේ කිසිම පැහැදීමක් නැහැ . (නි)

:       0       0

මහේන් Wednesday, 06 May 2015 02:02 AM

එතකොට ඒ කාලයේ ක්‍රියාත්මක වුණ දේශපාලන කකුල් මතක නැද්ද ? (නි)

:       0       0

හසිත් Wednesday, 06 May 2015 02:12 AM

මම නම් කියන්නේ ඔබතුමා ඔය පවුලේ උදවිය සහ අන්තේවාසික අයගේ දුක්ගැනවිලි පුද්ගලික මට්ටමින් බලාගන්නවා මිසක් ඒවා ජාතික ප්‍රශ්න කරන්න උත්සාහ ගන්න එපා. දැන් රටේ තිබෙන ලොකුම ප්‍රශනය හිටපු ජනාධිපතිගේ සහෝදරයා , ආරක්ෂකයා සහ ඇමති අත්අඩංගුවට පත්වීම නෙමෙයි. බලන්න මෛත්‍රී මැතිතුමාගේ සහෝදරයා වෙනත් කෙනෙකු අතින් මරණයට පත්වෙලාත් එතුමා රට වටේ ඒක ගැන කියව කියවා යනවාද? (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 06 May 2015 03:01 AM

කොහොම උනත් මහින්ද මහත්තයාගේ දුක් ගැනවිල්ල බලන්න ලක්ෂ 58ක් හිටපු වගත් දැනටත් ඉන්න වගත් දැන් ඒ ප්‍රමාණය එයිට වඩා ගොඩක් වැඩි බවත් මතක තියාගන්න,,එතුමාට රිද්දන්න රිද්දන්න එතුමා තවත් බලගතු වෙනවා..හරියට රත් වෙච්ච යකඩයක් වගේ..තලන්න තලන්න තමයි එකේ හයිය හක්තිය වැඩි වෙන්නේ..(බ)

:       0       0

සුමුදු හේවා Wednesday, 06 May 2015 04:15 PM

හසිත්ලා අමතක කරන්න හැදුවට මොකද හිටපු ජනාධිපතිගේ සහෝදරයෝ කියන්නේ කොටින්ගෙන් රට බේරාගැනීමේ සටනේදී රටට මෙහෙයක් කළ අය නිසා ඔවුන්ගෙන් එළව එළවා පළිගැනීම ජාතික මට්ටමින් කතා කළයුතු තමයි. (නි)

:       0       0

චන්දන - ඔස්ට්‍රේලිය Wednesday, 06 May 2015 05:23 AM

පිවිතුරු යහපාල මහත්තයෝ, මහින්ද මහත්තයාට ලක්ෂ 58ක් තවමත් ඉන්නවා නම් තනියම ඡන්දෙ ඉල්ලන්න කියන්නකෝ (නි)

:       0       0

රෝහිත් Wednesday, 06 May 2015 04:19 PM

දැන් ලංකාවේ හැමදේම සිද්ධ වෙන්නේ දේශපාලනයට අනුවයි.(හේ)

:       0       0

සොමිලතා Wednesday, 06 May 2015 05:26 AM

පිවිතුරු යහපාල අයියේ, දවල්ද....? (නි)

:       0       0

මංගල Wednesday, 06 May 2015 05:27 AM

මොකක්ද ඒ හස්තය? (නි)

:       0       0

මයුර Wednesday, 06 May 2015 05:27 AM

කෝ මේ අනෙක් සළුවඩන නිලමේ සුමුදුහේවා ? දැන් දවස් කීපයක ඉඳල ආගිය අතක් නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site