IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


දේශපාලන හිතවතුන් රජයේ ආයතනවල හොරෙන් වැඩ

(සුජිත් හේවාජුලිගේ )

රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව  සේවක සේවිකාවන්  අට දහසකට ආසන්න පිරිසක් සේවයේ යොදවාගෙන සිටින බව වාර්තා වේ.

මේ සේවක  සේවිකාවන් සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ අවධානය යොමුවී ඇත.

මෙලෙස සේවයේ යෙදී සිටින වැඩි පිරිසක්  පසුගිය රජය සමයේදී  දේශපාලන හිතවත්කම් මත  බඳවා ගනු ලැබූ අය බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් පැවසේ.

මින් වැඩිදෙනෙකුට  ඒ ඒ ආයතනවල නිශ්චිත කාර්යභාරයක් හෝ විෂයානුකූල වැඩ   පැවරීමක් හෝ කර නැතැයිද  දැනගන්නට  ඇත.

මේ තත්වය නිසා රටට රුපියල් කෝටි ගණනක  පාඩුවක් සිදුවන බව ගණන් බලා ඇත.

පවතින ආර්ථික තත්ත්ව යටතේ සේවකයන්  ඉවත් කිරීම වෙනුවට  ඔවුන්ට යම් නිශ්චිත වැඩ පැවරීමක් කර  ඔවුන්ගේ සේවය  රටේ සංවර්ධනය සඳහා  යොදාගැනීමටද රජයේ අවධානය  යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් අප  රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්  ජේ.ජේ  රත්නසිරි  මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව  සේවයේ යොදවා සිටින   පිරිස් සිටී නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම  ආයතන ප්‍රධානීන්ට පැවරී ඇති වගකීමක් බවයි.



අදහස් (5)

දේශපාලන හිතවතුන් රජයේ ආයතනවල හොරෙන් වැඩ

කිරි පුතා Saturday, 26 February 2022 10:28 AM

ප්‍රධාන පක්ෂ දෙකම මෙච්චර කාලයක් කළේ තම හෙන්චයියන් ගෙන රාජ්‍ය ආයතන පුරවපු එක. දැන් ඔය රතු ගාගෙන ඉන්න අය කළේ රටපුරා වැඩ වර්ජන කරකර රට බංකොලොත් කරපු එක. ඔන්න දැනට පවතින පක්ෂ තුනේ පැටිකිරිය...!

:       1       17

Lalith M Saturday, 26 February 2022 11:07 AM

සියලු හොර වැඩ පසුගිය රජය... මේ රජය බබාලා....

:       2       23

පැරකුම්Saturday, 26 February 2022 12:25 PM

අනේ ලලිත්, ඔය “සිංහල” කියන මෝඩ රැල ඉන්නකල් මේ රට ගොඩ ගන්නවා බොරු…!

:       4       16

Rexi Saturday, 26 February 2022 02:20 PM

සිංහල කිව්වට ඒකෙත් සිංහල බෞද්ධ අන්තවාදී කොටස් පමණයි... හැම සිංහල කෙනාම නෙමෙයි.

:       0       11

Raveendra Saturday, 26 February 2022 01:11 PM

"මෙලෙස සේවයේ යෙදී සිටින වැඩි පිරිසක් පසුගිය රජය සමයේදී දේශපාලන හිතවත්කම් මත බඳවා ගනු ලැබූ අය බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් පැවසේ." මෙම වාක්‍ය නම් මධ්‍යස්තව සිතීමට ඥාණය තිබෙන මිනිසුන්ට "අවංකවම කිසිසේත්ම පිළිගැනීමට නොහැක." මක්නිසාදයත් දශක කීපයක සිටම අප රටේ දියවන්නාව පට්ටියේ බලය ලබාගත් මිහරකුන් සෑම දෙනෙක්ම තම තමන්ගේ පක්කලියන්, බෝලකාරයින් තම අභිමතය පරිදි සේවයට බඳවාගෙන මහජන මුදලින් වැටුප් ගෙවීමට කටයුතු කළ බව නොරහසකි. දැන් බලයේ ඉන්න හරකුන් කරන්නෙත් එයම නොවේද..?.

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 268 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 617 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site