IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දේශපාලන ලැයිස්තු කුණු කූඩෙට

දේශපානඥයින්ගේ ලැයිස්තුවලින් පළමු ශ්‍රේණියටමින් ඉදිරියට දරුවන් ඇතුළු නොකෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සෑම දරුවකුටම අධ්‍යාපනය ලැබීමේ සම අවස්ථා හිමිවිය යුතු බව කියන අමාත්‍යවරයා එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාත්මක කරවීම තම අරමුණ බවද පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (26) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒ අනුව මින් ඉදිරියට පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ලැයිස්තු, වෙනත් දේශපාලනඥයින්ගේ ලැයිස්තු හෝ කාල්ටන් වැනි පෙර පාසල්වලින් එන ලැයිස්තුවලින් පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (0)

දේශපාලන ලැයිස්තු කුණු කූඩෙට

සුනිල් ජයන්ත Monday, 26 January 2015 08:15 AM

ඔන්න ඔහොම යමු (නදී)

:       0       0

චාන්දනී Monday, 26 January 2015 08:48 AM

ඔය නීතිය දිගටම තිබෙනවා නම් ඉතා හොඳයි.(හේ)

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Monday, 26 January 2015 10:12 PM

කුමාරිටත් හිතට බොහොම අමාරුයි වගේ. (බ)

:       0       0

නිමල් ලාලිත Monday, 26 January 2015 09:36 AM

අනේ ගරු ඇමති තුමනි. 1 වන ශ්‍රේණියට ඇතුළු කළ යුතු සියලු දෙනාම ඇතුළත් කර ගැනීමට විදුහල්පතින්ට අවශ්‍ය ගොඩනැගිලි සහ අනෙකුත් පහසු කම්ද සැපයීමට කටුයුතු කරන්න. නැත්නම් ගැමි විදුහල්පති අතර ගැටුම් තමයි (බ)

:       0       0

මාටින් Monday, 26 January 2015 09:44 AM

තනියම බුදු වෙන්න ගිය ඔය වගේ අය ඉස්සරත් හිටිය..දේශපාලනයේ පරිනත බව ඇති කරගන්න, ...මහ ඇමතිලා කියන්නෙත් ජනතා නියෝජිතයින් බව සිහි තබාගෙන ගියොත් දේශපාලනයේ දුර ගමනක් යන්න පුළුවන් වෙයි. (හේ)

:       0       0

බණ්ඩාර Monday, 26 January 2015 10:02 AM

ඔබතුමා වගේ තරුණ දේශපාලඥයෙක් අද ලැබෙන එක ඡන්දයක් දෙකක් ගැන හිතන්නේ නැතුව මේවගේ දිගුකාලීන ප්‍රතිඵල ලැබෙන දේ කළොත් ඔබට බොහෝ දුර ගමනක් ගෞරවනීයව යන්න අවස්ථාව ලැබේවි ... ඔබතුමා මේ නීතිය අකුරටම කියාත්මක කළොත් පහළ ඉන්න ගෝලබාලයෝ නිකම්ම අවනත වේවි. ... ඔබ තුමාට ඒ සදහා අවශ්‍ය ශක්තිය බලය ලැබේවි ... (බ)

:       0       0

ශීලා Monday, 26 January 2015 10:02 AM

ඔබතුමා වගේ තරුණ දේශපාලක්නයෙක් අද ලැබෙන එක ඡන්දයක් දෙකක් ගැන හිතන්නේ නැතුව මේවගේ දිගුකාලීන ප්‍රතිපල ලැබෙන දේ කළොත් ඔබට බොහෝ දුර ගමනක් ගෞරවනීයව යන්න අවස්ථාව ලැබේවි ... ඔබතුමා මේ නීතිය අකුරටම කියාත්මක කළොත් පහළ ඉන්න ගෝලබාලයෝ නිකම්ම අවනත වේවි. ... ඔබ තුමාට ඒ සඳහා අවශ්‍ය ශක්තිය බලය ලැබේවි ...(බ)

:       0       0

චින්තක Monday, 26 January 2015 10:26 AM

ගරු ඇමතිතුමනි, මෙතෙක් මා තුළ ඔබ ගැන තිබුනේ වැරදි සිතුවිල්ල්ලකි. ඔබගේ ඔවැනි ක්‍රියා තුළින් ඔබ සැබෑම ජනතා නායකයකු බව පෙනේ.ඔබට ජයෙන් ජය. (බ)

:       0       0

කුමාර් Monday, 26 January 2015 10:45 AM

ඔබතුමා කියන ආකාරයට වැඩ සිදුවුනොත් දුප්පත් දරුවන්න්ට ලොකු ආශිර්වාදයක්. (හේ)

:       0       0

හරිත Monday, 26 January 2015 11:20 AM

කියන විදියට වෙනවා නම් කොච්චර අගේද?(හේ)

:       0       0

කුමාරි Monday, 26 January 2015 12:31 PM

මෙන්න තවත් ලොකුම විහිළුවක්. (අ)

:       0       0

රසිකා Monday, 26 January 2015 12:40 PM

මාටින් ගේ කවුරු හරි ලිස්ටෙකේ ඉන්නවද?... සෑහෙන්න රිදිලා.. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site