දේශපානඥයින්ගේ ලැයිස්තුවලින් පළමු ශ්‍රේණියටමින් ඉදිරියට දරුවන් ඇතුළු නොකෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
සෑම දරුවකුටම අධ්‍යාපනය ලැබීමේ සම අවස්ථා හිමිවිය යුතු බව කියන අමාත්‍යවරයා එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාත්මක කරවීම තම අරමුණ බවද පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (26) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ අනුව මින් ඉදිරියට පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ලැයිස්තු, වෙනත් දේශපාලනඥයින්ගේ ලැයිස්තු හෝ කාල්ටන් වැනි පෙර පාසල්වලින් එන ලැයිස්තුවලින් පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොම යමු (නදී)
ඔය නීතිය දිගටම තිබෙනවා නම් ඉතා හොඳයි.(හේ)
කුමාරිටත් හිතට බොහොම අමාරුයි වගේ. (බ)
අනේ ගරු ඇමති තුමනි. 1 වන ශ්‍රේණියට ඇතුළු කළ යුතු සියලු දෙනාම ඇතුළත් කර ගැනීමට විදුහල්පතින්ට අවශ්‍ය ගොඩනැගිලි සහ අනෙකුත් පහසු කම්ද සැපයීමට කටුයුතු කරන්න. නැත්නම් ගැමි විදුහල්පති අතර ගැටුම් තමයි (බ)
තනියම බුදු වෙන්න ගිය ඔය වගේ අය ඉස්සරත් හිටිය..දේශපාලනයේ පරිනත බව ඇති කරගන්න, ...මහ ඇමතිලා කියන්නෙත් ජනතා නියෝජිතයින් බව සිහි තබාගෙන ගියොත් දේශපාලනයේ දුර ගමනක් යන්න පුළුවන් වෙයි. (හේ)
ඔබතුමා වගේ තරුණ දේශපාලඥයෙක් අද ලැබෙන එක ඡන්දයක් දෙකක් ගැන හිතන්නේ නැතුව මේවගේ දිගුකාලීන ප්‍රතිඵල ලැබෙන දේ කළොත් ඔබට බොහෝ දුර ගමනක් ගෞරවනීයව යන්න අවස්ථාව ලැබේවි ... ඔබතුමා මේ නීතිය අකුරටම කියාත්මක කළොත් පහළ ඉන්න ගෝලබාලයෝ නිකම්ම අවනත වේවි. ... ඔබ තුමාට ඒ සදහා අවශ්‍ය ශක්තිය බලය ලැබේවි ... (බ)
ඔබතුමා වගේ තරුණ දේශපාලක්නයෙක් අද ලැබෙන එක ඡන්දයක් දෙකක් ගැන හිතන්නේ නැතුව මේවගේ දිගුකාලීන ප්‍රතිපල ලැබෙන දේ කළොත් ඔබට බොහෝ දුර ගමනක් ගෞරවනීයව යන්න අවස්ථාව ලැබේවි ... ඔබතුමා මේ නීතිය අකුරටම කියාත්මක කළොත් පහළ ඉන්න ගෝලබාලයෝ නිකම්ම අවනත වේවි. ... ඔබ තුමාට ඒ සඳහා අවශ්‍ය ශක්තිය බලය ලැබේවි ...(බ)
ගරු ඇමතිතුමනි, මෙතෙක් මා තුළ ඔබ ගැන තිබුනේ වැරදි සිතුවිල්ල්ලකි. ඔබගේ ඔවැනි ක්‍රියා තුළින් ඔබ සැබෑම ජනතා නායකයකු බව පෙනේ.ඔබට ජයෙන් ජය. (බ)
ඔබතුමා කියන ආකාරයට වැඩ සිදුවුනොත් දුප්පත් දරුවන්න්ට ලොකු ආශිර්වාදයක්. (හේ)
කියන විදියට වෙනවා නම් කොච්චර අගේද?(හේ)
මෙන්න තවත් ලොකුම විහිළුවක්. (අ)
මාටින් ගේ කවුරු හරි ලිස්ටෙකේ ඉන්නවද?... සෑහෙන්න රිදිලා.. (අ)