අනුරාධපුර පළාත් සභා මන්ත්‍රී අනුර බුද්ධික ගුණසේකර මහතාගේ රියදුරා අනුරාධපුර අධිකරණ භූමිය අසළදී මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ මහතාට පහර දී ඇතැයි ද, තොල කටින් ලේ ගලමින් ඔහු රෝහල් ගත කළේයැයි ද, රෝහල් ආරංචි කියයි.
දෙදෙනා අතර පැරණි ආරවුලක් ඊට හේතු වන්න ඇතැයි පොලිසිය කියයි.
පහරදුන් බව කියන රියදුරා අනුරාධපුර පොලිසියට පැමිණි බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝලයොත් එකයි, ගුරාලත් එකයි. හයිය ඇති විපක්ෂයක් හිටියා නම් මේ අයට උත්තර දෙන්ඩ පුළුවන්.(නදී)
දැන් පොලිසියට එයාලගේ කැමැත්තට වැඩ කරන්න බැහැ දේශපාලුවෝ ඉන්නකම්.(නදී)
පලා බබාලයි එයාලගේ ඇම්බැට්ටයෝයි රටේ බාල පරපුරයි රටයි දෙකම කනවා (නි)
අසව් !අසව් !!.අද හෙට ම තවත් විරෝධතා පෙළ පාලියක්. අධිකරණ භුමියේ පොලිස් ආරක්ෂාවක් තිබියදීත් ,විධායක රියදුරා පෙන්නලා තියෙන්නේ තම පළාත් සභා මන්ත්‍රීගේ හයිය. අපි උඩ බොත්තම දමා නොසිටියොත් බලන්න ඕන සාජන්ගේ සැර. කොළඹ සිට ඉඩම් නඩුවකට ගමේ උසාවියට ගියවෙලාවෙ නොදැනුවත් කමින් නීතිඥ රථ ගාලේ වාහනය නැවත් වුවා කියලා මගේ රියදුරුට එවෙලේම 1000/= ක් දඩ නියම කළා. අධිකරණ භුමියේ ලොකු කම් ඇට වූ රියදුරා නඩුකාර උන්නාන්සේට ඉද්රිපත්කර කුඩු කරන්න රාජකාරියේ යෙදී සිටි පොලිසීය බයවෙන්න ඇති නේද ?(නදී)
නැතුව නැතුව. රියදුරා කිව්වට එසේ මෙසේ කෙනෙක්යැ. පලා බබෙකුගේ රියදුරු මහත්තයෙක්නේ. ඉතින් ඕන කෙනෙකුට ගහන්න අයිතිවාසිකම් උරුමයෙන් ලැබෙනවනේ.(නදී)
රියදුරෝ, ආරක්ෂකයෝ, වැනි නම් වලින් මේ අය වටේට ඉන්නේ 'පාතාලයෝ'.(නදී)
ප්‍රාදේශීය නායකයන් ලග වැඩකරන අයත් මෙහෙමද හැසිරෙන්නේ. හැම දේම කතා කරන්නේ ප්‍රාදේශීය නායකයන් ගැන. ඔල මොට්ටලයන්ට බැරිද තමන්ගේ සේවකයන්ට ආචාර ධර්ම පද්දතියක් හදුන්වලා දෙන්න.(නදී)
පුද්ගලික දෙයකටද ?? (නි)
මේ හැමදේටම මුල ජනතාවගේ මුදලින් ජනතාවගේ කරපිටින් කතිරෙන් තෝරපු එකම නේද? මහජනයාට ඇතිවුන සෙත මේකද?(නදී)
මාර වැඩේ ඔක්කොම චන්ඩි වෙලා. කොටි හිටපු කාලේ මේ ඔකොම මීයෝ, බල්ලෝ වගේ සද්ද වහලා හිටියේ. දැන්ත මයි අලුගසා දාලා එන්නේ. ආසියාවේ ආස්චර්‍ය.(නදී)
පලා බබ්බුත් එකයි ගෝලයොත් එකයි. මේ විදියට ගියොත් අපිට අනාගතයක් හොයන්න ඉතුරුවෙන්නේ නැහැ. (නි)
කාට වුනත් කමක් නැහැ. වැරදි නම් දෙන්න තියෙන්නේ රිදෙන්න (නි)