දකුණේ දේශපාලනඥයකුගේ හිතවතකු බව කියන ධනවත් ව්‍යාපාරිකයකු ඇඹිලිපිටිය සෙවනගල වැලිආර සමගිපුර අනවසරයෙන් පවත්වාගෙන ගිය බව කියන මැණික් පතලක් මැණික් හා ස්වර්ණාබරණ අධිකාරිය අද වැටලීය.
සැකකරුවන් තිදෙනකු සමග එක්ස්කැවේටරයක් හා උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ එක හමාරක දඩයක් ද නියම කළේය.
රජයේ ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම් හිමිනමක් ඔවුන් මුදා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ පසු දඩය ගෙවූ බවත්, ඉන් පසු උපකරණ හා සැකකරුවන් මුදා හළ බවත් අධිකාරිය පවසයි.
කොළඹ විශේෂ වැටලීම් ඒකකයේ ක්‍රියාත්මක කිරීමේ නිලධාරී ඉඳුනිල් මුතුකුමාර, ආරක්ෂක නිලධාරීන්වන පී ඒ ඇන්ඩෘසන්, පී එස් එල් මහේෂ්, වී ඒ චන්ද්‍රසිරි යන නිලධාරීහු ද උඩවලව පොලිස් විශේෂ බලකා කඳවුරේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් ඩී එම් සමරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ද මෙම වැටලීමට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති ගේ නමයි සම්බන්ධිකරණ ලේකම්ගේ නමයි දාන්නකෝ ඊළඟ පාරත් අපි කතිරේ ගහන්න. (අ)
අපි දැන් මේ දේවල් වලට මොනවත් කියන්නේ නැහැ . අන්තිමේ සමහරු නවතින්නේ අපිව පිට රට ඉන්න දේශ ද්‍රෝහියෝ කියලා . වෙනදා හරවත් අදහස් ලියන උදවියත් දැන් නිශ්ශද්ධ වෙලා වගේ. හේතුව ඉතා පැහැදිලියි. (අ)
මෑත කාලයේ දඩුවමක් ලැබුන එකම දේශපාලකයා ගුරුවරිය දණ ගස්සපු එක්කනා පමණි. දුස්සීල හාමුදුරුවරුත් වංචනික දේ්ශපාලකයත් දෙන්නම රටට කරන්නේ විනාශයක්. රටෙි බහුතරය බෞද්ධ නිසා හාමුදුරුවරු ආදර්ශමත් කරවිය යුතුයි. රට පාලනය කරන්නේ දේශපාලකයින් නිසා බහුතරය හොරුන් වන දේශපාලකයින්වත් පන්නා දැමිය යුතුයි.(නදී)
මී අයගේ නම් ප්‍රසිද්ද කරන්ඩ,අපිට ඒ අයට මනාපේ දෙන්ඩ ඔනෑ (අ)
කවුරුවත් මොකුත් නොකියා ඉන්නේ කියලා වැඩක් නැති නිසා. නිශ්ෂබ්දව ඉඳලා අනික් සැරෙත් ඡන්දෙ දෙනවා. ඕක වෙනස් කරන්න බැහැ දැන්.වෙනස් කරන්න කෙනෙකුත් නැහැ. (අ)
මේ දේවල් වලට ප්‍රතිචාර ලියලා වැඩක් නැහැ බිමල්. තමන්ගේ අසවල් දර්ශනය අනුව සිදුවෙන හැම දෙයක්ම සාධාරණීකරණය කරන ගමන් වෙනත් අදහස් ලියන උදවියට ඉතා අප්‍රසන්න විදියට අමතන අයත් ඉන්නවා. (අ)
දැන් කාන්තා පාර්ශවයේ අදහස් ලිය වෙන්නේ නැහැනේ . හැබැයි ඉතින් හේතුව බිමල් කියු දෙය නම් පුදුම වෙන්නත් දෙයක් නැහැ . සමහරුන්ගේ නිරන්තර නරක උපහාස නිසා සමහර පාර්ශවය පැත්තකට වෙලා වගේ. (අ)
රට ආගාධයට වැටුණේ දේශපාලකයෝ නිසා (ස)
බිමල්,ඔබ හරියට හරි. දේශප්‍රේමීන්ට ජය වේවා!! (නි)
බෞද්ධ භික්ෂුවක් මේ වගේ දේකට මැදිහත්වීම ගැන බෞද්ධ විරෝධී බලවේග ගන්නා පියවර දෙස අපි බලාසිටිමු (නි)
උසාවි දමා දඩුවම් ලබාදෙන්න කටයුතු කරන්න (නි)